අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිළිකා පර්යේෂිකා අශානි වීරරත්නට අමෙරිකානු ජනපතිගෙන් ඉහළ පත්වීමක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති, ජෝන්ස් හොප්කින්ස් විද්‍යාඥවරියක වන අශානි වීරරත්න අමෙරිකාවේ ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කටයුතු කිරීම සඳහා එරට ජනාධිපති ජෝ බිඩෙන් විසින් පත් කර ඇත.

ධවල මන්දිරය සැප්තැම්බර් 15 දා මෙම පත්වීම නිවේදනය කළේය.

ඇය මෙලනෝමා සහ පිළිකා හේතුවෙන් වයසට යෑමේ බලපෑම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකි.

අමෙරිකාවේ ජාතික පිළිකා වැඩසටහනේ ක්‍රියාකාරිත්වය පිළිබඳව එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ ජාතික පිළිකා ආයතන අධ්‍යක්ෂවරයාට උපදෙස් හා සහාය ලබා දීම ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ කාර්යභාරයයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෞඛ්‍ය හා විද්‍යාවේ ප්‍රමුඛ නියෝජිතයින්ගෙන්, රාජ්‍ය ප්‍රතිපත්ති, නීතිය, සෞඛ්‍ය ප්‍රතිපත්ති, ආර්ථික විද්‍යාව, කළමනාකරණය සහ පරිසර නායකයින්ගෙන් මෙවැනි පුද්ගලයින් තෝරා ගනු ලැබේ. ජාතික පිළිකා උපදේශක මණ්ඩලය එහි ක්‍රියාකාරකම් අතර පර්යේෂණ, පුහුණුව, සෞඛ්‍ය සේවා තොරතුරු සහ පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුල් සඳහා වැඩසටහන් ආදිය සම්බන්ධයෙන් ද කටයුතු කරයි.

ඇය, ජෝන්ස් හොප්කින්ස් බ්ලූම්බර්ග් ප්‍රජා සෞඛ්‍ය විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව පිළිබඳ ඊ.වී.මැකොලම්හි සභාපතිවරිය ලෙසත්, බ්ලූම්බර්ග්හි කීර්තිමත් මහාචාර්යවරියක ලෙසත්, සිඩ්නි කිම්මල් විස්තීර්ණ පිළිකා මධ්‍යස්ථානයේ පිළිකා ආක්‍රමණ හා මෙටාස්ටැසිස් වැඩසටහනේ සම-නායකවරිය ලෙසත් ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පිළිකා රෝග පිළිබඳ මහාචාර්යවරිය ලෙසත් කටයුතු කරයි.

ලොව පුරා මරණ සඳහා ප්‍රධාන තැනක් ගන්නේ පිළිකා ය. ඒ පිළිකා වැළැක්වීම, කල් ඇතිව හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමේ නව වැඩපිළිවෙළවල්, සොයාගැනීම් හෝ ඒවායෙහි ඇති ප්‍රගතිය නොතකා ය.

මහාචාර්ය වීරරත්නගේ පර්යේෂණයන් අවධානය යොමු කරන්නේ පාරිසරික ක්ෂුද්‍ර වර්ග – සාමාන්‍ය සෛල හා ගෙඩියක් වටා ඇති ව්‍යුහයන් – මෙටාස්ටැසිස් සහ ප්‍රතිකාර ප්‍රතිරෝධය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව ය. මෙලනෝමාවල වයසට යාමට හේතුවන ක්ෂුද්‍ර පරිසරය මෙටාස්ටැසිස් හා ප්‍රතිකාර ප්‍රතිරෝධයට බලපාන්නේ කෙසේදැයි අධ්‍යයනය කළ පළමු පර්යේෂිකාව ඇයයි. ඇගේ අධ්‍යයනයන්හි ගෙඩියේ සහ ප්‍රතිශක්තිකරණ සෛලවල පටක හරහා සංක්‍රමණය වීමේ හැකියාව කෙරෙහි බලපාන ජෛව භෞතික වෙනස්කම් ඇතුළත් වේ. ඉලක්ක කරගත් චිකිත්සාව සහ ප්‍රතිශක්ති චිකිත්සාව යන දෙකෙහිම වයස් සම්බන්ධ වෙනස්කම් ඇගේ පර්යේෂණ මඟින් සොයාගෙන ඇත.

ඇයගේ පර්යේෂණ වලට අමතරව සමේ ​​ආරක්‍ෂාව පිළිබඳවද කටයුතු කර ඇති අතර විද්‍යාවේ විවිධත්වය වෙනුවෙන් කැපවී පෙනී සිටින්නියකි.

“ජාතික පිළිකා උපදේශක මණ්ඩලයට නම් කිරීම ගැන මම ගෞරවයට හා නිහතමානී වෙමි යැයි වීරරත්න පවසයි. මීට වසර ගණනාවකට පෙර දකුණු අප්‍රිකාවේ, ලෙසෝතෝවේ සිටි තරුණියක් ලෙස, එවැනි අවස්ථාවක් ලැබෙනවා කියාවත් මට සිතාගත නොහැකි විය. මට ගුරුහරුකම් දුන් අයටත්, මම දැන් උපදේශකයෙකු වීමට සිටින සිසුන්ටත්, පිළිකාවෙන් පෙළෙන සෑම පුද්ගලයෙකුටත් මම ස්තූතිවන්ත වෙමි. ජාතික පිළිකා ආයතනයේ මෙහෙවරට අපි සහයෝගය දක්වන හෙයින් ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ මගේ සගයන් සමඟ වැඩ කිරීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ” ඇය කීවාය.

මේරිලන්ඩ්හි ශාන්ත මරියා විද්‍යාලයෙන් වීරරත්න ජීව විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ඇති අතර ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඖෂධවේදී දෙපාර්තමේන්තුවේ අණුක සහ සෛලීය පිළිකා අධ්‍යයන පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තාය.

1998 සිට 2000 දක්වා ඇය ජාතික මානව ජෙනෝම් පර්යේෂණ ආයතනයට මාණ්ඩලික විද්‍යාඥවරියක් ලෙස සම්බන්ධ වීමට පෙර ජෝන්ස් හොප්කින්ස් හි සිඩ්නි කිම්මල් විස්තීර්ණ පිළිකා මධ්‍යස්ථානයේ පශ්චාත් ආචාර්ය උපාධිධාරිනියක් වූවාය.

2003 දී ඇය වයසට යාම පිළිබඳ ජාතික ආයතනයට ගිය අතර එහිදී ඇය විසින්ම පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කළාය. 2011 දී ඇය විස්ටාර් ආයතනයට සම්බන්ධ වූ අතර 2019 දී ජෝන්ස් හොප්කින්ස් වෙත පැමිණීමට පෙර සිය පර්යේෂණ කටයුතු කරගෙන ගියාය. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලයෙන් නිකුත්වීමට නියමිත පිළිකා නොවැලැක්විය හැකිද? පොතේ කතුවරිය ඇයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ මැරයෝ ඇඳිරිනීතිය මැද කන්කසන්තුරය පොලිසිය ඉදිරිපිට පොලුවලින් පහර දී තරුණයෙක් ඝාතනය කරති…

Next Post

නාමල් අනුරාධපුර දෙමළ සිරකරුවන් බලන්නට යෑම සාධනීය තත්වයක්… ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.