පිස්සූ පූසා කොමිෂන් වාර්තාව පිළිබඳ ව විමර්ශෂණය කිරීමට පත් කළ විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාව තමන් පාර්ලිමේන්තුව තුළ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවා ඇති බවත් තමන් එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ට වරප්‍රසාද සහ අයිතවාසිකම් පනත යටතේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සභාව තුළ ප්‍රකාශ කරන දේ සම්බන්ධයෙන් එයින් පිටතදී ප්‍රශ්න කිරීමේ හැකියාව නොමැති බව පෙන්වා දුන් බවත් අද එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පවතින අර්බුදය සම්බන්ධයෙන් අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය අතරතුර වරපුසාද ප්‍රශ්නයක් අසමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කථානායකවරයා වෙත දන්වා සිටි අතර එහිදී ඔහු අවධාරණය කළේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් පනත යටතේ පාර්ලිමේන්තුව තුළ භාෂණයේ සහ අදහස් ප්‍රකශහ කිරීමේ නිදහස තහවුරු කර ඇති අතර එයන් පිට කිසිදු තැනකදී පුශ්න කිරීමට ලක් නොකළ යුතු බවය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශණය කිරීම සඳහා මෙම රජය පත්වීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසම ඔහු පිස්සු පූසා කොමිසම ලෙසින් හැඳින්වූ අතර මෙම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පසුව පත් කරන ලද විශේෂ ජනාධිපකි කොමිසමට මෙසේ ඔහු කැදවා ඇති බව සඳහන් කළේය. මේ වනවිට මෙම පිස්සු පූසා කොමිසම විසින් සකස් කරන ලද වාර්තාව මානව හිමිකම් කවුන්සිලය මඟින්ද අභියෝගයට ලක් කර ඇති පසුබිමක් තුළ මෙම වාර්තාව ශ්‍රි ලංකා රජය විසින් පිලිගනු ලබන්නේද යන්න සම්බන්ධයෙන් ස්ථිර නිගමනයට රජය එලඹිය යුතු බවද පෙන්වා දුන්නේය.
එසේම මෙම කොමිසම ට අධිකරණ බලයක් නැති බවත් එය පාර්ලිමේන්තුවට වගකිව යුතු කොමිසමක් හෙයින් මේ සම්බන්ධයෙන් කැඳවා ප්‍රශ්න කළ හැකි බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.







