බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිටරටින් කාබනික පොහොර ගේන්න එපා… නිදාගෙන ඉන්න යක්කුත් ඇහැ‍රෙන්න පුළුවන් – මහාචාර්ය සමන් සෙනෙවීර

by editor
ඔක්තෝබර් 10, 2021
in පුවත්
Prof-Saman-Senaweera

මහාචාර්ය සමන් සේනවීර

Share on FacebookShare on Twitter

සංවාදය – චාමින්ද වාරියගොඩ

කාබනික කෘෂිකර්මය ඉතාම හොඳ සංකල්පයක් වුවද එය නිසි විද්‍යාත්මක අධ්‍යයනයකින් හෝ සැලසුමකින් තොරව සිදු කිරීම රටක ආහාර සුරක්ෂිතාව සම්බන්ධයෙන් සිදු කරන අතිශය බරපතල වැරැද්දක් බව ශ්‍රි ලංකා මූලික අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ පැළෑටි පිළිබඳ කායික විද්‍යාඥයකුවන මහාචාර්ය සමන් සෙනෙවීර පවසයි.

මහාචාර්ය සමන් සෙනෙවීර   රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ  උපාධිධරයෙකි. අමෙරිකාවේ ඉලිනෝයි, ජපානයේ තොහුකු, ඕස්ට්‍රේලියාවේ දකුණු ක්වින්ස්ලන්ඩ් සහ මෙල්බර්න් යන විශ්ව විද්‍යාලවල ශාක කායික විද්‍යාව සහ දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යයනය කළ මහාචාර්යවරයෙකි. වසර විසි පහකට වැඩි කාලයක් පර්යේෂණාත්මක අත්දැකීම් සහ සේවා පළපුරුද්දක් ඇති මහාචාර්ය සමන් ෙසෙනවීර ශ්‍රි ලංකාවේ ජාතික මුලික අධ්‍යයන ආයතනයේ මහනුවර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත්තෙකි.

ඔහු  ලංකාසර සමඟ කළ පිළිසඳරකට මෙසේ පළවෙයි

  • විද්‍යාත්මක පදනමකින් හෝ අධ්‍යයනයකින් තොරව මේ කරන්නට යන්නෙ රටේ ආහාර සුරක්ෂිතාව අනතුරේ හෙළන බරපතල ම වැරැද්දක්…

  • අප එක්වරම කාබනික පොහොර සඳහා ගියේ කිසිම විද්‍යාත්මක අධ්‍යයනයක් නොකර

  • අපි වගා කරන අවුරුදු 70ක් විතර සංවර්ධනය කළ භෝගවර්ග නිශ්චිත පෝෂක දෙන්නෙ නැතිව හදන්න බෑ… කාබනික ගොවිතැනේදි ඒ පෝෂක නිසි අයුරින් දෙන්න බෑ…

  • කාබනික ගොවිතැන කරනවා නම් ඒ සඳහා භෝග පවා අලුතින් සංවර්ධනය කළ යුතුයි. කළ යුත්තේ පොහොර සහනාධාරය වෙනුවට රසායනික පොහොර භාවිතය නියාමනය කර ගොවියාට මිලක් ලබා දීමයි…

  • Prof-Saman-Senaweera
    මහාචාර්ය සමන් සෙනෙවීර ක්ෂේත්‍රයේ දී දැනුම ප්‍රායෝගික කරමින්…

ප්‍රශ්නය – ශ්‍රි ලංකාව මේ මොහොතේ සිටින්නේ රසායනික පොහොර සහ සියලුම කෘෂි රසායනික දුව්‍ය ආනයනය තහනම් කර කාබනික කෘෂිකර්මයට පරිවර්තනය වෙන තීරණාත්මක තත්ත්වයක්. මෙ පිළිබදව දැනට පවතින විවාදයට ඔබ පිවිසෙන්නේ කොහොමද?

පිළිතුර – මේක අතිශයින්ම විවාදිත කරුණක් . මම හිතන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් හෝ අධ්‍යයනයකින් තොරව මේ කරන්නට යන දේ කාබනික කෘෂිකර්මය කොපමණ හොඳ සංකල්පයක් වුවද රටේ ආහාර සුරක්ෂිතාව අනතුරේ හෙළන බරපතල ම වැරැද්දක් විය හැකි බවයි. මේ තීරණය ගත්තේ කිසිදු විද්‍යාත්මක දත්තයක් ලබා නොගෙන. එයින් සිදුවිය හැකි බලපෑම පිළිබඳ ව කිසිදු විද්‍යාත්මක තක්සේරුවක් නොකර. එයින් රටේ ආහාර සුරක්ෂිතතාව බරපතල අනතුරකට ගෙන යා හැකියි.

ප්‍රශ්නය – ඔබ මේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ප්‍රශ්නය මේ තුළ අභියෝගයට ලක් කරන්නේ කොහොමද?

පිළිතුර – රටක කාෂිකර්මාන්තයේදී එහි මූලික අරමුණ රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව. එය තවදුරටත් පැහැදිළි කරනවා නම් අපිට තනිවම රටක් ලෙස අපේ ආහාර ප්‍රශ්නවලින් බහුතරයක් විසඳා ගත යුතුව පැවතිය යුතුයි. එසේ නැතිනම් අපට පිට රටක් මත අහාර සම්බන්ධයෙන් මුළුමනින්ම හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් යැපෙන්න සිදුවෙනවා. එය බරපතල සේ අනතුරුදායකයි.

මම ශාක කායික විදයාඥයකු ලෙස මෙය එක් විදයාත්මක දෘෂ්ඨි කෝණයකින් බලනවා. අද ලොකයේ ආහාර සඳහා වගා කරන බොහොමයක් භෝග අවුරුදු 70ක් පමණ කාලයක් තිස්සේ වැඩි දියණු කළ  ප්‍රභේද. මෙ ප්‍රභේද වගා කිරීමේ අරමුණ තමයි අඩු ඉඩකින් පවතින කාලගුණික තත්ත්ව සහ පාරිසරික තත්ත්ව යටතේ අඩු යෙදවුම් සහිතව වැඩි අස්වැන්නක් ලබා ගැනීම. ඒ වෙනුවෙන් බොහෝ බෝගවල ජානමය හො ප්‍රවේණික ලක්ෂණ දියුණු කර තිබෙනවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙහෙම හදන පැලෑටියකට නිශ්චිත අකාරයට අවශ්‍ය පෝෂක ලබා දිය යුතුයි. ඇත්තටම මේ පෝෂක  රසායනික පොහොරෙන් එනවද කාබනික පොහොරෙන් එනවද කියන එක ශාඛය දන්නේ නෑ. නමුත් නිසි අනුපාතයකින් එම පෝෂණ ද්‍රව්‍ය ලැබිය යුතුයි. ශාකයක හොඳ වර්ධනයකට  කොහොමටත් කවර වගාවකදී වුණත් කාබනික පොහොර අවශ්‍යයි. නමුත් අර විදිහට වැඩි දියුණු කළ ශාකයකට අවශ්‍ය නයිට්‍රජන් පොස්පරස් සහ පොටෑසියම් අනුපාතයන්ට අවශය ප්‍රමාණයන්  ලෙහෙසියෙන් කාබනික පොහාර මඟින් පමණක් ලබා දෙන්න බැහැ. ඒ සඳහා රසායනික පොහොර භාවිත කළ යුතුයි.

සමහර විට කාබනික වගාවට පරිවර්තනය වන පළමු කන්නයේදී   පසේ එතෙක් පවතින ගුණාත්මක බව හේතුවෙන්   සාර්ථක විය හැකි වුණත් දෙවන කන්නයේදී සහ එයින්අ පසු කන්නවලදී අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා.

ප්‍රශ්නය – ඒ කියන්නේ අපට කාබනික කෘෂිකර්මයට යන්නම බැරිද?

 

පිළිතුර – අදටත් අපි කාබනික කෘෂිකර්මය කරනවා. ඒක ඉතා හොඳ දෙයක්. නමුත් මේ සඳහා නිසි සූදානමක් තිබිය යුතුයි. අදටත් කාබනික නිෂ්පාදන අපේ වෙළෙඳපොලේ තිබෙනවා ඒවායේ මිල සියයට 300කින් විතර වැඩියි. ඊට හේතුව සාපේක්ෂව අස්වැන්න අඩු වීම. වස  විස වලින් තොරවීම වගේ කරුණු. මේ කාබනික නිෂ්පාදන සඳහා පවතින  නිශ්චිත වෙළෙඳපොළ ඉලක්ක කර අප නිෂ්පාදන සිදු කරනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් සමස්තයක් ලෙස මෙම කාබනික වගාවෙන්  පමණක් අපට මුලුමනින්ම රැකෙන්න අමාරුයි.

එහෙම යනව නම් අප ඊට අදාල පසුබිම සකස් කළ යුතුයි. බෝග සංවර්ධනය කළ යුතුයි.

අනෙක වැඩි අස්වනු දෙන නව්‍ය පාරිසරික තත්ත්වවලට උචිත ලෙස වැවෙන බෝග සඳහා අවශ්‍ය පොෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය  නිසි අනුපතයකින් ලබා ගැනීමට රසායනික පොහොර ඉතා ස්වල්පයක් අවශ්‍ය වෙද්දී කාබනික පොහොරෙන් මේ දේ කිරීමට විශාල කාබනික පොහොර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගන්නේ කොහොමද?. ඒ සඳහා අපට  ප්‍රමාණවත් තරම් කාබනික සම්පත් තිබිය යුතුයි. ඒ වගේම ඊට අදාළ යටිතල පහසුකම් තිබිය යුතුයි. යන්ත්‍ර සූත්‍ර තිබිය යුතුයි. දැනට අප එවැනි තත්ත්වෙක නැහැ.

ප්‍රශ්නය – රජය දැන් සූදානම් වෙන්නේ කාබනික පොහොර පිටරටින් ගේන්න?

පිළිතුර – එහිදි එන පළමු ප්‍රශ්නය අපේ වගාවට අවශ්‍ය තරම් අපේක්ෂිත අස්වනුවලට සහ පැළෑටිවල පෝෂ්‍ය දුව්‍ය අවශ්‍ය අනුපාතයට ලබා දිය යුතු මට්ටමකට කාබනික පොහොර අපිට ගෙන්වීම ප්‍රායෝගිකව අපහසුයි. අනෙක පිට රටකින් ඒ විදිහට කාබනික පොහොර ගෙන්වීමේ බරපතල අවදානමක් තිබෙනවා. මේ වනවිටත් ඒවායේ අහිතකර ක්ෂුද්‍ර ජීවි විශේෂ තිබෙනවා කියල තහවුරු වී තිබෙනවා. අපට මේයේ සිටින දසියලුම  ක්ෂුද්‍ර ජීවීන් පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් රසායානාගාර පහසුකම් නෑ.

ඒ  වගේම මෙම පොහොර ගෙන්වන්නට යන්නේ උප ඝර්ම කලාපීය දේශගුණික ලක්ෂණ පවතින චීනයෙන් . ඒවායේ ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් සිටියත් ශීත ගිම්හාන ආදී සෘතු විපර්සායන් තදින් පවතින දේශගුණික තත්ත්ව මත ඇතැම් ක්ෂුද්‍ර ජිවීන් අක්‍රියව පවතින්න පුළුවන්. මේ ක්ෂුද්‍ර ජීවීන් ඝර්ම කලපීය රටකදී යළි සක්‍රිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිදාගෙන ඉන්න යක්කුත් ඇහැරෙන්න පුළුවන්. සමහර විට අප නොදකින බැර ලෝහ මේ පොහොර සමඟ එකතු වී තිබිය හැකියි. ලෝකයේ එවැනි අත්දැකීම් පවතිනවා.

අනෙක මේ විදිහට නැව් ගණනින් කාබනික පොහාර රටට ගෙන්වීමේ දී යන වියදම, කාලය අවදානම සියල්ල බැලුවාම මෙයින් සිදුවන්නේ කාබනික පොහොර භාවිතයෙන් සිදුවන හොඳ ප්‍රතිඵලවටට සාපෙක්ෂව සමාජයීය , ආර්ථික සහ පාරිසරික විනාශයක් සිදුවීමේ ඉඩකඩ වැඩියි.

ප්‍රශ්නය – රටේ සෞඛ්‍ය අතින් වැඩිම තර්ජනයක් තිබෙන්නේ රසායනික පොහොරවලට වඩා පළිබෝධ නාශක ඇතුළු වෙනත් කෘෂි රසායනවලින් ?

පිළිතුර – ඔව්. රසායනික පොහොර හෝ වෙනත් කෘෂි රසායන හේතුවෙන්  ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්නවලට බරපතලකමට හේතුව ඒවා අධි භාවිතයයි.  මේවා ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළිබොධ නාශක රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය සම්බන්ධ වුණත් මේවා අධිභාවිතයට හේතු වී ඇත්තේ ගොවී මහතුන්ගේ වැරදි පුරුදු, මෙම රසායන ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳ සමාගම්වල අලෙවි උපක්‍රම ආදියයි.

අද මේ ද්‍රව්‍ය යෙදීමේ අවශ්‍යතාව සහ ප්‍රමාණය තීන්දු කරන්නේ වෙළෙන්දන්. එහෙම නැතිනම් අර වෙළෙඳපොල උපක්‍රම මඟින් පෙලඹවන ලද ගොවීන්. මේ තත්ත්වය නියාමනය කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීමක්.

අප කළ යුත්තේ මේවා තහනම් කිරීම නෙවෙයි. මොකද මේවා තහනම් කළාම මේ පළිබෝධ නාශනය කිරීමේ  කටයුත්ත කරන්නේ කවුද ගොවියාද?. ඒ සඳහා වානිජ වගාවේදී ඒ සඳහා වැයවන පිරිවැය එකතු වෙන්නේ කාටද?. වගාවට හානියක් වුවහොත් එය අවම කිරීමට තවමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සැලසුමක් තියෙන බවක් පේන්න නෑ

අනෙක් කරුණ තමයි රසායන පොහොර යෙදීමේදීත් අද විශාල වශයෙන් අවභාවිත වෙනවා. අපි මුලින්ම ඒවා නැවැත්විමට විද්‍යාත්මක ප්‍රවේශයක් ගත යුතුයි. උදාහරණයක් හැටියට යූරියා යෙදීමේ අනුපාතිය රටේම එකක්. නමුත් යූරියා අවශ්‍යතාව පොළොන්නරුවට සාපේක්ෂ ව අනුරාධපුරේ අරලගංවිල හෝ කුරුණැගල වෙනස් වෙන්න පුළුවන්. නමුත් අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පොදුවේ නිර්දේශ කරන්නේ හෙක්ටයාරයකට යුරියා කිලෝ ග්‍රෑම් 210ක්. පසේ  තත්ත්වය මත ශාකයේ පවතින ප්‍රමාණය මත  එය කළමනාකරණය කරනවා නම් අපට බොහෝ දුරට  මෙය මඟ හරවා ගත හැකියි.

ප්‍රශ්නය – අද රටම මේ තත්ත්වය තුළ පවතින්නේ අවිනිශ්චිත ව්‍යාකූල පසුබිමක මේ තත්ත්වයෙන් ගොඩ ඒමට වහා කළ යුතු යයි ඔබ අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර-  මේ කාබනික පොහොර ගේන තීරණය වහා අත්හිටුවිය යුතුයි.   අපට අනිවාර්යයෙන්ම අඩුම තරමින් පෙර ගෙන්වූ ප්‍රමාණයෙන් සියයට 50ක්වත් මූලික වශයෙන් පොහොර ගෙන්විය යුතුයි. ඉතිරි ටික කාබනික පොහොර මඟින් කළමනාකරණය කර ගත හැකියි. මම හිතන්නේ පොහොර සහනාධාරයත් අනවශ්‍ය දෙක්. එය ගොවියාගේ යැපුම් මානසිකත්වය ඇති කරන දෙයක් සහ රටේ සල්ලි විනාශ වෙන එක හැර වෙන දෙයක් නෑ. කළ යුත්තේ ගොවියාගේ යෙදවුම් පිළිබඳව සලකලා නිෂ්පාදනවලට හොඳ මිලක් ලබා දීමයි. එය සාධාරණව ක්‍රියාත්මක කළ යුතුයි.

ඒ අතරේ ගොවියා වෙනුවෙන් උසස් ත්ත්වයේ බීජ ලබා දීම, ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කිරීමට අශය දේ කිරීමට වැඩපිළිවෙළක් දියත් විය යුතුයි. පොහොර අවභාවිතය පාලනය කළොත් අපට සියයට 50කින් පමණ මේ පොහොර භාවිතය සහ රසායනික ද්‍රව්‍ය භාවිතය පාලනය කළ හැකියි. එයන් අපට රටක් ලෙස විශාල මුදලක ඉතිරි කර ගත හැකියි.  කාලගුණික විපර්යාසවලින් එන අභියෝග අවම කිරීමේ යාන්ත්‍රණ වැඩ පිළිවෙළ සකස් කළ යුතුයි. මේ වැඩපිළිවෙළ තුළින් අප මූලිකව අරමුණු කර ගත යුත්තේ ආහාර සුරක්ෂිතතාව. එය බිඳ වැටුණොත් එයින් සිදුවිය හැකි අනතුර ඉතා දරුණුයි.මෙය රටේ ආරක්සාව බිඳ වැටීමට වඩා බරපතල ප්‍රශ්නයක් බව වටහා ගත යුතුයි

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දරුවාව පුච්චා සැඟවී සිටි මව අත්අඩංගුවට…

Next Post

වවුනියාවේ දී අසුවුණේ මෑතක දී මුලතිව්වල දී  ඝාතනය කර දළ කපාගත් ඇතාගේ ගජමුතු ද?

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

Comments 1

  1. thushara bandara says:
    වසර 5ක් ago

    මෙය ඉතාමත් කාලීන මාතෘකාවක්

    අපට වැදගත් කරුණු ගොඩක් ගැන මෙහිදී කතා කරනවා .

    සමන් සෙනවීර මහතා කියන්නේ මෙවන් අවස්ථාවක අපිට තියෙන ජාතික වස්තුවක් ,මෙතුමාගේන් රටට අවශ්‍ය දේ නොගැනීම ගැන මට ඇත්තේ කණගාටුවක්

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.