නතාෂා නෙත්මිණී –
සෑම පැය තුනකට වරක්ම කොවිඩ් මරණයක් සිදුවෙන බව මේ වන විට තහවුර වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.
මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ කොවිඩ් මරණ 13ක් සිදුවුවද පසුගිය මාසය තුල එය 100 දක්වා වර්ධනය වූ බව හෙතෙම පෙන්වාදේ.
මේ වන විට රෝගීන් 300ක් පමණ දෙනා සුවය ලබා රෝහල්වලින් පිටව යන විට තවත් 700ක් පමණ ආසාදිතයන් බවට පත්වන්නේ නම් එය රෝහල් පද්ධතියට දරා ගැනීමට නොහැකිවනු ඇතැයි වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.
සක්‍රීය රෝගීන් 7000ක් දෙනා සිටින අතර ඔවුන් සෑමකෙනෙකුම මේ වන විට අපට කළමණාකාරනය කර ගැනිමට හැකිවී ඇති නමුත් මෙම සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් එය එය රටතුළ බරපතල තත්ත්වක් නිර්මාණය කිරීම දක්වා වර්ධනය විය හැකි බව හෙතෙම පෙන්වාදේ.