දිනසේන රතුගමගේ –
මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රැදිවියන් 120 ක් යාපනයේ කොඩිගාමම් ප්‍රදේශයේ පිහිටි නිරෝධානයන මධ්‍යස්ථානයක් වෙත ඊයේ ( 6 ) සවස රැගෙන විත් තිබේ.
මහනුවර සිට බස් රථ 5 කින් රැගෙන එන ලද මෙම රැදිවියන් නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කොට තිබේ.
මහනුවර බන්ධනාගාරයේ නිලධාරීන් කීප දෙනෙකුට කොරෝනා රෝගය ආසාධිත වීමත් බන්ධනාගාරය තුළ ඇති තදබදය ඉහල යාමත් නිසා මේ පිරිස යාපනයට රැගෙන විත් ඇත.