මේ වන විට අංශ තුනේදීම ශ්‍රී ලංකා පිලට නැතිවම බැරි ක්‍රීඩකයා වන පැතුම් නිශ්ශංක හීන් නූලෙන් ඉවත් කර දැමීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව ලංකාසරට වාර්තාවේ.
මෙම කුමන්ත්‍රණය අනුව පැතුම්ට සිම්බාබ්වේ සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ විවේකයක් ලබාදී ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කර බලන මෙන් කෙරෙන මාධ්‍ය මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වී ඇත.
පැතුම් නිශ්ශංකට මේ කැපිල්ල එන්නේ සිම්බාබ්වේ සමග පැවැති එක් දින තරගාවලියේ තරග දෙකම දිනා දී ලංකාවේ විලි ලජ්ජාව බේරා දෙන්නට ප්‍රධානම පදනම දැමූ ක්‍රීඩකයා වී සිටියදී ය. නිශ්ශංක දෙවෙනි තරගයේ ශතකයක්ද රැස් කරමින් තරගාවලියේ වීරයා බවටද පත් විය
සිම්බාබ්වේ සංචාරයට පෙර දින හතරක් වේග පන්දු යවන්නන් සමග කටයුතු කළ හිටපු වේග පන්දු යවන්නෙක්වන ලසිත් මාලිංග මේ අදහස තම ෆේස් බුක් පිටුවෙන් මුලින්ම එළියට දමා ඇති අතර ක්‍රිකට් ආයතනයට කඩේ යන එක් ප්‍රකට ඉංග්‍රීසි වෙඩ් අඩවියක් ඇතුළු ඇතැම් මාධ්‍ය එම අදහස ප්‍රවර්ධනය කරමින් සිටී.
විශිෂ්ට හැකියාවක් තිබුණ ද කණ්ඩායම තුළ සිටිය දී ද ස්වකීය අවිනීත අපරිණතකම පෙන්වූ මෙම ක්‍රීඩකයා තාවකාලකව දින හතරක පුහුණු කාලයකට බඳවා ගත් පමණින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සංයුතිය සම්බන්ධව මත වාද සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය කරන්නට යෑම බරපතල මුග්ධකමක් බව මේ වනවිට ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයෝ පෙන්වා දෙති.
ඔහුට මෙම දින හතරක කාලය සඳහා ඩොලර් දහ දාහක් ක්‍රිකට් බලධාරීන් විසින් ගෙවා ඇත්තේ කණ්ඩායමේ පන්දු යැවීමේ දක්ෂතා දියුණු කිරීමට මිස තේරීම් කමිටුවේ කොටස අරගෙන වාචාල කතා කියා මේ ආකාරයෙන් කණ්ඩායම තුළ අනවශ්‍ය ගැටුමක් ඇති කරන්නට නොවන බව හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයෙක් ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.
ඔවුන් පවසන්නේ තමන් දන්නාදේත් නොදන්නාදේත් ගැන අවබෝධයක් නැති මෙවැනි උද්දච්ඡ පුද්ගලයෙක් බැරිවීමකින් හෝ දැනට පුරප්පාඩු වී ඇති වේග පන්දු සහාය පුහුණුකාර ධූරයට අයදුම් කර තෝරා ගතහොත් කණ්ඩායමට අබ සරණම බවය.
සනත් ජයසූරිය විසින් ප්‍රධාන පුහුණුකරු ලෙස වේග පන්දු යවන්නන්ගේ විශිෂ්ට කාර්යය සම්බන්ධව උත්කරෂයෙන් කතා කළ ද මෙම තරග දෙකේදීම වේග පන්දු යවන්නන් ප්‍රහාරයට ලක් වූ ආකාරය ඔවුන්ගේ සාමාන්‍යයෙන් බලා ගත හැකි බවත් අවසන් තරගයේ දී ඔවුන් වයිඩ් පන්දු 19ක් යවා ඇති ආකාරයත් උපුටා පෙන්වමින් ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් පැවසුවේ එක්දින තරගයක දී පන්දු ඕවර 3යි පන්දුවක් වැඩිපුර යවා අමතර ලකුණු 19කුත් දී වැඩිපුර යැවූ පන්දුවලට ලබා ගත් ලකුණු සංඛ්‍යාව ගණනය කරන්නේ නම් අපූරු වේග පන්දු යැවීමේ විනය ගැන නිවැරදිව කතා කළ හැකි බවය.
ඩිල්ෂාන් මධුසංඛ පළමු තරගයේ දී කඩුළු ත්‍රිත්ත්වය ලබා ගන්නා අවස්ථාව වනවිට පන්දු ඕවර 9කට ලකුණු 60ක ප්‍රහාරයකට ලක් වී තිබිණි. කෙසේ වෙතත් අවසන් ඕවරයේ දී එහු යැවූ විශිෂ්ට පන්දු තුන තරගයේ ජය ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. අප මේ තරම් බරපතල තරගයක් බවට පත් කරගෙන ජයග්‍රහණය කළේ එක් දින ශ්‍රේණිගත කිරීම්වල 11වන ස්ථානයේ සිටින කණ්ඩායම බවත්, තත්ත්වය මෙය නම් ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් සමග කරන තරගයකදී කුමණ ප්‍රතිඵලයක් අත්වේදය යන්න ක්‍රීඩා ලෝලීන් දන්නා බවත් ක්‍රිකට් විචාරකයෝ කියති.
ඒ අතර මේ වනවිට පුරප්පාඩු වී ඇති සහාය පුහුණුකාර ධූර සඳහා මේ වනවිට රට හැර ගොස් ඔස්ට්‍රේලියාවේ පදිංචි වුන ක්‍රීඩකයින් ගණනාවක්ම අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවද ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.







