සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයට දවස් දෙකකට කලින් ගැලණිගමදී අල්ලපු ලොරි මොනවාද?  හරීන් වීරසේකරගෙන් අසයි!

by editor
නොවැම්බර් 9, 2021
in පුවත්
A priest conducts religious rituals during a mass burial for Easter Sunday bomb blast victims in Negombo, Sri Lanka, Wednesday, April 24, 2019. (AP Photo/Gemunu Amarasinghe)

A priest conducts religious rituals during a mass burial for Easter Sunday bomb blast victims in Negombo, Sri Lanka, Wednesday, April 24, 2019. (AP Photo/Gemunu Amarasinghe)

Share on FacebookShare on Twitter
  • සහාරන් සිය නිවසේ දී බුද්ධි නිලධාරීන් හම්බවුණා කියලා සහාරාන්ගේ නෝනා කියලා තියනවා. ඇය දැන් ජිවතුන් අතර ද කියලා අප දන්නෙ නෑ…

  • යක්ෂ බන්ධනලු…. සත්‍යය ඉදිරියේ මොන අක්කටවත් කිසිම දෙයක් අඹරන්න බැහැ. වීරසේකර මහත්තයො…

පාස්කු ප්‍රහාරය සිදුවීමට දින දෙකකට පෙර එනම් 2019 අප්‍රියෙල් 19 වැනිදා ගැලණිගම අධිවේගී මාර්ග පිවිසුමේ දී අත්අඩංගුවට ගත් ලොරි රථ දෙකේ තිබුණේ මොනවාද, එම ලොරි රථ නිදහස් කිරීමට බලපෑම් කළ පොලිස් නිලධාරියා කවුද සහ එම වාහන අයිති කාටදැයි පාර්ලිමේන්තුවේ හෙළි කරන ලෙසත් පාස්කු ප්‍රහාරය සිදුවූ අප්‍රියෙල් 21 වැනිදා පාසිකුඩා මාළු මාළු හෝටලයේ සැප ගත් පොලිස් ප්‍රධානියා කවුදැයි හෙළි කරන ලෙසත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු   අද (09)  පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂා ව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරට  අභියෝග කළේය.

හෘද සැත්කමකට ලක් වීමෙන් පසුව විවේකීව සිටි හරීන් ප්‍රනාන්දු  තමන් අද දින 40කට පසුව පාර්ලිමේන්තුවට පැමිණි බව සඳහන් කළ අතර තමන්ට සුවය පැතූවන්ට සිය ස්තූතිය ද පළ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා  මෙසේ  පැවසීය.

“මා කළ විවේචචනය මොන වගේ ද කියල අද පැහැදිළිව පේනෙනවා. එදා සිටම අපේ  විවේචනය එකයි. අද  සිරිල් ගාමිණී පියතුමාට විරුද්ධව   බුද්ධි අංශ ප්‍රධානී සී.අයි.ඩියට   ගිහින් කියනවා තමන්ට දාන චෝදනාව  ඉල්ලා අස් කර ගන්න කියල. නමුත්කරන්න ඕන ඒක නෙවෙයි. මේ කරන චෝදනා බොරු කියල ඔප්පු කරන එක.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“පාස්කු ප්‍රහාරය සිදුවීමට දින දෙකකට පෙර එනම් 2019 අප්‍රියෙල් 19 වැනිදා ගැලණිගම අධිවේගී මාර්ග පිවිසුමේදී අත්අඩංගුවට ගත් ලොරි රථ දෙකේ තිබුණේ මොනවාද එම ලොරි රථ නිදහස් කිරීමට බලපෑම් කළ පොලිස් නිලධාරියා කවුද සහ එම වාහන අයිති කාටදැයි පාර්ලිමේන්තුවේ හෙළි කරන ලෙස  ලෙස මම සරත් වීරසේකර ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.“

“පාස්කු ප්‍රහාරය සිදුවූ අප්‍රියෙල් 21 වැනිදා පාසිකුඩා මාලු මාලු හෝටලයේ සැප ගත් පොලිස්   ප්‍රධානියා කවුදැයි පුළුවන් නම් පාර්ලිමේන්තුවට හෙළි කරන්න.“

“අද  සහරාන්ගේ නෝනා  ජීවතුන් අතර ඉන්නවද නැද්ද දන්නේ නෑ. සහරාන් ගේ නෝනා කරපු ප්‍රකාශය ඉදිරිපත් කරන්න. පුළුවන් නම් අපේ   පාර්ලිමේන්තුවට පරීක්ෂණ කොමිෂන් වාර්තාව කියවන්න.   මේ සම්බන්ධයෙන් ජනාධිපති  සහරාන්ගේ බිරිය වන   ෆාතිමා සාදියා කියල තිබෙනවා    ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සහරාන් ගේ ගෙදරදි ඔහුව හමුවුණා කියලා.“

“මම මීට පෙර පසුගිය අප්‍රේල්  22 වැනිදාත් පාර්ලිමේන්තුවේ කතා කළා. ඊට පසුවත් කතා කළා. දෙවරම මම අසනීප වුණා. ඔක්තෝබර් මාසේ පැය නවය හමාරක සැත්කමක් කරන්න වුණා. කට්ටිය මට කීවේ යක්ෂ බන්ධනයක් කියල.“

“නමුත් මොන බන්ධනයකටත් වඩා මට මම අදහන දෙවියන් බලගතුයි. සත්‍යය ඉදිරියේ මොන අක්කටවත් කිසිම දෙයක් අඹරන්න බැහැ. “ යයිද සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිරිඋල්ල නගරයේ විපතට පත්වූවන් මුදවා ගන්නට හවස සිට බෝට්ටු සේවාවක්…

Next Post

අතුරුදහන් වූ බව කී දැරියෝ නිවෙස් වෙත පැමිණෙති…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.