මනම්පිටිය නිමල් ජයරත්න –
වසර හතරකට ආසන්න කාලයක්, රජය හා යුද හමුදාව පාලනයේ පැවති, මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ශරියා විශ්ව විද්‍යාලය අද (20) නැවත වරක් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට භාරදීම සිදු විය.
නැගෙනහිර පළාතේ ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් එල්ල කළ පාස්කු ප්‍රහාරයත් සමග, 2019 වර්ෂයේදී රජයට පවරා ගත් ශරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම ,වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස විටෙක රජය විසින් පවත්වාගෙන ගියේය.
මෙම ශරියා විශ්වවිද්‍යාලය කෝටි 800 වැඩි මුදල් ප්‍රමාණයක් වැය කර අරාබියේ සිටින ව්‍යාපාරිකයෙක් විසින් නැගෙනහිර ආණ්ඩුකාර එල්.එල්.ඒ. එම් හිස්බුල්ලාට ලබාදුන් පරිත්‍යාගයක් බව කියැවිනි.
මෙම ෂරියා විශ්වවිද්‍යාලය නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්. කේ. යූ. පී. ගුණරත්න ඇතුළු උසස් හමුදා නිලධාරින් පිරිසක් විසින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ඇතුළු ඉස්ලාම් භක්තිකයන් පිරිසකට, මෙසේ අද නිල වශයෙන් භාර දුන්නේය.