කතෝලික ජනතාවගේ මූලික ඉල්ලීම වූ පාස්කු ප්‍රහාරයට යුක්ති ඉෂ්ඨ කිරීම සිදු නොකර ජනාධිපතිවරයා බිෂොප්වරුන් හමුවෙමින් යෑම කිිසිම ප්රතිඵලදායී ක්‍රියාවක් නොවන බව කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා ලංකාසරට පැවසීය.
පියතුමා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා කාදිනල් හිමිපානන් මුණ ගැසීම සඳහා අවස්ථාවක් ඉල්ලා තිබේදැයි ලංකාසර කළ විමසුමට පැහැදිලි කිරීමක් කරමිනි.
“කාදිනල් උන්නාසේ කියලා තියනවා දේශපාලන අධිකාරියට මූලික ප්‍රශ්නයට පිළිතුරක් නැතිව කාටවත් එන්න එපා. උන්නාන්සෙ කවුරුවත් හම්බවෙන්නෙ නෑ කියලා. එහෙම කියලා තියන්නෙ තරහට නෙමෙයි. කතෝලික ජනතාවගේ එකම මානුෂීය ඉල්ලීමවන පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට කීරීම සඳහා පිළිගත හැකි ක්‍රියාවලියකට අවතීර්ණ නොවී මූණිච්ඡාවට හමුවී වැඩක් නැති නිසා.“
“ මේ ප්‍රතික්ෂේප වීම නිසා ඔවුන් අනෙක් බිෂොප්වරු හම්බ වෙනවා ඇති. බිෂොප්තුමන්ලාව හම්බවෙලා වැඩක් නෑ අවශ්‍ය දේ වෙන්නෙ නැතිව. මිනිස්සු ඕවට රැවටෙන්නෙ නෑ.“
උන්වහන්සේ වැඩිදුරටත් කීහ.







