fbpx
සඳුදා, මාර්තු 27, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

විදෙස් බුද්ධි තොරතුර ගැන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා හමුදා බුද්ධි අංශ දැනුවත් කර නැහැ

by Lanka Sara Editor
අගෝස්තු 20, 2020
in පාස්කු කොමිසම
441 4
Share on FacebookShare on Twitter

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන 14වන දිනටත් ඊයේ (19) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

මේ සාක්ෂි විභාගයේ දී හෙළිදරවු වූයේ ජාතික ආරක්ෂාව සතිපතා සාකච්ඡාවට බඳුන් කෙරෙන බුද්ධි සමාලෝචනය රැස්වීම 2018 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු විධිමත්ව පැවැත්වී නැති බවය.

එමෙන්ම ඉකුත් වසරේ අප්‍රේල් 04 වනදා විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරයක් සම්බන්ධයෙන් කළ පුර්ව දැනුම්දීම පිළිබඳ නිලන්ත ජයවර්ධන විසින් යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර නොමැති බවය.

සාක්ෂි විභාගය ආරම්භ කරමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්න කිරීම ආරම්භ කළාය.

RelatedPosts

ණය ගත්තු ලංකාව  ඩොලර් බිලියන 2.5ක ණයක් ලෝකයට දීමට සැරසෙයි!

පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි නසා ගනි… සතියක් තුළ මරණ 03යි…

සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…

අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය – පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් මස 16 වන අඟහරුවාදා දින සතිපතා පැවැත්විය යුතු බුද්ධි සමාලෝචන රැස්වීම පැවැත්වුනේ ද?

සාක්ෂිකරු – එම රැස්වීම එදින පැවැත්වුණේ නෑ. අප්‍රේල් 15 දින ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයෙන් මට ලැබුණු කෙටි පණිවුඩයක අප්‍රේල් 16 දින බුද්ධි සමාලෝචන රැස්වීම නොපැවැත්වෙන වබට දන්වා තිබුණා. එම කෙටි පණිවිඩයට සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සුබ පැතුම්ද එක්කර තිබුණා.

අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය – කළේ බුද්ධි සමාලෝචන රැස්වීම නොපැවැත්වුණු එකම අඟහරුවාදා අප්‍රේල් 16 වනදා ද?.

සාක්ෂිකරු – නෑ… 2018 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු විධිමත්ව බුද්ධි සමාලෝචනය රැස්වීම් පැවැත්වුණේ නෑ…. එම වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පැවතියේ මාසයටම එක් බුද්ධි සමාලෝචන රැස්වීමක් පමණයි. එසේම 2019 වර්ෂයේ ජනවාරි මාසය තුළ කිසිදු බුද්ධි සමාලෝචන රැස්වීමක් පැවැත්වුණේ නෑ. පෙබරවාරි මාසයේ බුද්ධි සමාලෝචනය රැස්වීම් 02ක් සහ මාර්තු මාසයේ එක් බුද්ධි සමාලෝචනය රැස්වීමක් පැවතියද ඒවාට ආරක්ෂක ලේකම්වරයා සහභාගි වුණේ නෑ. ජාතික බුද්ධි ප්‍රධානිගේ මුලිකත්වයෙනුයි රැස්වීම පැවැත්වුණේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශයකින් ලද ප්‍රහාරයක් පිළිබද පුර්ව දැනුවත් කිරීමේ තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ලෙස ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කළා ද?.

සාක්ෂිකරු – අප්‍රේල් 04 දින ලද විදෙස් බුද්ධි අංශ තොරතුර බුද්ධි තොරතුරක් බවට පරිවර්තනය කර අප්‍රේල් 09 දින පොලිස්පතිවරයාට යැවීමෙදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටද එහි පිටපතක් යැවුවා. නමුත් අප්‍රේල් 04 ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා හෝ එම අංශය දැනුවත් කළේ නෑ…

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – පසුගිය වසරේ අප්‍රේල් 17වන දින නැගෙනහිර පළාතේ සිදුව තිබු කිසියම් සිදුවීමක් ගැන ඔබ දැනුවත් වුනා ද?.

සාක්ෂිකරු – එදින රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා දුරකතනයෙන් මට කතා කළා. කතා කරලා ” සර් ඊයේ පිපිරීමක් වෙලා තියෙනවා. මඩකලපුව පොලිසිය කියනවා අකුණක් කියලා. හැබැයි අකුණක් වෙන්න බැහැ… ඊට වඩා දෙයක් තියෙනවා ” කියලා කීවා.

ඒ අනුව ඒ මොහොතේම ගොස් ඒ පිළිබද පරික්ෂා කරන ලෙස මා එම එම නිලධාරියාට උපදෙස් දුන්නා. ඒ පිළිබද විමර්ශනයට තවත් නිලධාරින් කණ්ඩායමක් 18 වන දින කොළඹ සිට කාත්තන්කුඩි ප්‍රදේශයට යැවුවා.

පසුව අදාළ පිපිරීම යතුරුපැදි බෝම්බ පිපිරවීක් බව සොයාගත්තා. එම බයිසිකලයේ චැසි අංකය සොයා ගත්තා. එම පිපිරවීමට වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය හා සම්බන්ධ සහරාන් හෂිම් සම්බන්ධ බවත් මෙය ඔහුගේ පෙර පුහුණුවක් බවත් නිරීක්ෂණය වුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – මෙම යතුරුපැදි බෝම්බ පිපිරවීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළා ද?.

සාක්ෂිකරු – අදාළ පිපිරවීම සම්බන්ධයෙන් තමන්ට ලැබී තිබු ඡයාරූප අප්‍රේල් 18 වන දින Whatsapp මාර්ගයෙන් ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කළා. පසුව ආරක්ෂක ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ලබාගෙන සිද්ධිය පිළිබඳ දිර්ඝ පැහැදිලි කිරිමක් කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඔබ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ලෙස සිටියදි ආරක්ෂක ලේකම්වරයා ඇමතීමට දුරකතන අංක කොපමණ ප්‍රමාණයක් භාවිත කළාද

සාක්ෂිකරු – 90% ක් ඇමතුම් ලබා දෙන්නේ මගෙ රාජකාරි දුරකථයෙන්. අනිත් ප්‍රමාණය ලබා ගන්නේ මගේ එකම පෞද්ගලික දුරකතන අංකයෙන්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – මේ සංවාද වලදී වෙනත් අයෙකුගේ නමට ගන්නා ලද දුරකතන අංකයක් ඔබ භාවිත කර තිබෙනවාද?. ( අතිරේක සොලිස්ටර් ජනරාල්වරයි යම් දුරකථන අංකයක් පෙන්වයි.)

සාක්ෂිකරු – ඔව්… මෙම දුරකතන අංකය මා භාවිතා කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – අප්‍රේල් 16 දින සිදුවූ යතුරු පැදි පිපිරීම සම්බන්ධයෙන් එවකට ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්ව දැනුවත් කළේද?.

සාක්ෂිකරු – ඔව්… අප්‍රේල් 18 වන දින පෙ.ව 8.53 ට දුරකතන ඇමතුමක් ගෙන ජාතික බුද්ධි ප්‍රධානියා ඒ සම්බන්ධයෙන් දැනුවත් කළා. යතුරුපැදි පිපිරීමක් සිදුවී ඇති බවත් එය සහරාන් හෂිම්ගේ පෙර පුහුණුවක් බවත් මා පැහැදිලිව පැවසුවා. එහිදි සිසිර මෙන්ඩිස් මහතා මට විශේෂ උපදෙස් ලබාදීමක් සිදු කළේ නෑ.

ඒ වගේම මෙම යතුරු පැදි බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් අප්‍රේල් 18 දිනම උදෑසන 8.59 ට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව දැනුවත් කළා. ” සර් මේකට ඉක්මනට පරික්ෂණයක් කරන්න ඕනේ. මේකට සහරාන් සම්බන්ධයි. කාන්තන්කුඩි පොලිසියෙන් හරියට පරික්ෂණය කෙරෙන්නේ නැහැ. සී.අයි.ඩි එකට භාරදෙමු ” කියලා මා පොලිස්පති තුමාට කීවා.

ඊට පිළිතුරු ලෙස පූජිත් ජයසුන්දර මහත්මාය කීවා ‘ හරි නිලන්ත, ඔයා සී.අයි.ඩි එකට කියන්න. මමත් කියන්නම්‘ කියලා. ඒ වගේම මෙම යතුරුපැදි පිපිරීම සම්බන්ධයෙන් එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාවද, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර මහතාවද, යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයාවද අප්‍රේල් 18 දින දැනුවත් කළා.

ජනාධිපති කොමිසමේ සභාපති- අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශ පුර්ව දැනුවත් කිරීමක් සිදුකිරීමෙන් පසු වගකිවයුතු අය වෙත වාචිකව සිදුකළේ යැයි ඔබ කියන වාර්තා කිරීම් ලිඛිතවද සිදුකළේද?.

සාක්ෂිකරු -බොහෝ කරුණු ලිඛිතව වාර්තා කිරිමක් සිදු කළේ නෑ. Whatsapp සහ දුරකතන මාර්ගයෙන් වාචිකව පමණක් කරුණු වාර්තා කිරීම් සිදු කළා.

ජනාධිපති කොමිසමේ සභාපති – රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස ඔබ එවකට ආරක්ෂක ලේකම්වරයා වූ හේමසිරි ප්‍රනාන්දු සමග ඉකුත් වසරේ අප්‍රේල් 19 දිනය තුළ තෙවරක් දුරකතන ඇමතුම් ගෙන සාකච්ඡා කළේ මොනව ද?.

සාක්ෂිකරු – එම දුරකතන ඇමතුම් තුළ සාකච්ඡා කළ දේ කරුණු වශයෙන් මතක නැහැ. .

ජනාධිපති කොමිසමේ සභාපති – යම් යම් දුරකතන ඇමතුම්වල අන්තර්ගතය මතක තිබෙන්නත්, තවත් දුරකතන ඇමතුම්වල අන්තර්ගතය මතක නැති වීමටත් හේතුව කුමක්ද?.

සාක්ෂිකරු – අදාළ කාල පරාසය තුළ බොහෝ ඇමතුම් මා විසින් ලබා ගත්තා. ඒ සෑම ඇමතුමකම අන්තර්ගත වූ කරුණු මතකයේ නැහැ.

Tags: නවතම
Share70Tweet44
Previous Post

කිලිනොච්චියෙන් හමුවන්නේ සමූහ මිනීවලක් නොවේ – මිනීමැරුමක තොරතුරු

Next Post

පාර්ලිමේන්තුවේදී කථානායක සහ මන්ත්‍රීවරුන් දිවුරුවේ මොකක්ද?

Related Posts

පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021
පාස්කු කොමිසම

එල්.ටී.ටී.ඊය පිට දාලා මැලේසියා යැව්වෙ නැතිනම් සුරේෂ් ෂලේටත් ඉන්න වෙන්නෙ හිරේ…

ඔක්තෝබර් 13, 2020
Next Post

පාර්ලිමේන්තුවේදී කථානායක සහ මන්ත්‍රීවරුන් දිවුරුවේ මොකක්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

ණය ගත්තු ලංකාව  ඩොලර් බිලියන 2.5ක ණයක් ලෝකයට දීමට සැරසෙයි!

by editor
මාර්තු 27, 2023
0

suicide

පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි නසා ගනි… සතියක් තුළ මරණ 03යි…

by editor
මාර්තු 27, 2023
0

සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…

by editor
මාර්තු 27, 2023
0

චීන ජනාධිපතිගේ සංචාරය, රුසියා-ඉන්දු සබඳතාවලට හානියක් යැයි සිතීම හීනයක්. – රුසියානු තානාපති

by Lankasara News
මාර්තු 27, 2023
0

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි පුත්තලම කාති උසාවියේ විනිසුරුට දියණියගේ නිවසට ගෙන්වා පහර දීලා… කාති උසාවි විනිසුරු රෝහලේ!

by editor
මාර්තු 27, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ණය ගත්තු ලංකාව  ඩොලර් බිලියන 2.5ක ණයක් ලෝකයට දීමට සැරසෙයි!
  • පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි නසා ගනි… සතියක් තුළ මරණ 03යි…
  • සොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවෙකුට වත්තේගම පොලිසිය අමානුෂිකව පහර දීලා… සිසුවා රොහලේ…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist