fbpx
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 21, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

වහාබ් අන්තාවාදය රටේ ඉහළ සිට පහළටම ක්‍රියාත්මකයි…

කාත්තන්කුඩියේ සින්නලෙබ්බේ මව්ලවිතුමා පාස්කු කොමිසමේ දී හෙළි කරයි....

editor by editor
ජූනි 28, 2020
in පාස්කු කොමිසම
0
Share on FacebookShare on Twitter

එම්. සින්නලෙබ්බේ මව්ලවි තුමන්  කාතන්කුඩියේ සූෆි මුස්ලිම්වරුන්ගේ සංවිධානයක් වන  අබ්දුල් ජබාත් ආදී වලී උල්ලා භාරකාර පදනමේ ක්‍රියාකාරිකයෙකි. ලෝරන්ස් රාමනායක පියතුමන්ගෙන් පසුව  කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ සින්නලෙබ්බේ මවුලවි තුමන්ය.  ඔහු කොමිසම හමුවේ පළමුවරට සාක්ෂි දුන්නේ පසුගිය 18 දාය. එදින ඔහු කීවේ තමන් නියෝජනය කරන්නේ සම්ප්‍රදායික මුස්ලිම්වරුන් බවය. එදිනත් පසුගිය 26 වැනිදාත් සින්නලෙබ්බේ මවුලවිතුමන් කොමිසම හමුවට පැමිණියේ අතිශය සමාන්‍ය යුරෝපීය ඇඳුමෙනි. කාතන්කුඩියේ ක්‍රියාත්මක වන අන්තවාදීන් ගැන මෙන්ම රාජ්‍ය ආයතන තුළ ඉහළ පුටුවල සිටින වහබ්වාදී මුස්ලිම්වරුන් ගැන ඔහු කොමිසම හමුවේ දීර්ඝ හෙළිදරව්වක් කළේය.    

කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂියෙන් පසු සින්නලෙබ්බේ මවුලවිතුමන් තමාට වහබ්වාදී මුස්ලිම්වරුන්ගෙන් තර්ජන එල්ලවෙමින් ඇති කීවේය. මෙම අවස්ථාවේදී සාක්ෂිකාර සින්නලෙබ්බේ මවුලවිතුමන්ගෙන් සාක්ෂි මෙහෙයවූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටි ජනරාල්වරිය විසිනි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

කළු ඉරිදා විරෝධය!

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

කොමින් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් පසු ඔබට යම් හිරිහැරයක්, කර්ජනයක් ඇතිවුනාද?

සාක්ෂිකරු

කාතන්කුඩි ෆෙඩරේෂන් කියල සංවිධානයක් තිබෙනවා. ඒ සංවිධානයෙන් මාධ්‍ය නිවේදන නිකුත්කරල තිබෙනවා මම බොරු සාක්ෂි ලබාදීල තිබෙන බව. ඔවුන්ට ගැටලුවක් වෙලා තියෙන්නේ මම මුල් අවස්ථාවේදී සාක්ෂි දෙමින් සදහන් කළ “ කාතන්කුඩියේ 65000 ක් පමණ මුස්ලිම් ජනතාවක් ඉන්නවා… ඒ අයගෙන් 10000 ක් පමණ සූෆි මුස්ලිම්වරු… 15000 ක් පමණ වහබ්වාදී මුස්ලිම්වරු… සෙසු අය මේ දෙකටම නැති අය“ කියලා කී ප්‍රකාශය. මට විරුද්ධව මාධ්‍ය නිවේදන නිකුත් කරල තියෙන එම සංවිධානයත් වහබ්වාදී අයගේ එකක්. එයාල කියන්නේ 15000 සංඛ්‍යාව වැරදි බවයි. පත්තරවල ෆේස්බුක්වල මට විරුද්ධව ඒ අය ජනතාව උසි ගන්වනවා.

මම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේ ගරුත්වයක් ඇතිවයි. සත්‍ය මිස බොරු කියන්නේ නැහැ. අපිට දිගින් දිගටම තර්ජනයන් එනවා. මේ අය හිතන් ඉන්නේ එයාල කාතන්කුඩිය පාලනය කරනවා තියලයි. ඔය සංවිධානය එයාල හැදුවේ 1994 ජුනි 24 වෙනිදා. කාතන්කුඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ලියාපදිංචි කරලයි තියෙන්නේ. ඔය කියන සංවිධානය තමයි 2004 දීත් සූෆි මුස්ලිම්වරුන්ට එරෙහිව වැඩසටහන් ආරම්භ කළේ. නැවතත් ඒ අය හදන්නෙ යම් ගැටීමක් ඇතිකරන්නයි.

සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා

ඔබට මේ වන විට ශාරිරික තර්ජනයක් එල්ලවෙලා තිබෙනවද?

සාක්ෂිකරු

තවම නැහැ. ඒ තැනටයි මේ යන්නේ. ජනතාව දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියල. බුද්ධීමත් ජනතාව ඇත්ත මොකක්ද කියල දන්නවා. බුද්ධිමත් ජනතාව ඉන්නේ ටිකයි. මෙයාල මේ සූදානම් වන්නේ ජනතාව කුපිත කරන්න. ඒ සංවිධානයේ නායකයා සප්තා. කාතන්කුඩිය මීරා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසත් කටයුතු කරනවා. වහබ්වාදී සහ අන්තවාදී සංවිධානයක ඉඳාල ඔහු කොහොමද පාසලේ දරුවන්ට හරියට නායකත්වයක් දෙන්නේ. අපිට ඒ ගැනත් ප්‍රශ්න තිබෙනව.

( මෙම අවස්ථාවේදී අදාල මාධ්‍ය නිවේදනය කෙරහි කොමිසමේ අවධානය යොමු විය. ඒ වන විටත් එම මාධ්‍ය නිවේදනය මුස්ලිම්වරුන් වෙනුවෙන්ම නිකුත් කරන දෙමළ පුවත්පතක පලවී ඇති බවත් කොමිසමේ නිරීක්ෂණයට ලක්විය.)

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

පාස්කු ප්‍රහාරයට එක්වුණු කාතන්කුඩියේ අය කවුද?

සාක්ෂිකරු

සහරාන්, එයාගේ මල්ලි රිල්වාන්, සජිනි, සියෝන් දේවස්ථානයේ  ස්වයං ඝාතකයා, කටුවපිටිය ස්වයං ඝාතකයා ඇතුළු පිරිසක්ම ඉන්නවා.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

වහබ්වාදීන් තවමත් කාතන්කුඩියේ ඉන්නවද?

සාක්ෂිකරු

ඔව් ඉන්නවා

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

ලංකාවේ සූෆි මුස්ලිම්වරු කණ්ඩායම් කීයක් ඉන්නවාද?

සාක්ෂිකරු.

මෙච්චරයි තියල කියන්න බැහැ. තරීකාවට අනුව විවිධ පල්ලි තිබෙනව. හරියට මෙච්චරයි කියල කියන්න බැහැ

(සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය විසින් 1979 වසරෙදී සාම්ප්‍රදායක මුස්ලිම්වරුන් වන සූෆි මුස්ලිම්වරු මුස්ලිම්වරු නොවන බවට රජයේ ගැසට්පත්‍රයක් මගින් කර ඇති නීතිමය තත්වයක් ගැන කොමිසමේ අවධානයට සාක්ෂිකරු විසින් යොමුකරන ලදි. එය මුස්ලිම්වරු විසින් හඳුන්වන්නේ පත්වාවක් ලෙසිනි)

එම පත්වාවෙන් කියල තියෙන්නේ සූෆි මුස්ලිම්වරු මුස්ලිම් ආගම හැර ගිය කොටසක් ලෙසයි. සූෆි මුස්ලිම්වරුන්ට ඒ නිසාම කාතන්කුඩියේ වහබ්වාදීන්ගෙන් 2004 සහ 2006 යන වසරවලදී ප්‍රහාරයන් දෙකක් සිදුවෙලා තිබෙනවා. පළමු ප්‍රහාරය එල්ලවන්නේ 2004 වසරේ ඔක්තෝම්බර් 31 වෙනිදා. නොවැම්බර් 06 වෙනිදා වෙනකම්ම ඒ අය අපේ ජනතාවට පහරදුන්නා. නිවාස ගිනි තිබ්බා. කඩවල් වැහැව්වා. නැවතත් සූෆි මුසිල්ම්වරුන්ට වහබ්වාදීන්ගේ ප්‍රහාරයක් එල්ලවුනේ 2006 සැත්තැම්බර් 30 වෙනිදා. එවරත් ඔක්තෝම්බර් 06 වෙනිදා දක්වා සතියක් පුරාවට පහරදීම් සිදුවුනා.

2004 දී මේ අය ෆාතිමා ෆස්ලා කියල වයස අවුරුදු 09 ක දැරියකට වෙඩි තිබ්බා. ඒ දරුවා සූෆි දරුවෙක්. එම වෙඩි තැබීමෙන් ඒ දරුවාගේ හෘදයට හානි වුනා. ශෛල්‍ය කර්මයක් සඳහා ජනාධිපති අරමුදලින් සහය ගන්නත් වුනා. මේ ගැන ඒ කාලේ මඩකලපුවේ හිටපු බසීර් සේගුදාවුත් මහත්මයා තමයි ජනාධිපති අරමුදලට ලියල මුදල් අරන්දුන්නේ.

(2004 දෙසැම්බර් 14 වෙනිදා සේගුදාවුත් මහතා පාර්ලිමේන්තු ලිපි ශිර්ෂයකින් ජනාධිපති අරමුදලේ ලේකම්වෙත යොමු කළ ලිපියක පිටපතක් ඔහු කොමිසමට ඉදිරිපත් කරයි. ඒ අතර සූෆි මුස්ලිම්වරුන්ගේ දේපොලවලට හානි සිදුවී ඇති ඡායාරූප කිහිපයක්ද කොමිසමට ලබාදෙයි.)

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

නැගෙනහිර පළාත් හමුදා ආඥාපති ලාල් පෙරේරා මහතාට ඔබලා සහරාන් ගැන පැමිණිල්ලක් කලාද?

සාක්ෂිකරු

ඔව්. එතුමාව බැහැ දැකල 2014 වසරේදී සහරාන්ට විරුද්දව පැමිණිල්ලක් කළා. ලාල් පෙරේරා මහත්මයා සහරාන්ව ගෙන්නල උපදෙස් දීල තිබුණා නැවතත් සූෆි මුස්ලිම්වරුන්ට හිරිහැර කරන්න එපා කියල. ඒක අහගෙන ඇවිල්ල පාරවල්වල රැස්වීම් තියල එතුමටත් බනින්න ගත්ත. එතුමාගේ නම කියලම. කවුරු මොනවා කීවත් මම කරනවා කියල.

සභාපති විනිසුරු ජනක්ද සිල්වා

එම රැස්වීම්වලට ඔහු පොලීසියේ ආරක්ෂාවක් ගත්තද?

සාක්ෂිකරු.

සාමාන්‍යයෙන් ගන්නවා. ඒත් එම රැස්වීම් වලට ගත්තද කියල මට මතක නැහැ.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

කාතන්කුඩියේ වෙනම පල්ලියක් පවත්වාගෙන ගිය සූෆි මුස්ලිම් මව්ලවිවරයෙක් වන මයිල්වාගම් මියගියාම එයාගේ මෘත දේහයට යමක් කළාද?

සාක්ෂිකරු

එයාගේ මළ සිරුර කල්තබා ගැනීමට හැකි ලෙස මිහිදන් කරලයි තිබුනේ. වහබ්වාදීන් දේවස්ථානයටත් පහරදීල මළ සිරුර ගොඩ අරගෙන ගිනි තියල පිච්චුවා. ඒ ගැන 2004 වසරේදී මඩකලපුව අධිකරණයට කරුණු වාර්තාකරල තිබෙනවා. පොලිස් ෆාහිස් කියන පුද්ගලා මේකට සම්බන්ධයි කියල දැනගන්න ලැබුණා.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

පොලිස් ෆාහිස් කියන්නේ කවුද?

සාක්ෂිකරු

සහරාන්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා කියන මිල්හාන්ට ට්‍රේනින් දුන්නු පුද්ගලයා

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

ඔබ ඹහුව පුද්ගලිකවම දන්නවද?

සාක්ෂිකරු

ඔව්

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

එතකොට මිල්හාන්ව

සාක්ෂිකරු

නැහැ. ඔහු කාතන්කුඩියේ අයෙක් බව පමණක් දන්නවා.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

පොලිස් ෆායිස්ව දන්නේ කොහොමද?

සාක්ෂිකරු

ඒකාලේ පොලිස් ෆායිස් වැඩකළ කඩේට බිත්තර දැම්මේ මමයි

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

මෙම ගැටුම් නිසා කාතන්කුඩියේ සූෆි මුස්ලිම්වරු වෙනත් ප්‍රෙද්ශවල පදිංචියට ගොස් තිබෙනවද?

සාක්ෂිකරු.

ඔව්.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

ඒ සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනුකර තිබෙනවද?

සාක්ෂිකරු

ඔව්. ප්‍රදේයෙන් බැහැර වුණු ජනතාවට නැවත කාතන්කුඩියට පැමිණිමට අවස්ථාවක් ලබාදීමට නඩුවේදී එකඟතාවක් ඇතිවුනා.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

පෙළපොත්වල අන්තවාදී වහබ්වාදී තොරතුරු ඇතැයි ඔබ කලින් සාක්ෂි ලබාදුන් අවස්ථාවකදී සඳහන් කළා.

සාක්ෂිකරු

ඔව්. ගුරුඅත්පොත් රැසක ඒ ගැන සඳහන් වෙනවා.

(මෙදින ඔහු කොමිසම හමුවට එම ගුරු අත්පොත් සහ පෙළපොත් රැසක්ම රැගෙනවිත් තිබුණි. ඒ එකින් එක කොමිසම හමුවට ඉදිරිපත්කරමින් වහබ්වාදී අන්තවාදය ගැන පැහැදිලි කිරීමක් කළේය. වහබ්වාදීන් ගැන දරුවන්ට ඉගැන්වීම් කරන  ලෙස  යම් වහාබ්වාදීන්ව නම්කර  ගුරුවරුන්ට උපදෙස් දී ඇතැයිද කොමිසම හමුවේ ඔහු පෙන්වා දුන්නේය)

රජයේ පාසල්වල ඉස්ලාම් ආගම උගන්වන ගුරුවරුන් වෙන්න විභාගයක් තිබෙනවා. එම විභාගය පැවැත්වෙන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන්. එම විභාගයට අදාල විෂය නිර්දේශයේ 1976 වසරේ සිට සූෆි මුස්ලිම්වරුන් සහ සූෆි දහම ගැන සඳහන් වෙලා තිබුනා. 2012 වසරේදී විෂය නිර්දේශය වෙනස් වුනා. ඒකෙන් සූෆි මුස්ලිම්වරුන්ගේ කොටස ඉවත්වෙලා. විෂය නිර්දේශය වෙනස් වීම සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් පවා නිකුත් වෙලා තිබෙනවා. ඉන් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ඉගැන්වීම් ඉවත් කරල. ඒ අනුව දැන් ඉස්ලාම් ගුරුවරුන් විභාගයට ලියන්නේ වහබ්වාදය ගැන විතරයි. පාසල්වලට ගිහින් දරුවන්ට උගන්වන්නෙත් වහබ්වාදයයි. දැරුවන් සාම්ප්‍රදායක මුස්ල්ම්වරුන් ගැන දන්නේ නැහැ.

සභාපති විනිසුරු ජනක්ද සිල්වා

ඕකේ තියෙනවද, අන්තවාදී කොටස් අලුතින් ඇතුළු කරල.

සාක්ෂිකරු

අන්තවාදී කොටස් ඇතුළුවීමක් අලුතින් සිදුවෙලා නැහැ. සාම්ප්‍රදායක මුස්ලිම්වරුන්ගේ කොටසයි ගලවල තියෙන්නේ.

මින්  සිදුවන්නේ වහබ්වාදී අරාබි විද්‍යාලවලින් ඉගෙන ගන්න අයටයි රජයේ පාසල් ගුරුවරුන් හැටියට ඇතුළුවීමට ඉඩ ලැබෙන්නේ. සාම්ප්‍රදායක අරාබි පාසල්වල ඉගෙන ගන්න අයට ඒ අවස්ථාව නැති වෙනවා.

සභාපති විනිසුරු ජනක්ද සිල්වා

ඔය විෂය නිර්දේශය හදන්නේ කවුද?

සාක්ෂිකරු

අධ්‍යාපන අමාත්‍යාංශයෙන්

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

ශ්‍රී ලංකා ජමාත් අන්සාරියා සුන්තති මොහොමදියා සංස්ථාපනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වෙනවා.

සාක්ෂිකරු.

ඔව්. එයත් වහබ්වාදී සංවිධානයක්. එකල හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වූ මර්වින් සිල්වා මහත්මයායි එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ඔහු සිංහල බෞද්ධයෙක්.

(ඊට අදාල ලේඛන සහ 2004 වසරේ අගෝස්තු 25 වෙනිදා පලවුණු පුවත්පත් දැන්වීමක් කොමිසන් සභාව වෙත ඉදිරිපත් කරයි)

අතිරේක සොලිසිටි ජනරාල්

එම සංවිධානය මොනවගේ සංවිධානයක්ද?

සාක්ෂිකරු

වහබ්වාදී තවුහිත් සංවිධානයක්. එවැනි සංවිධානයක් සම්බන්දයෙන් තමයි එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කටයුතු කර තිබෙන්නේ.

අතිරේක සොලිසිටි ජනරාල්

මුස්ලිම් ජනකොටස් අතර තිබෙන බෙදීම් නිසා එය කොයි ආකාරයට ජාතික සංහිඳියාවට බලපානවද?

සාක්ෂිකරු

වක්‍රාකාර තර්ජනයක් විතරක් නෙමෙයි… කෙලින්ම තර්ජන තිබෙනවා.

අපේ රට බහු ආගමික රටක්. ආගම සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඕනේ තමයි. ඒත් අපි කටයුතු කරන්න ඕනේ ශ්‍රී ලාංකිකයන් හැටියටයි. එහෙම නැති නිසා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ වගේම තමයි හැමෝම රටේ තිබෙන ආගම් ගැන දැන ගන්න ඕනේ. එසේ දැනගත්තේ නැති වුනාම තමයි ඒ ඒ ආගම්වලට ගරුකරන්නේ නැති වෙන්නේ. ඒ වගේම තමයි විවිධ ජනකොටස්වලට විවිධ පදනම්වලට අනුව පාසල් සකස්කරල තිබෙනවා. ඒවත් නැති කරල පොදු පාසල් පද්ධතියක් සකස් විය යුතුයි. ජාතික සංහිදියාව බිඳ වැටෙන්නත් එය හේතුවක්.

අතිරේක සොලිසිටි ජනරාල්

කාතන්කුඩියේ ගැහුණු දරුවන් පාසල් යන්නේ කොහොමද?

සාක්ෂිකරු

අපි පාසල් යන කාලේ අපිත් එක්ක ඉගෙන ගත්ත ගැහැණු ළමයි පාසල් ගියේ සුදු ඇඳගෙන මුස්ලිම් ගැහුණු දරුවන්ට අනුමතකරල තියෙන ඇඳුමින්. මුහුණ වහගෙන පාසල් ගියේ නැහැ. ඒත් පහුගිය කාලේ කාතන්කුඩියේ ගැහැණු දරුවෝ පාසල් ගියේ සුදු ඇඳගෙන මුහුණ වහගෙනයි. දවසක් මම දැක්කා මගේ නංගිත් මුහුණ වහගෙන යනවා. මුල ඉඳන්ම මගේ නංගි පාසල් ගියේ මුහුණ වහන්නේ නැතිව. එයා පාසල් ගොස් නිවසට පැමිණියාම මම නංගිගෙන් ඇහුවා ඇයි මුහුණ වහගෙන ගියේ කියල. ඒ වෙලාවේ නංගි මට කිව්වා මුහුණ වහන්නේ නැතිව පාසල් යන අය ගණිකාවන් සේ සලකනවා කියල. සහරාන්ගේ බෝම්බයෙන් පස්සේ කාතන්කුඩියට වෙලා තියෙන එකම හොඳ දේ තමයි පාසල්වල මුහුණ වහන එක නැවතිලා. ඒ ගැන මට හරිම සතුටුයි.

අනික වහබ්වාදී ඉගැන්වීම්වලින් කෙරනවා වඳින්න වැඩිහිටියන්ට ගරු කරන්න ඒපා  කියල. ගුරුවරුන්ට, දෙමාපියන්ට අපි ගරුකරන්න ඕනේ. ඒත් මේ වහබ්වාදී ඉගැන්වීම් නිසා දරුවෝ දෙමාපියන් කියන දේවල් පවා අහන්නේ නැති තැනට පත්වෙලා තියෙනවා. මේ වහබ්වාදය මෙරටින් තුරන් කල යුතුයි.

 

 

 

 

 

 

Tags: නවතම
Share77Tweet47

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

මුස්ලිම් අධ්‍යාපන බලධාරීන්ගේ අන්තවාදය පාස්කු කොමිසමේ දී හෙළි වේ..

Next Post

මිලියන 2139 ක් ඉතුරු කරන්න ක්‍රීඩා භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කිරීමේ සැලසුමක්

RelatedPosts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
කළු ඉරිදා විරෝධය!
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021
Next Post
මිලියන 2139 ක් ඉතුරු කරන්න ක්‍රීඩා භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කිරීමේ සැලසුමක්

මිලියන 2139 ක් ඉතුරු කරන්න ක්‍රීඩා භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කිරීමේ සැලසුමක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

    මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

    174 shares
    Share 70 Tweet 44
  • පෙර ආත්මයක බැඳීමක් දක්වා ගිය ධනුෂ්කගේ ස්ත්‍රී දූෂණ චෝදනා කතාව!

    172 shares
    Share 69 Tweet 43
  • මහනුවර මහ නගරසභාවේ සේවය හැර ගිය සුළු සේවකයෙකුට අවුරුදු 04ක් තිස්සේ ලක්ෂ 17ක වැටුප් දීලා…

    236 shares
    Share 94 Tweet 59
  • පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

    172 shares
    Share 69 Tweet 43
  • ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

    177 shares
    Share 71 Tweet 44
  • පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවට පවරා ගත් ශරියා විශ්විද්‍යාලය යළිත් හිස්බුල්ලාටම බාර දෙයි!

    173 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

election

පළාත් පාලන මැතිවරණයට ලබා දුන් නාම යෝජනා අවලංගු කරයි…

by editor
සැප්තැම්බර් 21, 2023
0

Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

ඉන්දියාව කැනේඩියානුවන්ට විසා නිකුත් කිරීම නවත්වයි!

ඉන්දියාව කැනේඩියානුවන්ට විසා නිකුත් කිරීම නවත්වයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනය ලබන සතියේ ප්‍රකාශ කරනවා… අධ්‍යාපන ඇමති කියයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

Dhanishka

පෙර ආත්මයක බැඳීමක් දක්වා ගිය ධනුෂ්කගේ ස්ත්‍රී දූෂණ චෝදනා කතාව!

by editor
සැප්තැම්බර් 21, 2023
0

නවතම ලිපි

පොළොන්නරුව මඩකපු පාරට යාබද තමන්ගේම ගෙවත්තේ දී වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට… ගම්මු පාර වසා උද්ඝෝෂණය කරති!

පොළොන්නරුව මඩකපු පාරට යාබද තමන්ගේම ගෙවත්තේ දී වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට… ගම්මු පාර වසා උද්ඝෝෂණය කරති!

by editor
සැප්තැම්බර් 21, 2023
0

දේශිය දෙමුහුම් බඩඉරඟු ප්‍රභේදයෙන් සාර්ථක අස්වැන්නක්… ආනයනික ප්‍රභේදවලට වඩා ඵලදාව වැඩියි…

දේශිය දෙමුහුම් බඩඉරඟු ප්‍රභේදයෙන් සාර්ථක අස්වැන්නක්… ආනයනික ප්‍රභේදවලට වඩා ඵලදාව වැඩියි…

by editor
සැප්තැම්බර් 21, 2023
0

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

by editor
සැප්තැම්බර් 21, 2023
0

රජයේ රෝහල්වල සායන අක්‍රීයයි… වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ගොඩ ගැසේ…

කළුකඩ කාරයන්ගෙන් හදිසි මිලදී ගැනීම් සපුරා  නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තීරණයක්!

by editor
සැප්තැම්බර් 20, 2023
0

ජේ.සී.බී යන්ත්‍රයකට යටවී  මතුගම 12 හැවිරිදි   පාසල් දරුවෙක් පාසල ඉදිරිපිට දීම මිය යයි!

ජේ.සී.බී යන්ත්‍රයකට යටවී මතුගම 12 හැවිරිදි පාසල් දරුවෙක් පාසල ඉදිරිපිට දීම මිය යයි!

by editor
සැප්තැම්බර් 20, 2023
0

බල්ලො පූසෝ සපා කෑමෙන් ලක්ෂ තුනක් වාර්ෂිකව රෝහල්වල… ප්‍රතිකාර වියදම පමණක් බිලියන 10ක්…

සත්ත්ව හපා කෑම නිසා ජලභීතිකා එන්නත ලබා දෙන්න රජයට අවුරුද්දට විසි දෙකෝටි පනස් ලක්ෂයක වියදමක්….

by editor
සැප්තැම්බර් 20, 2023
0

පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවට පවරා ගත් ශරියා විශ්විද්‍යාලය යළිත් හිස්බුල්ලාටම බාර දෙයි!

පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවට පවරා ගත් ශරියා විශ්විද්‍යාලය යළිත් හිස්බුල්ලාටම බාර දෙයි!

by editor
සැප්තැම්බර් 20, 2023
0

කෝටිපති ව්‍යාපාරික ගුලාම් හුසේන් ඝාතනයේ සැකකාර බාල පුතා ලබන 08 තෙක් රිමාන්ඩ්…

වසර 17කට  පෙර බිරියගේ බාල වයස්කාර නැගණිය දූෂණය කළ සල්ලාලයාට වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්…

by editor
සැප්තැම්බර් 20, 2023
0

Kandy Municipal Council

මහනුවර මහ නගරසභාවේ සේවය හැර ගිය සුළු සේවකයෙකුට අවුරුදු 04ක් තිස්සේ ලක්ෂ 17ක වැටුප් දීලා…

by editor
සැප්තැම්බර් 20, 2023
0

හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!

හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!

by editor
සැප්තැම්බර් 20, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

සැප්තැම්බර් 17, 2023
මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

සැප්තැම්බර් 18, 2023
තිලීපන් සමරුවට ප්‍රහාරයක්… ජාතික කොඩිය සහිත මුගුරකින් සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහර දෙයි… පහර දී රථයක වීදුරු කුඩු කරන අයුරු වීඩියෝවක…

තිලීපන් සමරුවට ප්‍රහාරයක්… ජාතික කොඩිය සහිත මුගුරකින් සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහර දෙයි… පහර දී රථයක වීදුරු කුඩු කරන අයුරු වීඩියෝවක…

1
election

පළාත් පාලන මැතිවරණයට ලබා දුන් නාම යෝජනා අවලංගු කරයි…

සැප්තැම්බර් 21, 2023
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පළාත් පාලන මැතිවරණයට ලබා දුන් නාම යෝජනා අවලංගු කරයි…
  • සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!
  • ඉන්දියාව කැනේඩියානුවන්ට විසා නිකුත් කිරීම නවත්වයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.