fbpx
ඉරිදා, දෙසැම්බර් 10, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

මීට අවුරුදු හතකට පෙර සහරාන් හමුවූ මතකය බුද්ධි නිලධාරියෙක් දිග හරී…

හිටපු බුද්ධි නිලධාරියකු ජනපති කොමිසම හමුවේ  මුස්ලිම් අන්තවාදය ගැන කළ පර්යේෂණ ගැන දුන් සාක්ෂිය

editor by editor
ජූලි 10, 2020
in පාස්කු කොමිසම
0
Share on FacebookShare on Twitter
  • ඔහුගේ වැඩ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඒ දවස්වලම තේරුණා
  • බොදු බල සේනා රාවණා බලය ගැන අයහපත් ආකල්පයක් තිබුණා
  • සහරාන් චම්පික රණවක ලිව්ව පොතක් තහනම් කරන්න කිව්වා

තම පශ්චාත් උපාධිය නිබන්ධනය සඳහා මුස්ලිම් අන්තවාදය පිළිබඳව අධ්‍යයනයක් කළ අධ්‍යයනයේදී සහරාන් හසීම් හමුවූ බවත් ඔහු මෙරට ජාතික ආරතක්ෂකාවට තර්ජනයක් විය හැකි පුද්ගලයකු බව ඔහු සමඟ සාකච්ඡාවේදී එකවරම අවබෝධ වූ බවත් ඊයේ 09 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් යුධ හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය.

තමන් මුස්ලිම් අන්තවාදය සම්බන්දයෙන් නිබන්ධනය සඳහා එක්රැස් කළ කරුණු පොතක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හමුදාවේ ඉහල බලධාරින්ගෙන් අවසර ඉල්ලූ අවසථාවේ එවැනි අවසරයක් ලබා දුනහොත් තමන්ට යුධ හමුදාවෙන් ඉවත් වන්නට පවා සිදුවනු ඇතැයි ඔවුන් පැවසූ බව ද එහිදී මෙම බුද්ධි නිලධාරියා තවදුරටත් පැවසීය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

කළු ඉරිදා විරෝධය!

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

ඊයේ (09) ජනාධිපති කොමිසම හමුවේ දීර්ඝ සාක්ෂි විභාගයකට මුහුණ දුන් මෙම යුධ හමුදා බුද්ධි නිලධාරියා අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහුගේ නිබන්ධනය සහ සහරාන් හමුවීමේ අත්දැකීම විස්තර කළේ මේ අයුරිනි.

මගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් 2013 වසරේ කළ නිබන්ධනයට මුල්වූයේ  මුස්ලිම් අන්තවාදයයි. ඒ සම්බන්ධයෙන් මම අධ්‍යයනය කළා. පුද්ගලිකවම මම ත්‍රීකුණාමලය සහ මඩකලපුවට ගියා. 2013 වසරේ ඔක්තෝම්බර් 22 වෙනිදා කාතන්කුඩියේ දී සහරාන්ව මට හමුවුනා. ඒ ඔහුගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මූලස්ථාන කාර්යාලයේදී. ඒ කාලේ එම කාර්යාලය කුඩා එකක්.  එම හමුවීමට අදාල ඡායාරූප පවා තිබෙනවා. මේ පුද්ගලයා සමාජයට තර්ජනයක්, ජාතික සමගියට මෙන්ම ජාතික ආරක්ෂාවට බලපෑම් කරනවා කියල මට  එහිදී තේරුණා.

විනිසුරු බන්දුල කරුණාරත්න

2013 වසරේ ඔක්තෝම්බර් 22 වෙනිදා සහරාන්ව හමුවුනානේ. සහරාන් දැනගෙන සිටියද ඔබ බුද්ධි අංශ නිලධාරියෙක් කියල.

සාක්ෂිකරු

නැහැ

විනිසුරු

ඔබ සමග තවත් කවුරුහරි එහි ගියාද?

සාක්ෂිකරු

බුද්ධි අංශයේ බලයලත් නිලධාරියෙක් මා සමග ගියා. ඔහු මුස්ලිම් නිලධාරියෙක්. පැය දෙකකට වැඩි කාලයක් සහරාන් සමග කතාබහ කළා.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

සහරාන් සහ ඔබ අතර කථාවුණේ මොනවද?

සාක්ෂිකරු

නිබන්ධනයේ අරමුණ වුනේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වෙනවාද? ඒ අයට ආධාර ලැබෙන්නේ කොහොමද? කියන එකයි.  මම මගේ උදව්කරුවූ නිලධාරියා සමග බිම වාඩිවෙලා ඔහු සමග කතා කළා. සහරාන් දෙමළ භාෂාවෙන් කතා කළේ . මගේ උදව්කරුවූ නිලධාරියා පරිවර්ථක ලෙස කටයුතු කළා.

මුස්ලිම් සංස්කෘතිය තිබෙන්නේ කොහොමද? කියල එයා සඳහන් කළා. ඒත් එක්කම ඔහු පැවැසුවා අනිත් ජාතීන්ගෙන් ඒ අයට අසාධාරණ වෙනවා කියල. බොදු බල සේනා වැනි සංවිධාන ගැන ඔහුගේ අදහස කුමක්ද කියන එක පැහැදිලි කළා. එසේම ඒ අයට ආධාර ලැබෙන්නේ කොහාමද? ආදී කරුණු බොහොමයක් ගැන කථාබහ කළා.

ලංකාවේ මුස්ලිම් ජනතාව හිරිහැරයට ලක්වන බව ඔහු සඳහන් කළා. බලධාරීන් ඒ ගැන අවධානයක් යොමු කරන්නේ නැති බවත් කීවා. උදාහරණයක් ලෙස මියන්මාරයේ රොහින්‍යා මුස්ලිම්වරුන්ට අත්ව තිබෙන තත්ත්වය ගැන පැහැලි කළා. ලංකාවේ මුස්ලිම්වරුන් ගැන කථාකරන්න මාධ්‍ය නිදහසක් නොමැති බවට වූ මතයක ඔහු සිටියා. ආණ්ඩුව සිංහල අන්තවාදී සංවිධාන වන බොදු බල සේනා, රාවණා බලය මර්දනයට කටයුතු නොකරන බවත් කීවා.

පාඨලී චම්පික රණවක මුස්ලිම් අන්තවාදය ගැන ලියපු පොතක් තහනම් කරන්න ඕනේ කියල ඔහු ඉල්ලා සිටියා. එයා කියනවා මුස්ලිම් ජනතාවට අවශ්‍ය නැහැ අනිත් සංස්කෘතින් සමග එක්වීමට කියලා.. ඒ වගේම තමයි මුස්ලිම්වරුන්ගේ අල්කුරාණය ෂරියා නීතිය භාවිතා කිරීමට අවශ්‍ය බව දැඩිලෙස ඉල්ලා සිටියා.

ඒ වෙලාවේ මම ඔහුගෙන් ඇහුවා වසර 10 කට පෙර බොදුබල සේනා සහ රාවණා බලය වැනි සංවිධාන නොතිබුණු බව. ඒ වෙලාවේ නිශ්චිත පිළිතුරක් ඔහු නොදක්වා එය මගහැරියා. ඔහු බලා පෙරොත්තු වුනේ මුස්ලිම්වරුන්ට ස්වාධීන අනන්‍යතාවක්. එයාට ඕනේ වුනේ ශ්‍රී ලංකිකයෙක් ලෙස පෙනී සිටීමට නොව, එයාල සෞදි අරාබිය සමගයි බද්ධව සිටියේ.

මට අවශ්‍ය වුණා මෙම නිබන්ධනය පොතක් ලෙස එළිදක්වන්න. මම ඉහළ නිලධාරීන්ගෙන් 2015 වසරේදී ඒ සම්බන්ධයෙන් උපදෙස් පැතුවා. ඒ වෙලාවේ ඉහළ නිලධාරීන් මට දැනුම් දුන්නේ නිබන්ධනය පොතක් ලෙස ඉදිරිපත් කළහොත් යුධ හමුදාවෙන් පවා මට ඉවත්ව යන්නට සිදුවනු ඇති බවයි. රැකියාව අහිමිවෙතැයි කීවා. ඒ නිසා මම පොතක් ලෙස මෙය එළිදක්වන්න තිබුණු උවමනාව පැත්තකට දැමුවා. ඒත් මට හිතුනා මෙම නිබන්ධනයේ අන්තර්ගතය කොමිසමට යම් උදව්වක් වේවි යැයි කියල. ඒ නිසයි මම මෙය කොමිසමට ඉදිරිපත් කළේය.

2015 වසරින් පස්සේ ඒ පැවැති ආණ්ඩුවේ ප්‍රමුඛතාවය තිබුනේ සහජීවනය පැත්තට. මේ වගේ දේවල්වලට තිබ්බ අවධානය අඩුයි.  රාජ්‍ය බුද්ධී සේවයේ අධ්‍යක්ෂ, සහ හමුදා බුද්ධි අධ්‍යක්ෂට මේ  ගැන කියන්න උත්සාහ ගත්තත් ඒත් ඊට අවධානය යොමු වුනේ නැහැ. ඒකට හේතු වන්න ඇත්තේ මෙවැනි දේවල්වලට එකල පැවැති ආණ්ඩුවේ ප්‍රමුඛත්වය නොතිබුණු නිසා වෙන්න ඇති.

නිබන්ධනය සකස් කිරීමේදී මම මද්‍රසා පාසල්වලට පවා ගියා. එම පාසල් දැඩි පාලනයකට නතුකරලයි තියෙන්නේ. ඒවාට විශාල මුදල් ලැබෙනවා.

ගම දුප්පත්, පල්ලිය විශාලයි. පොහොසත්

Tags: විශේෂ
Share86Tweet47

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

“ආනයන තහංචිය තව මාස 6ක් දිගු වීම ආර්ථික වර්ධනයට බාධාවක්”

Next Post

ආසාදිතයින් තව වැඩි විය හැකියි… අනිල් ජාසිංහ කියයි..

RelatedPosts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
කළු ඉරිදා විරෝධය!
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021
Next Post
Anil-Jasingha

ආසාදිතයින් තව වැඩි විය හැකියි... අනිල් ජාසිංහ කියයි..

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Ukren

    යුක්රේන හමුදාට බැඳෙන්න   ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින් 70ක පිරිසක් පිටත් වෙලා…

    174 shares
    Share 70 Tweet 44
  • අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

    1376 shares
    Share 550 Tweet 344
  • අංගොඩ ලොක්කාගේ පවුම් 38ක තැටිය උස්සන්නට ගිය කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩා භාර කපුවා අත් අඩංගුවට ගැනීම නියෝග!

    534 shares
    Share 214 Tweet 134
  • වැඩ බලන පොලිස්පති දේශබන්දු වැඩ අරඹයි! – උසස් පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු!

    172 shares
    Share 69 Tweet 43
  • කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

    251 shares
    Share 100 Tweet 63
  • වැඩ බලන පොලිස්පති දේශබන්දු වැඩ අරඹයි! – උසස් පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු!

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

ලයිට් ගියේ ඇයි… සිදුවූ දේ මෙන්න…

by editor
දෙසැම්බර් 9, 2023
0

Ranil

ක්‍රිකට් සඳහා මැදිහත්වීමට ඇමතිවරයාට ඇති බලය සහ ක්‍රිකට් අතුරු කමිටු අහෝසි කරන බව ජනපති කියයි!

by editor
දෙසැම්බර් 9, 2023
0

මුලු රටේම විදුලිය බිඳ වැටේ

මුලු රටේම විදුලිය බිඳ වැටේ

by Lanka Sara Editor
දෙසැම්බර් 9, 2023
0

kANCHANA-wIJESEKARA

විදුලි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ ජනවාරියේ… ඇමති කියයි…

by editor
දෙසැම්බර් 9, 2023
0

19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ මුල් තරගයෙන් ජාපනය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්…

19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ මුල් තරගයෙන් ජාපනය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්…

by editor
දෙසැම්බර් 9, 2023
0

නවතම ලිපි

නොදුටු අසරණ දරු  පිරිසකගේ ජීවිත පාට කරන්නට පුංචි උන්ගේ හිත්වල ඇති දිව්‍යලෝක අවදිකළ රත්තරන් මිනිස්සු!

නොදුටු අසරණ දරු  පිරිසකගේ ජීවිත පාට කරන්නට පුංචි උන්ගේ හිත්වල ඇති දිව්‍යලෝක අවදිකළ රත්තරන් මිනිස්සු!

by editor
දෙසැම්බර් 9, 2023
0

14 හැවිරිදි සාමනේර හිමි නමට බරපතල ලිංගික අපයෝජනයක් කළ 19 හැවිරිදි චීවර ධාරියෙක් අධිකරණය ඉදිරියට…

ගුරු වෘත්තියේ යෙදෙන චීවර ධාරියෙක් ගංජා සහ මත් කරල් සමග අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 9, 2023
0

දෙමටගොඩ චමින්දගේ හිතවතියක් ඩුබායි සිට මෙහෙයවන මහනුවර කුඩු ජාවාරමේ  සුල මුල හෙළි වේ!

පාසල තුළ 13 හැවිරිදි දරුවා ගෙල වැල ලා ගැනීම සම්බන්ධව කල්මුණේ මද්‍රසා පාසලේ විදුහල්පති අත් අඩංගුවට!

by editor
දෙසැම්බර් 9, 2023
0

Death

පාරේ ගමන් කරමින් සිටිය දි නිවසක ගල් බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරණයට පත් වෙයි…

by editor
දෙසැම්බර් 9, 2023
0

බීමතින් නිරුවත්ව මෙහෙනි ආරාමයට වැදී දේපල හානිකළ සැකකරුවන් පොලිසියටත් උණුවතුර ගහලා…

පොලිස් වෙසින් පැමිණි මැරයන් පිරිසක් පුද්ගලයෙක් පැහැරගෙන ගොස් වෙඩි තබා මග දමා ගිහින්…

by editor
දෙසැම්බර් 9, 2023
0

DESHABANDU

වැඩ බලන පොලිස්පති දේශබන්දු වැඩ අරඹයි! – උසස් පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු!

by editor
දෙසැම්බර් 9, 2023
0

ත්‍රිපෝෂවල තිබිය හැකි ඇෆ්ලටොක්සින් අන්තර්ගය 10 ගුණයකින් වැඩි කර කැබිනට් අනුමැතිය ලැබුණත් යළි ඒ ගැන විශේෂඥ මතය විමසනවා – සෞඛ්‍ය ලේකම් කියයි!

ත්‍රිපෝෂවල තිබිය හැකි ඇෆ්ලටොක්සින් අන්තර්ගය 10 ගුණයකින් වැඩි කර කැබිනට් අනුමැතිය ලැබුණත් යළි ඒ ගැන විශේෂඥ මතය විමසනවා – සෞඛ්‍ය ලේකම් කියයි!

by editor
දෙසැම්බර් 9, 2023
0

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

by editor
දෙසැම්බර් 9, 2023
0

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

by editor
දෙසැම්බර් 8, 2023
0

අරක්කු කරන විනාශය… දවසකට බේබද්දන් 50ක් රට තුළ මිය යනබව හෙළි වේ…

හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

by editor
දෙසැම්බර් 8, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

දෙසැම්බර් 6, 2023
කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

ලයිට් ගියේ ඇයි… සිදුවූ දේ මෙන්න…

දෙසැම්බර් 9, 2023
Ranil

ක්‍රිකට් සඳහා මැදිහත්වීමට ඇමතිවරයාට ඇති බලය සහ ක්‍රිකට් අතුරු කමිටු අහෝසි කරන බව ජනපති කියයි!

දෙසැම්බර් 9, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ලයිට් ගියේ ඇයි… සිදුවූ දේ මෙන්න…
  • ක්‍රිකට් සඳහා මැදිහත්වීමට ඇමතිවරයාට ඇති බලය සහ ක්‍රිකට් අතුරු කමිටු අහෝසි කරන බව ජනපති කියයි!
  • මුලු රටේම විදුලිය බිඳ වැටේ

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.