පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කරනලද ජනාධිපති කොමිසමේ ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අවසන් වාර්තාව හා නිර්දේශ පිළිබඳ සාකච්ඡාව කිරීමට විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට රජය තීරණය කරයි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ඒ සඳහා තවම දිනයක් වෙන් කර නැතත් ඉදිරි දිනවලදී එය පැවැත්වීමට ඊයේ පැවති කැබිනට් හමුවේදී තීරණය වූ බවයි.







