නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පාසල් සිසුන් වෙත ලබාදී තිබේ.
ගමනාගමන අපහසුතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශයවල පාසල් සිසුන්ට 2025 දෙසැම්බර් මාසයේ පාසල් වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ දුෂ්කරතා මතුව ඇති බැවින් එම තීරණය ගෙන ඇත.
ජාතික ගමනා ගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවා ලංගම බස් රථ මගින් පාසල් දරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමේ දී නොවැම්බර් වාර ප්‍රවේශ පත්‍රය යොදා ගෙන දෙසැම්බර් මාසයේ දී පාසල් දිනවල ගමනා ගමනයේ යෙදිය හැකි බව අද උදේ ජාතික ගමනා ගමන මණ්ඩලය නිවේදනය කළේය.







