පිහිටුවීමට යෝජිත නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (12) හෝ හෙට එම ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.
තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය සිටින බැවින් අගමැති ධුරය භාරගෙන නව අන්තර්වාර ආණ්ඩුව පිහිටුවා මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ වගකීම භාරගන්නා බව ඊයේ රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ සමග කළ සාකච්ඡාවේ දී රනිල් වික්‍රමසිංහ විසින් දන්වා ඇත.
මෙහිදී “ඔබට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා දැයි“ ජනාධිපතිවරයා රනිල්ගෙන් විමසා ඇති අතර රනිල් පවසා ඇත්තේ බහුතරයටත් වඩා වැඩි සංඛ්‍යාවක් තමන්ට සහය පල කරන බවය.
මේ අනුව රනිල් වික්‍රමසිංහ තමන්ට සහයෝගය දක්වන මන්ත්‍රී කණ්ඩායම් තුනක් ගැන ජනාධිපතිවරයාට පවසා ඇත.
මේ වනවිට ආණ්ඩු පක්ෂයේ සිටි සාමාජිකයින්, සමගි ජන බලවේගයෙන් වෙන් වී ස්වාධීනව වූ මන්ත්‍රීවරු, ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් අවස්ථා තුනක දී රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවති සාකච්ඡා අවසන් වනවිට රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීම සඳහා පාරිලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 153කුගේ කණ්ඩායමක් සූදානම්ව සිටි බව විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.
මේ පසුබ්මේ දී රනිල් වික්‍රමසිංහ සිය ධුරයේ දිවුරුම් දී කඩිනමින් ආණ්ඩුව පිහිටුවනු ඇත.
එමෙන්ම ගෝල්ෆේස් තරුණ අරගලයට යළිත් කිසිම අවස්ථාවක අනීතික මැදිහත්වීම් සහ මර්ධනය මුදා හැරීමට උත්සාහ නොකරන ලෙසට වූ මූලික එකඟතාවයක් වෙත ජනාධිපතිවරයා හා පිවිසීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.
Discussion about this post