පාර්ලිමේන්තුව තුළ සාමකාමී බල හුවමාරුවක් සිදුවිය යුතු බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහය ඇතිව සර්ව-පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කොට මේ අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවත් නේක්ස්ට්ජෙන් ශ්‍රි ලංකා (NextGenSL) තරුණ සංවිධානය ඉල්ලා සිටී.
ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා ඇතුළු සියලු දෙනාගේ ම වගකීම වන්නේ හැකි ඉක්මනින් මේ සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීම බවත් බල තණ්හාව, බල පොරය සහ ආත්මාර්ථකාමීත්වය නිසා ඒ සඳහා ඇති ඉඩකඩ ඇහිරී යන අතර එය බරපතළ දේශපාලන ව්‍යාකූලත්වයකට මුළු රට ම ඇද දැමීමට හේතු විය හැකි බවටත් එම සංවිදානය අනතුරු ඇඟවයි.
NextGenSL නිකුත් කළ මාද්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වේ.
“මේ අර්බුදය විසඳාගත යුත්තේ ව්‍යවස්ථානුකූලභාවය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත බව අයුරින් බව අපි දැඩිව අවධාරණය කරමු. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් යන කිසිදු විසඳුමක් සැබෑ විසඳුමක් නොවන අතර ව්‍යවස්ථානුකූල නොවන විසඳුම් නිසා සිදුවන්නේ අරාජිකවාදයට සහ විනාශයට පාරකැපීමක් පමණකි.
අප ශ්‍රී ලංකාවේ සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමීබව සහ නිර්ප්‍රචණ්ඩභාවය තුළින් දේශපාලන පරිවර්තන සිදුකිරීම සඳහා පෙළගැසෙන ලෙස ය. මහජන දේපල විනාශ කරන, ප්‍රචණ්ඩත්වය මුදාහැරීම ප්‍රවර්ධනය කෙරෙන කිසිම පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් එවැනි පරිවර්තනයක කොටස්කරුවන් වන්නේ නැත. ප්‍රචණ්ඩත්වය උසිගන්වන කිසිම කණ්ඩායමකට ඔබ ගේ සහයෝගය ලබා නොදෙන ලෙස ද අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
එමෙන් ම ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ සියලු දේශපාලන පක්ෂවලින් අප ඉල්ලා සිටින්නේ ජූලි 13 වැනිදා පැවති පක්ෂ නායක රැස්වීමේ දී ගන්නා ලද තීරණවලට ගරු කරන ලෙස ය. මේ මොහොතේ පෞද්ගලික බල වුවමනාවන් වෙනුවෙන් නොව පොදු යහපත සහ රාජ්‍යයේ දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් කැපවීම සෑම දේශපාලන පක්ෂයක ම ජාතික වගකීම වන බව අපි දැඩිව විශ්වාස කරමු.







