පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් යම් වෙනත් මන්ත්‍රීවරයෙක් වෙත එල්ල කරන නුසුදුසු දෝෂාරෝපණවලින් වැලකී සිටිය යුතු බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී කීවේය.
කතානායකවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව ආරම්භයේ දී මන්ත්‍රීවරුන් වෙත කරුණු දක්වමිනි.
“ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ වැඩ කටයුතු කරගෙන යෑමේ දි පාර්ලිමේන්තුවේ ගරුත්වයට නොගැලපෙන නුසුදුසු සහ අශෝභන චචන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නිරන්තරයෙන් භාවිතා කරන අවස්ථා පිළිබඳව මා හට නිරීක්ෂණය වී ඇති බවත්, එවැනි වචන භාවිතා කිරීම එම ගරු සභාවට ගරුත්වයට හානිකරනවා සේම මෙය ඉතාම අසතුටු දායක සහ කණගාටු දායක තත්ත්වයක් බවත් මෙම ගරු සභාවේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.”
“ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් තවත් මන්ත්‍රීවරයෙක් ඉලක්ක කරමින් සිදුකරනු ලබන මෙවැනි නුසුදුසු වචනවලින් කරනු ලබන ආමන්ත්‍රණය කිරීම් සහ දෝෂාරෝපණ කිරීම්වලින් මින් ඉදිරියට වැලකී සිටිය යුතු බව දැඩිව අවධාරණය කරමි.
ඒ අනුව මේ කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර රටේ උත්තරීතර ආයතනයවන පාර්ලිමේන්තුවේ කටයුතු වඩා විනයානුකූලව සහ ආදර්ශමත්ව පවත්වාගැනීම පිළිබඳව මහජන නියෝජිතයන් ලෙස ඔබගේ සහයෝගය අපේක්ෂා කරමි.”
කතානායකවරයා කීවේය.







