මේ වනවිට ප්‍රසිද්ධ කර අයදුම්පත් කැඳවා ඇති පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ධුරයට අයදුම්පත් කැඳවා ඇත්තේ කලින් නිශ්චිත පුද්ගලයෙක් තෝරා ගැනීමෙන් අනතුරුව බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
එම අදාල පුද්ගලයාගේ සුදුසුකම්වලට උචිත සේ මෙතෙක් පැවති බඳවා ගැනීමේ සුදුසුකම් ද වෙනස් කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
2012 වසරේ මීට අදාළ බඳවා ගැනීමේ වයස් සීමාව පැවතියේ අවු. 35-45 අතර ලෙස වුවද මෙවර එය 30-40 ලෙස වෙනස් කර තිබේ.
පාර්ලිමේන්තුවේ දැනටමත් සේවයේ යෙදී සිටින්නෙකුට උසස් වීමෙක් ලෙස ලබා ගත හැකි පොදු බඳවා ගැනීමක් වූ මෙම තනතුරේ වයස් සීමාව වෙනස් කිරීම නිසා ඒ සඳහා සුදුසුකම් සහිත අත්දැකීම් ඇති නිලධාරීන්ට ඉඩ නොලැබෙන ආකාරය අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
එසේම මෙම තනතුරට අදාළ පාර්ලිමේන්තුවේ බඳවා ගැනීමේ පරිපාටිය අනුව අභ්‍යන්තර නිලධාරීන්ට බඳවා ගැනීමේ උපරිම වයස් සීමාවක් අදාළ වූයේ නැත.
මෙවර බඳවා ගැනීමේ දැන්වීමේ එම ව්‍යාතිරේකය සඳහන් වී නැත.