ලලිත් චාමින්ද –
රුපියල් මිලියන 22.5ක මුදලක් වැයකොට කාපට් අතුරනු ලැබූ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් තෙල්ලඹුර මීගහවෙල මාර්ගය නිසි ප්‍රමිතියෙන් තොර බව සඳහන් කරමින් පක්ෂ විපක්ෂ ප්‍රාදේශීය දේශපාලකයන් ද සමග ප්‍රදේශවාසී පිරිසක් අද (23) කොට්ටව මං සන්ධියේදී උද්ඝෝෂණයක නිරතවුහ.

මෙම මාර්ගය කාපට් කිරීමේදී නිසි අධීක්ෂණයක් සිදු කොට නොමැති බවද විරෝධතාකරුවෝ මෙහිදී සඳහන් කළහ.
මෙම මාර්ගය විධිමත්ව සකස් කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකළ යුතු බව පවසන විරෝධතාකරුවන් තම ගමට ප්‍රවේශවන මාර්ගය නිසි පරිදි සකස් කර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ .

මේ වන විටත් මාර්ගය අතුරනු ලැබූ කාපට් කැඩී යමින් පවතින බව ද විරෝධතාකරුවෝ සඳහන් කළහ.
මෙම විරෝධතාවය සඳහා යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජී පියදාස ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.







