සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාඨලීට වෙන්න යන දේ… රාජගිරියේ රිය අනතුරු නඩුව පැවරීමට එරෙහිව පාඨලීගේ අභියාචනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසි කරයි… නඩු විභාගයට දින නියම වෙයි!

by editor
ජූලි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයකු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පැවරීමට එරෙහිව විත්තිකාර පාඨලී චම්පික රණවක ගොනු කළ අභියාචනාව ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කොට ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක   ඊයේ (25දා) විවෘත අධිකරණය හමුවේදී දැනුම් දුන්නේය.

එම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට පළමුවන විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනාව නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යන ලෙසට ද තම අධිකරණයට නියෝග කොට ඇතැයි ද වැඩිදුරටත් පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ලබන නොවැම්බර් 18 වැනිදා පැවැත්වීමට දින නියම කළේය.

2016.02.28 වැනිදා රාත්‍රි රාජගිරිය ප්‍රදේශයේදී සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා රිය අනතුරකට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ එවකට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක, සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල හා තුසිත දිදුම් කුමාර නමැති විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පවරා ඇති නඩුව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස්   මෙහෙයවන බව පෙන්වා දෙමින් රජයේ අධිනීතිඥවරයා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය සඳහා එලෙස දින නියම කළේය.

එම නඩුවේ පළමු වන විත්තිකාර පාඨලී චම්පික රණවකට පනවා ඇති විදේශ ගමන් තහනම ඉදිරි නඩු දිනය දක්වා තාවකාලිකව අත්හිටුවීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

සිය සේවාදායකයාට විදේශ රටක පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගි වීමට ආරාධනා ලැබී ඇති බවත් ඊට අමතරව  ඔස්ට්‍රේලියාවේ සිටින ඔහුගේ දියණිය දැක බලාගැනීමට යෑමට අපේක්ෂා කරන බවත් කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න   කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.  ( ඒ.ජේ.අබේනායක – දිවයින )

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

පසුගිය වසර තුන තුළදී පමණක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රජයන් දෙකක් දැරූ වියදම රුපියල් කෝටි 557ක්… විගණනය හෙළි කරයි!

Next Post

පොලිසිය අවලස්සන කළ දේශබන්දුට පොලිස්පතිවරුන්ගේ ඉතිහාසයේ ලැබෙන තැන!  

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.