බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාටි දම්මෙ නෑ… පාටි දැම්මා කියලා බොරු කියන්නෙ වෛරක්කාරයො…

මඩ ගහන හිරු නාලිකාවට නඩු දානවා.... චන්දිමාල් ජයසිංහ කියයි...

by editor
ජූනි 2, 2021
in පුවත්
Chandimal
Share on FacebookShare on Twitter
  • කම්මැලිකමට යාලුවො කීපදෙනෙක් එක්ක එකතුවෙලා කේක් එකක් කැපුවා…

  • වැරැද්දක් කළා නම් ඇයි හෝටලයෙන් අහන්නෙ නැත්තේ ඇයි අපාර්ට්මන්ට් දුන්නෙ කියලා…

චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලිගේ නිරෝධායන නීති කඩකර පාටි දමා අත් අඩංගුවට ගැනීම ඊයේ මේ රටේ ප්‍රධාන මාධ්‍යය සියල්ලගේම ප්‍රමුඛ පුවත විය. 

චන්දිමාල් සහ පියුමි පොලිස් අත් අඩංගුවට පත් වූයේය. පසුව ඇප පිට නිදහස් විය. ඇප පිට නිදහස් වූ චන්දිමාල්ගෙන් සිදුවූයේ කුමක් අසන්නට සිත් විය.

මේ චන්දිමාල් කියන කතාවය.

මොකක්ද චන්දිමාල් ඇත්තටම වුණේ?

ඇත්තටම ඔය කියන විදිහට අපි පාටි එකක් දැම්මේනම් නෑ. උපන්දිනය දවසේ අපි හෝටලේ අපාර්ට්මන්ට් එකක් බුක් කරගෙන යාලුවෝ කිහිප දෙනෙක් එකතුව් වුණා. ඔය පතුරන කතාවල හැටියට පනහක් හැටක්නම් එතන හිටියේ නැහැ. අපි පාටියක් තියා අඩු ගාණේ කේක් එකක්වත් කැපුවේ නෑ. මාත් එක්ක තියෙන වෛරයකට තරහකට තමයි ඔය වැරදි කතා පතුරවන්නේ. හිරු නාලිකාව තමයි මට මඩගහන්නේ. බොරු දේවල් උලුප්පලා දක්වන්නේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඒ කියන්නේ චන්දිමාල් උපන්දින පාටියක් දැම්මේ නෑ කියලද ඔය කියන්නේ?

පාටියක් දැම්මේ නෑ. පාටියක් දානවානම් හෝල් එකක් බුක් කරගෙන නටලා කාලා බීලා විනෝද වෙන දේවල් පේන්න තියෙන්න ඕනෙනේ. මේ වගේ වෙලාවක පාටියක් දාන්න අපි මෝඩයෝ නෙමෙයිනේ. අපි පාටියක් දැම්මේ නෑ. උපන්දිනයක් වෙලාවක ගෙදරක වුණත් කේක් එකක් කපන්න පුලුවන්නේ. අපි කළේ කම්මැලිකමට යාලුවෝ කිහිප දෙනෙක් එක්ක එකතු වුණ එක. මට පාටියක් දානවානම් කොරෝනා ප්‍රශ්නය ඉවර වෙලා උපන්දිනය පහුවෙලත් පාටියක් දාන්න පුලුවන්නේ.

මේ එක මාධ්‍යයකින් කරන්නේ වෛරයක් පිරිමහන එක. මෙහෙම කරන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. මෙහෙම බොරු දේවල් උලුප්පලා දක්වන එක වැරැදියි. මඩ මඩගහන තරමක් මඩ ගහන්නේ හිරු නාලිකාව. මම ඉදිරියේදි ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නවා. කලින් තිබ්බ උපන්දින සාදවල වීඩීයෝ ඡායාරූප දාලා තමයි ඔය පාටි දැම්මා කියලා ප්‍රචාරය කරන්නේ.Chandimal

පාටි නොදැම්මානම් මොකටද මේ සංචරණ සීමා තියෙන කාලේ යාලුවෝ එක්ක එකතු වුණේ?

අපි හොටෙල් එකේ රූම් එකක් බුක් කරගත්තේ පැය 24කට. එහෙම රූම් එකක් ගන්න බෑ කියලා තිබ්බානම් අපිට ඒක ගන්න බෑනේ. ඒ හෝටලයේ ඕනතරම් අය රූම් අපාර්ට්මන්ට් අරගෙන හිටියා. මම ප්‍රසිද්ධ නිසා තමයි ඔය මාව අල්ලගෙන දඟලන්නේ.

අපි කම්මැලිකමට යාලුවෝ කිහිප දෙනෙක් තමයි එකතු වුණේ. පාටියක් තිබ්බානම් එයාලට එතන ඡායාරූප එහෙම ගන්න තිබ්බනේ. ඕනේනම් එතන කේක් එකක් තියෙන්න ඇති.

රටම ප්‍රශ්නයක ඉන්න වෙලාවේ කේක් එකක් කපන ඡායාරූපයක්වත් මම සමාජ මාධ්‍යවලවත් දාන්න කැමැති වුණේ නෑ. පොලිසිය එන වෙලාවේ මමයි තව යාලුවෝ දෙන්නෙකුයි විතරයි ඉතුරු වෙලා හිටියේ. පොලිසිය ආවේ 12ට විතර. 11ට අනෙක් අය ගිහින් තිබ්බේ. පොලීසිය ආපු වෙලාවේ එතන පාටියක් තිබ්බානම් එයාලා දකිනවානේ.

ඇත්තටම මෙහෙම බොරු දේවල් පතුරද්දි හිතට දුකයි. හරිම කලකිරීමක් ඇති වෙන්නේ. මම වැරැද්දක් කරලා නැති නිසා පොලිසියටත් උසාවියටත් ඉදිරිපත් වුණා. නොදැන වැරැද්දක් වෙලානම් අපි නීතියට ගරු කරන්න ඕනේ. මම එහෙම වැරදි කරලා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. බොරු දේවල් පුම්බලා පෙන්නන එක තමයි වැරැදි. දැන දැන අපි වැරැදි කරන්නේ නෑනේ.

අපි වැරැද්දක් කළානම් හොටෙල් එකෙනුත් අහෙන්න ඕනේ ඇයි අපාර්ට්මන්ට් දුන්නේ කියලා. මේ වගේ දේවල් උලුප්පලා පෙන්නන්නේ රටේ ප්‍රශ්න යට ගහන්නද කියලා මට තේරෙන්නේ නෑ

සටහන – තිලීකා

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිනි ගත් නැව ගිලීමේ අවදානමක් – තෙල් කාන්දුවක් ගැන අනතුරු අඟවයි!

Next Post

යාපනයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නාම පුවරුවෙන් සිංහල හැලුන බවට ප්‍රචාරය දේශපාලකයන්ගේ කුමන්ත්‍රණයක්….

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.