අනතුරට පත් MV X-Press pearl නෞකාවේ හදිසි තෙල් විසිරීමක් සිදුවීමට ඉඩ ඇති බව ශ්‍රි ලංකා සමුද්‍ර දූෂන මර්දන අධිකාරිය නිවේදනය කරයි.
එසේ වුවහොත් එහි බලපෑම දික්ඕවිට ප්‍රදේශයේ සිට මීගමුව කැපුන්ගොඩ ප්‍රදේශ දක්වා විහිදෙනු ඇතැයි අනුමාන කෙරේ.
නැවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් නැව් පිටුපස කොටසෙහි ස්ථායීතාවය ගිලිහී යාම මෙම හදිසි තතත්වයට හේතුවී තිබේ.
මෙම තත්ත්වය මත නැව ගිලී යාමට ද ඉඩ ඇතැයි අනතුරු අගවා ඇත.
මෙම නැව ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාමේ තටයුතු ආරම්භ වී තිබුණි.