එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී පාකිස්ථානය මූලික කර ගත් ජයිෂ් ඊ මොහොමඩ් ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බාධක පනවන ලෙස ඉල්ලමින් එක්සත් ජනපදය හා ඉන්දියාව එක්ව ගෙන ආ යෝජනාවට ප්‍රතිචාර දැක්වීම චීනය ප්‍රමාද කර තිබේ.
මෙම කණ්ඩායමේ නායක අබ්දුල් රවුෆ් අසාර්ට ගෝලීය සංචාරක තහනමක් පනවමින් වත්කම් කැටිකරන්න යැයි ඉන්දියාව හා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඉල්ලා සිටි අතර ඊට සාමාජිකයින් 15 දෙනෙකුම සහයෝගය දැක්වූහ.
ඊට ප්‍රතිචාර නොදැක්වූ චීනය පවසා සිටියේ මෙම යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යනය කළ යුතු බවයි. එලෙසම තමන් සේම ප්‍රතිචාර නොකැද්වූ තවත් සාමාජිකයින් සිටින බව ද චීනය පෙන්වා දුන්නේය.
අසාර් 2010 වසරේදී ඉන්දියාවේ ත්‍රස්තවාදී ක්‍රියාවල නියැලී ඇති අතර එක්සත් ජනපදය තුළ ද ත්‍රස්තවාදී ක්‍රියාකාරම් සිදු කර තිබේ. ඒවා හේතුකොටගෙන ඔහුට සම්බාධක පනවන්න යැයි එක්සත් ජනදපය හා ඉන්දියාව ඉල්ලා සිටියහ.