වාහන කීපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමට අවසර ලබා දෙමින් ඉන්ධන ජාතික ඉන්ධන බලපත්‍රය යාවත්කාලීන කර තිබේ.
බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මේ යටතේ රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාර සඳහා අවස්ථාව සැලසෙනු ඇති බවය.
Fuel Pass Update –
Government Institutes, Organizations & Businesses can Now register Multiple vehicles with One mobile number or multiple mobile numbers under One Business Registration Number.
Govt institutes will be given guidelines on BRNs assigned to them.
More info 👇🏾 https://t.co/uRMrVdO8Xk
— Kanchana Wijesekera (@kanchana_wij) August 14, 2022
මේ යටතේ එක් දුරකථනයකින් වාහන කීපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචියට ඉඩ සැලෙසන බවය.
මේ අතර කිව්ආර් කේත ක්‍රමයට පිටින් ඉන්ධන ලබා දෙන ඉන්ධන පිරවුම්හල් විෂයෙහි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නත්, ඉන්ධනහල් වෙත ලබා දුන් ඉන්ධන සහ කේත ක්‍රමය යටතේ නිකුත් කළ ඉන්ධන විගණනයකට ලක් කර ක්‍රමය අපරහරණය කළ පුද්ගලයින් හඳුනාගන්නටත් කටයුතු කිරීමට බලශක්ති අමාත්‍යාංශය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
ගෙවුණු සතියේ පිරිභෝජනය කෙරුණු ඉන්ධන ප්‍රමාණය ගැන සලකා බලා ලබන සතියේ දි වාහන සඳහා නිකුත් කරන ඉන්ධන කෝටාවෙහි යම් කිසි සංශෝධනයක් කරනවා ද නැද්ද යන වග සම්බන්ධයෙන් අද තීරණය කරනු ලැබේ.