සුපුරුදු පරිදි ප්‍රමාද වූ මරණ 47ක් වාර්තා කරන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අදත් (07) මරණ වාර්තා වී නැති බව නිවේදනය කරන්නේය.
ඊයේත් මරණ වාර්තා නොවූ බව කී නමුත් ඔහු ප්‍රමාදවී වාර්තා කරන්නේ ඊයේ මරණ 13ක් සිදු වී ඇති බවය. මෙම මරණ 13 ඊයේ වාර්තා වී නම් ඊයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 61කි.
කෙසේ වෙතත් මේ ප්‍රමාද වූ මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ මැයි 17 දා සිට ජූනි 06 දා දක්වාය. මේ වනවිට වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1789කි.
එමෙන්ම අද කොවිඩ් ආසාදිතයන් 2610ක් වාර්තා විය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් පසු සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. එම ප්‍රමාණය 201264කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දක්වේ.