කොවිඩ් ආසාදිතව නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සුප්‍රකට වෙදැදුරු එළියන්ත වයිට් මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගියේය.
කිසිම එන්නත් මාත්‍රාවක් නොගෙන ස්වකීය විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව පමණක් විශ්වාසය තැබූ ඔහු කොවිඩ් ආසාදිතව රෝහල්ගත කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකය වෙත සතියකට පමණ පෙර යොමු කළේය.
එළියන්ත වයිට් කුණ්ඩලිනී ශක්තිය මුදා හරිමින් ඉන්දියාවේ පැතිරී ගිය මාරාන්තික කොවිඩ් තත්වය පාලනය කිරීමට ඉදිරිපත් විය.
ලංකාවේ කොවිඩ් උවදුර මග හැරීමට ශාන්ති කර්ම ගණනාවක් කළේය.
ඔහු රටේ නම ගිය ප්‍රභූවරුන් ගණනාවකට විශ්ව ශක්තියෙන් ප්‍රතිකාර කළ අයෙක් බව ප්‍රකටය.
එළියන්ත වයිට් මිය ගිය බවට වූ කට කතා අවස්ථා ගණනාවක දීම පැතිර ගොස් තිබිණි.