කොවිඩ් ආසාදිත බව තහවුරු වූ රෝගීන් 40 අධික සංඛ්‍යාවක් මේ වනවිට සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිටින බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ හෙළිදරවු කරයි.
මෙම රෝගීන් යොමු කිරීම සඳහා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ කඩ නොමැති බව එම ආරංචි මාර්ග පවසයි
පසුගිය 18 දා සිටි කොවිඩ් ආසාදිත බව තහවුරු වූ රෝගීන් පිරිසක් මෙසේ නිවෙස්වල තබන්නට සිදු වී ඇත. ආසාදියන් අතර එකම පවුලේ කීප දෙනා බැගින් වාර්තා වන ස්ථාන ද ඇතැයි සෞඛ්‍ය අංශ දන්වයි.
මේ ආසාදිත පිරිස අතර සීදුව පොලිසියේ පසුගිය 10දා පැවති පාසල් දරුවන් සඳහා පොත් පත් බෙදා දීමකට එක් වූ මවුරුන් හා දරුවන් කීප දෙනෙක් ද සිටින බව වාර්තා වේ.






