තිළිණි ප්‍රියමාලි ලඟ රුපියල් කෝටි 75ක් ආයෝජනය කර නිළියන් සමග අතුරු කතා කරන්නට ගොස් බ්ලැක්මේල් වුන ආචාර්ය උපාධිධාරී බව කියන ව්‍යාපාරිකයෙක් ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ජනප්‍රිය නිළියක් යොදාගෙන මෙම ව්‍යාපාරිකයා බ්ලැක්මේල් කළ ආකාරය සම්බන්ධව වැදගත් විස්තර ප්‍රමාණයක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළි කර ඇත.
ඒ අනුව ප්‍රියමාලිගේ කොන්ත්‍රාත් කරමින් පුද්ගලයින් බ්ලැක්මේල් කිරීම සඳහා වීඩියො සහ හඬ පට සැපයූ නිළියන් සහ නිරූපිකාවන් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගැනීමට විමර්ශක අංශ සූදානම් වන බව වාර්තා වේ.
මෙම වංචාව ඇය තනිව කර නැති බවත් 2015ට පෙර රජයේ සිටි ප්‍රබල ඇමතිවරයෙක් වූ මර්වින් සිල්වා සමීපයේ සිටිමින් ප්‍රියමාලිගේ සැමියා ලෙස පෙනී සිට මෙම වංචාව කරගෙන යෑමට මාර්ගය සැපයූ ඉසුරු බණ්ඩාර නැමැති පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන අංශ සූදානමින් සිටී.
ප්‍රියමාලි විසින් ඇය වංචා කළ මුදල තැන්පත් කර තිබූ බව කියන ලෝක වෙළෙඳ සංකීර්ණයේ 34වැනි මහලේ පවත්වාගෙන ගිය ඇයගේ කාර්යාලයේ සේප්පුව ඊයේ විවර කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට එහි මුදල් කිසිවක් නොතිබුණ බව හෙළි වී තිබේ.
ඇය සතු ගිනුම් තුනකත් ඇත්තේ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් බවත් විමර්ශන අංශවෙත පෙනී ගොස් ඇත.
ඒ අනුව ඇය සමීපව ඇසුරු කළ පුද්ගලයින්ගේ ගිනුම් සහ අලුතින් උපයාගත් වත්කම් පිළිබඳව ද විමර්ශනය කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග කියයි.






