ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරුම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් අද ගුවන් තොටුපලේ දී සිදුකළ ප්‍රකාශය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.
ඔහු ප්‍රකාශ කර තිබුණේ බාහිර කණ්ඩායමක් කළ කුමන්ත්‍රණයක් නිසා ශ්‍රී ලංකාවට මෙම ඛේදනීය පරාජය උරුම වූ බවය.
නලීන් බණ්ඩාර ජයමහ මන්ත්‍රීවරයා මේ අවස්ථාවේ දී ඉල්ලා සිටියේ මෙය ඉතාම භයානක තත්ත්වයක් බවත් මෙම තේරුම් කමිටු ප්‍රධානියා සහ මේ තරගාවලියට එක් වූ සියලුම කළමණාකරණ නිලධාරීන් ගෙන්වා මෙම විමර්ශනය පවත්වන ලෙසය.