ශ්‍රියානි විජේසිංහ –
Co – Amoxiclave ප්‍රතිජීවකය එන්නත ලබා දීමෙන් පසු කොළඹ ජාතික රෝහලේදී මියගිය රෝගියාගේ රුධිරය හා පටක කොටස් ඔස්ට්‍රේලියාවේ පරික්ෂණාගාරයක් වෙත යැවීවට තීරණය කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරයි
මෙම පුද්ගලයාට මරණය සිදුවූ අදාල එන්නතේ කාණ්ඩ සියල්ල මේ වන විට භාවිතයෙන් ඉවත් කර පරික්ෂා කිරිම්වලට ලක් කර ඇතැයිද හෙතෙම පැවසුවේ.
කොළඹ ජාතික රෝහල තුළ පමණක් මෙම එන්නත රෝගීන් 18000කට ලබා දී ඇති නමුත් ඔවුන්ට කිසිදු ආබාධ තත්තවයක පැන නොනැගී බව පෙන්වා දෙන වෛද්‍ය විජේසූරිය වැඩිදුරත් පවසා සිටියේ මෙම එන්නත දිනකට රෝගීන් 1000ට පමණ භාවිතා කරන බැවින් මෙහි සියලුම ඛාණ්ඩයන් භාවිතයෙන් ඉවත් කළ නොහැකි බවය.
මීට පෙර මෙම එන්නතේ තවක් කාණ්ඩ කීපයක් නිසා අසාත්මිකතාවන් පෙනුම් කළ බවත් එන්නත ලබා දුන් රෝගීන් තිදෙනෙකු මිය ගිය බවත් වාර්තා වූ පසුව අදාල එන්නත් කාණ්ඩ භාවිතයෙන් ඉවත් කර ඖෂධ නියාමන අධිකාරියේ පරික්ෂාවයන්ට ලක් කළේ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
එහි වාර්තාවන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමුකළ වාර්තාවන් පිලිබඳව තමාට කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නොමැති බව ද හෙතෙම පැවසීය.
කෙසේ නමුත් මෙම එන්නත අත්‍යවශ්‍ය ඖෂධයක් බැවින් මේවා විදේශයෙන් හෝ මිලදී ගැනීමට කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇතැයිද ඒ අනුව ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ දී වුවද ඒවා මිලදී ගැනීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකෙයකු පැවසුවේය.
මේ අනුව දැනට රෝහල්වල හිඟ ඖෂධ ඉක්මනින් ගෙනවා ගැනීම සඳහා අද සෞඛ්‍ය ඇමතිවරයා ඉන්දීය මහකොමසාරිස්වරයා මුණ ගැසීමට නියමිත බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය.