අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රචණ්ඩකාරීව හැසිරුණ පොලිසිය නීතිය අවභාවිතා කළා –

අන්තරේ උද්ගෝෂකයින් අත්අඩංගුවට ගත් අයුරු නීතිඥවරු අධිකරණයට කියති...

by editor
අගෝස්තු 19, 2022
in පුවත්

Share on FacebookShare on Twitter

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ සංවිධානය කරතිබූ විරෝධතාවය සම්බන්ධව  පොලිසිය සාවද්‍ය කරුණු අධිකරණයට ඉදිපත් කරමින්   අත්අඩංගුවට පත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට උත්සාහ කරන බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අද (19) අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ජනාධිපති නීතිඥවරයා  එසේ ප්‍රකාශ කළේ ඊයේ උද්ඝොෂණය අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනා අද කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්  කොළම අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.ඉලංගසිංහ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ  පොලිසිය ඉදිරිපත් කළ කරුණු දැක්වීමට සිය මතය ඉදිරිපත් කරමිනි.

කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කීවේ අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂකයින්  ජනාධිපති ලේකම් කාර්යාලයට හා මුදල් අමාත්‍යාංශයට ඇතුළු වීමට සූදානම් බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වීමේ දී        රාජකාරියට බාධා කර  ඔවුන්  ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බවය.  එසේ හැසිරුණු  සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. විමර්ශන නිම වී නැති හෙයින් මෙම පිරිස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී  ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දුන්නේ ප්‍රචන්ඩ ලෙස හැසිරුනේ උද්ඝෝෂකයන් නොව පොලිසිය බවය. කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සිට යුනියන් පෙදෙස හරහා පැමිණි සිය ගණන් පොලිස් නිලධාරීන් ලිප්ටන් වටරවුමේ සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිසට      ප්‍රචණ්ඩ ආකාරයෙන් පහර දුන් බව ජනාධිපති නීතිඥවරයා කීවේය.

එමෙන්ම මෙම සැකකරුවන් අත්අංගුවට ගෙන ඇත්තේ බොරැල්ල, වොඩ් පෙදෙස, නාරාහේන්පිට ආදී ප්‍රදේශවලින් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුළුවීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බව පැවසීම ඉන්ම අසත්‍යයක් බව ඔප්පු වන බව කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උද්ඝෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනතාවට ලැබෙන අයිතියක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්  තම සේවා දායකයින් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරත නොවුන බවත්, ප්‍රචන්ඩ ලෙස හැසිරී ඇත්තේ පොලිසිය බවත් අධිකරණය ඉදිරියේ කියා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න පෙන්වා දුන්නේ පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ නීතිය අවභාවිතා කරමින් බවය.

අධිකරණය ඉදිරියේ පොලිසිය කියා සිටියේ උද්ඝෝෂකයින් අතර සිටි ජෙහාන් අප්පුහාමි පොලිස් අත්අඩංගුවෙන් පලා ගිය බවය. ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසය.

එම අවස්ථාවේදී ජෙහාන් අප්පුහාමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ තම සේවාදායකයා සිද්ධියෙන් පසු මරදාන පොලිසියට ගිය අවස්ථාවේ දී  ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බව මරදාන පොලිසියේ නිලධාරීන් විසින් පැවසිම නිසා ඔහු පොලිස්ථානයෙන් පිටවී ගිය බවය.

තම සේවාදායකයා පොලිස් අත්අඩංගුවෙන් පලා යන පුද්ගලයෙක් නොවන බව කී නීතිඥවරයා ඔහු ඕනෑම අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව දන්වා සිටියේය.

මෙහිදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා අධිකරණය සැකකරුවන් 16 දෙනා ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

අත්අඩංගුවෙන් පලා ගිය බව කී ජෙහාන් අප්පුහාමිගේ විදේශගතවීම් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජපක්ෂ ජුන්ටාව රනිල් වික්‍රමසිංහ ජනපති කළේ  ජනතාවගෙන් පලිගන්න..! – ටිල්වින් සිල්වා…

Next Post

යෝජිත නව ආණ්ඩුවේ ඇමති ධූර සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමේ වගකීම පක්ෂවලට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.