බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළමු පාර්ලිමේන්තු සැසි වාරයේ දීමට පොහොට්ටුව අගමැතිට පිටින් යයි!

පාර්ලිමේන්තුවේ  ස්වාධීන විපක්ෂ සියලු කණ්ඩායම් අගමැති යෝජනාවට එකඟත්වය පල කරද්දී  නියෝජ්‍ය කථානායකට ඡන්දයක්...

by editor
මැයි 17, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කාන්තාවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මුලින් සියලු පක්ෂ සමඟ ඇති කරගත් එකඟතාව කඩ කරමින්, නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න   ඉදිරිපත් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පක්ෂයෙන් අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මේ නිසා නියෝජ්‍ය කථානායක ධුරය තේරීම සඳහා සභාගැබේ ඡන්දයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් මතුව තිබේ.

අද උදෑසන මූලික කටයුතුවලදී නියෝජ්‍ය කථානයක පත් කිරීමට කථානායක නම් යෝජනා කරන්න යැයි පැවසූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ නම යෝජනා කළ අතර  ආණ්ඩුවෙන් පොදුජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස්  විසින් අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා යෝජනා කළේය.

ඒ මොහොතේ නැඟි සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද දිනයේත් මෙම නියෝජ්‍ය කථානායක පත් කිරීමට ඡන්දයක් පවත්වමින් රුපියල් මිලියනයක් හා කාලය වැය කිරීම නිශ්ඵල දෙයක් බවත් වහාම ඡන්දයකට නොගොස් පක්ෂ නායකවරුන්ගේ එකඟතාවයෙන් එක් අයෙකු පත් කර ගත යුතු බවත් ප්‍රකාශ කළේය. එසේ නැතහොත් තමන් මෙම ඡන්දය වර්ජනය කරන බව ද ඔහු පැවසීය.

එහිදී නිමල් ලංසා මන්ත්‍රීවරයා ද පැසුවේ මේ වන විට මිලියන 22 ක ජනතාව පාර්ලිමේන්තුවට දෝෂාරෝපණය කරන පසුබිමක මෙවැනි ඡන්ද විමසීම් අනවශ්‍ය බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී මන්ත්‍රීවරුන් ගණනාවක් අදහස් පළ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ද අදහස් පළ කළාය. පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන්  දොළොස්දෙනා අතරින් කාන්තාවක් නියෝජ්‍ය කථානායක ධුරයට සුදුසු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මුලින් අදහස් ප්‍රකාශ කිරීම සඳහා සියලු මන්ත්‍රීවරියන් වෙනුවෙන් ඇය අග්‍රාමාත්‍යවරයා ස්තූතිය පළ කළාය.

එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල, නලීන් බණ්ඩාර, චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් ද අග්‍රාමාත්‍යවරයා නියෝජ්‍ය කථානායක ධුරයට කාන්තාවක් සුදුසු බව පවසා ඇති නිසා ඒ අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ප්‍රකාශ කළේ මෙම නිශ්ඵල ඡන්ද විමසීමක් දක්වා ගියහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම එම ඡන්දය කටු ගා දමන බවයි.

කෙසේ වුවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් එකඟදැයි විමසූ අතර ඒ පිළිබඳ එකඟත්වයක් පළ නොවූයෙන් යෝජනා කරන ලද නම් අතරින් එක් අයෙකු ඉල්ලා අස් නොවෙන්නේ නම් සුළු මොහොතකින් ඡන්දය විමසන බව ප්‍රකාශ කළේය.

ඒ අනුව කිසිවෙකු ඉල්ලා අස්නොවූයේන ඡන්දය විමසීමට තීරණය විය. මේ වන විට ඡන්ද විමසීම සභා ගැබ තුළ පැවැත්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාලුමුවදොරට පහරදීමේ වදරට අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයාගෙ පැටිකිරිය මෙන්න…

Next Post

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.