පස්සරමුල්ලේ දයාවංශ හිමියන් සම්බන්ධයෙන් වහාම විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය මල්වතු අස්ගිරි නායක ස්වාමින් වහන්සේලාට ලිපියක් යොමු කර ඇත.
එම ව්‍යාපාරය මෙම ඉල්ලීම කර ඇත්‌තේ පහන්තුඩාව ඇල්ලේ අසභ්‍ය වීඩියෝව පිලිබඳව වගකිවයුතු ආයතන උන්වහන්සේ ලිඛිතව දැනුවත් කිරීම සම්බන්දයෙනි.
එම වීඩියෝව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට පෙර පස්සර හිමියන් එම වීඩියෝව නරඹා තිබිය යුතු බවත් එවන් වීඩියෝවක් නැරඹීම ස්වාමීන් වහන්සේලාට අකැප බවත් එම ලිපියේ සඳහන් කර ඇත.
ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා මැදිහත් වීම බුද්ධ ශාසනයේ අපකීර්තියට ලක්විමට හේතුවක් බවත් එම ලිපියේ සදහන් කර ඇත
එම ලිපිය පහත දැක්වේ.