හෙරෝයින් ළඟ තබා ගැනීම හා පානය කිරීමේ වරදකට සිරිදඬුවම් නියමව පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරට යොමුකර සිටි පුද්ගලයින් දෙදෙනෙකු වික්ටෝරියා ජලාශයට පැන පළා යෑමට උත්සාහ කිරීමේදී එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇත.
මොවුන් දෙදෙනා ජලාශයට පැන හාරගම දෙසට පිහිනා යෑමට උත්සහ කිරීමේදී එක් අයෙකු දියේ ගිලී තිබේ. අනෙක් පුද්ගලයා පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරයි.
හෙරෝයින් පානය කිරීම සහ ළඟ තබා ගැනීමේ වරදට සිර දඬුවම් ලැබ මොවුන් දෙදෙනා අතරින් මියගිය පුද්ගලයා වසරක පුනරුත්ථාපන කාලයක් සඳහා පසුගිය සැප්තැම්බර් 22 දින පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකර තිබේ.
මියගිය පුද්ගලයා 34 වියැති පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පළාගිය පුද්ගලයා මිනුවන්ගොඩ පදිංචිකරුවෙකි.
ඔහු ඔක්තෝම්බර් මස 04 වැනි සිරකඳවුරට යොමුකර ඇත්තේ වසරක පුනරුත්ථාපන කාලයක් සඳහාය.