අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පලාගිය කන්දකාඩු රැඳවියන් 37ක් තවමත් අතුරුදහන්… 102ක් අත් අඩංගුවට… පලා යෑමට හේතුව ආහාර ප්‍රශ්නයක්!

Reason for the escape said to be a food crisis

by editor
දෙසැම්බර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

මත්ද්‍රවවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන පොළොන්නරුවේ වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වී තිබුණු ආහාර ගැටලුවක් හේතුවෙන්  ඊයේ (11) සවස වැටවල් කඩාගෙන  පලාගිය රැඳවියන් ගේ සම්පූර්ණ ගණන 139ක් බවත් ඉන් 37 දෙනෙක් පිළිබඳ මේ වනවිටත් කිසිම තොරතුරක් නැති බවත් පොලිසිය පවසයි.

පැනගිය රැඳවියන්න්ගෙන් 102 නෙකු අත්අඩංගුවට ගෙන  ඇති අතර ඔවුන් අද (12)   පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැලිකන්ද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් රැඳවියන් එකසියදෙදෙනා හිඟුරක්ගොඩ, මීගස්වැව, පොළොන්නරුව, පුලස්තිපුර.යන පොලිස් ස්ථානවල රඳවාගෙන කට උත්තර ලබාගැනීමට යොමු කර ඇති බවද වැලිකන්ද පොලිසිය පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හාරසියඅසූ පස්දෙනකු පමණ පුනරුත්ථාපනය වෙමින් සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පලාගිය සැකකරුවන් කොළඹ, මීගමුව, යාපනය, මහනුවර, යන ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු විස්සත් හතළිහත් අතර වයසේ පසු වන්නන් බවද පොලිසිය පවසයි.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

දැනට තොරතුරක් නැති රැඳවියන් 37 දෙනා සොයා ගැනිම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි    වැලිකන්ද පොලිසි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායකගෙන්  කළ විමසීමකදීම සඳහන් කළේය.

එම මෙහෙයුම්  සඳහා වැලිකන්ද, පුලස්තිපුර,මීගස්වැව, හිඟුරක්ගොඩ, මනම්පිටිය, ඇතුළු තවත් පොලිස් ස්ථාන කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙ සහයෝගයෙන් පොලිසිය සහ යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක්  ක්‍රියාත්මක කර ඇති බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා අප කළ විමසීමකදී පැවසීය.

ආහාර ගැටලුවක් මුල් කරගනිමින් ආරක්ෂක අංශ සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත ඊයේ  (11)   දහවල් මුලින් රැඳවියන් දොලොස් දෙනකුට පලාගොස් ඇති අතර, අනතුරුව වරින්වර සෙසු රැඳවියන් පලා ගොස් ඇති බවද පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ආරක්ෂාවට නිලධාරීන් පනස්දෙදෙනකු යොදවා සිටින අතර මේ අයුරින්ම ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දී රැඳිවියන් සහ ආරක්ෂක නිලධාරීන් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් අනුව, පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළවලට අලාභහානි කරමින් රැඳවියන් දෙසීයකට ආසන්න පිරිසක් පලාගොස් සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ මෙහෙයවීමෙන් පොළොන්නරුව සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා, වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල, වැලිකන්ද පොලිස් ස්ථානාධිපති සමන්ත රත්නායක ඇතුළු විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හරීන්… ඔබ මේ ගොඩ නගමින් සිටින්නේ වළ දැමූ ක්‍රිකට්වල සොහොන ද?

Next Post

කන්දකාඩු කඳවුරේ ආහාර ප්‍රශ්නයට මුල රැඳවියන්ට කන්න දෙන හාල්මැස්සො ටික පවා හොරකම් කරීම…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.