ඊයේ රැඳවියෙක් ගෙල වැල ලාගෙන මිය ගිය පල්ලෙකැලේ බන්ධනාගාරයෙන් අද (21) දහවල් 11ට පමණ තවත් රැඳවියෙක් පලා ගොස් තිබේ.
සිය දිවි නසා ගත් රැඳවියා මෙන්ම පලා ගිය රැඳවියාත් හෙරොයින් සන්තකයේ තබා ගැනීම නිසා පුනරුත්ථාපනය සඳහා බන්ධනාගාර ගත කළ අයෙකි.
පලාගොස් ඇත්තේ ලංකාගේ භාෂිත කුමාර නැමැති 31 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මාස 06 ක කාලයක් සඳහා පුනරුත්ථාපනයට බන්ධනාගාරයට යොමු කර ඇත.
බන්ධනාගාරයේ වගා අංශයේ වැඩ කරමින් සිටිය දී මෙසේ ඔහු පලා ගොස් තිබේ.
පල්ලෙකැලේ බන්ධනාගාරයෙන් ලද පැමිණිල්ලක් ප්‍රකාරව පල්ලෙකැලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







