මනම්පිටිය නිමල් ජයරත්න –
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා රුපියල් දශ ලක්ෂ හැට තුන්දාස් නමසිය අසූ අටක ඉන්ධන තොගයක් භාවිතා කර, අධිකාරියට සිදුකර ඇති මූල්‍යමය අලාභය අභ්‍යන්තර විගණනයකින් හෙළි වී තිබියදි පරිවාස කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ සේවය ස්ථිර කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන ඇති තීරණයට මහවැලි ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි විරෝධය පළවී තිබේ.
2023 මාර්තු 23 වෙනිදා සිදු කරන ලද විගණන විමසුම් වාර්තාවට අදාළව කරන ලද මූලික විමර්ශන වාර්තාවට අනුව ඔහු එම කාලය තුළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නිල රථයට ලබාදෙන ඉන්ධන වලට අමතරව රුපියල් දස ලක්‍ෂ හැට තුන්දාස් නවසිය අසූ අටක ඉන්ධන තොගයක් භාවිතා කර ඇති බවට හෙළිදරව් වී තිබේ.
මේ සම්බන්ධව 2025 මැයි 23 වෙනිදා පැවැති පොදු ව්‍යාපාර කාරක සභා වාර්තාවේදී කරුණු අනාවරණය වී තිබියදි ශ්‍රී ලංකා
මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, අදාළ මහවැලි ආරක්ෂක බලකායේ සහකාර අධ්‍යක්ෂවරයා අවභාවිතා කර ඇති මුදල් වලින් අඩක් ගෙවන ලෙසට ලිඛිතව දැනුම් දීමක්ද කර තිබිම හාස්‍යයට කරුණක් බවද මහවැලි ආරක්ෂක නිලධාරීහු පෙන්වා දෙති.
වසරක් ඇතුළත ඉන්ධන තොගයකින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න සංඛ්‍යාවක් රජයට අලාභ සිදුකර ඇති මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා මේ වනවිට දිගන ප්‍රදේශයේ සේවය කරන අතර මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකර ඔහුට ඔහු අලාභ කළ සම්පූර්ණ මුදල අයකර ගැනීමට වැඩකටයුතු කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලා සිටින බවද මහවැලි ආරක්ෂක නිලධාරීන් සඳහන් කරති.








