ශ්‍රියානි විජේසිංහ –
අපේක්ෂා රෝහලේ ඖෂධ ගබඩාව පරික්ෂා කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක්මක් මගින් අද (16) උදෑසන සිට ආරම්භ කර ඇතැයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.
පරිත්‍යාගයන් ලෙස ලැබුණු ඖෂධ හා එන්නත් හොරරහසේ අලෙවි කළ බවට එම රෝහලේ ඖෂධවේදියෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත් එහිදී එම ඖෂධවේදියාගේ නිවසින් සොයාගත් පිළිකා ඖෂධ හා එන්නත් රෝහලට ලැබුණු පරිත්යාගමද, රජයෙන් ලැබුණ ඖෂධ ද යන්න පිලිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් සිදුවෙමින් තිබෙන බවත් අධ්යක්ෂවරයා පැවසුවේය.
පරිත්‍යාගයන් භාරගැනීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් මෙම ඒකකය ට ලැබෙන සියලුම ඖෂධ ලියාපදිංචි කර අනතුරුව රෝගීන්ට ලබා දීමට එක් එක් අංශයන් වෙත බෙදා හරින බවත් මෙසේ බෙදා හරින අවස්ථාවේදී එය රෝගීන්ට නොදී අස්ථානගත කළේද යන්න පිලිබඳව පරික්ෂණ අඛණ්ඩව සිදුකරන බවත් අධ්යක්ෂවරයා පැවසුවේය.
කෙසේ නමුත් මාස ගණනාවක සිට අපේක්ෂා රෝහලට පරිත්යාගිලීන්ගෙන් ලැබුනු පරිත්‍යාගයන් මත පවත්වාගෙන ගිය බවත් ඉදිරියටද පවත්වාගෙන යාමට සිදුව ඇත්තේ එම ක්‍රමවේදයට අනුව බවත් පෙන්වා දෙන අධ්යක්ෂවරයා පරිත්‍යාගයන් ලබා දීමට බිය නොවන ලෙස ද එම පරිත්‍යාගයන් කීප ස්ථානයක දී අධීක්ෂණයකට ලක්කර පරිත්යාශීලීන්ට ස්තූතිකරමින් ලබා දෙන ලිපිය අධ්යක්ෂ කාර්යාලයෙන් නිකුත් කරන බව ද පැවසුවේය.
මෙහිදී නම සඳහන් කිරිමට අකමැති රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ මාස ගණනාවක සිට පරිත්‍යාගයන් මගින් රෝගී සත්තාර සේවාව පවත්වාගෙන යන අවස්ථාකවක මෙම නින්දාසහගත ජාවාරමට සම්බන්ධ සියලුම දෙනාට තරාතිරමක් නොබලා උපරිම දඩුවම් දිය යුතු බවය.







