කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ගේ නිල කාර්යාලය මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර ඇත. .
අදාළ කාර්යාලයේ තිබෙන වැදගත් ලියකියවිලි විනාශ කිරීමට කොල්ලුපිටිය ප්‍රදේශයේ පිරිසක් පැමිණ උත්සාහ කරන බවට කොල්ලුපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත එම පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මෙම අධිකරණය නියෝගය ගෙන තිබේ.
මේ වනවිට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විදේශගත වී ඇති බවත් ඔහු පැමිණි පසු කාර්යාලය විවෘත කිරීමට නියමිත බවත් වාර්තා වේ.







