සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂ පාට නෑ… දේශපාලන පක්ෂ අරගලකරුවන් හා එක් වීමට සැරසෙති… 09 වැනිදා රටම පාරට…

by editor
ජූලි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ මූලිකත්වයෙන් සංවිධානය කළ ‘අරගලය දිනවන සම්මුතිය’ මහ සමුළුව කොළඹ රාමඩා හෝටලයේදි ඊයේ (06දා) පැවැත්විණි.

‘පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක්’ වෙනුවෙන් පැවැති එම මහ සමුළුවට දේශපාලන පක්ෂ, සිවිල් සහ පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති සහ ගාලුමුවදොර අරගලකරුවන් රැසක් එක්ව සිටියහ.

එළඹෙන 09 වැනි දින මූලික කරගනිමින් පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ, පොදු, සාමූහික සහ අඛණ්ඩ ක්‍රියාමාර්ගවලට එළඹීම සඳහා වන ඉල්ලීම් හතරක් ඇතුළත් පොදු සම්මුතියක් ඇති කරගැනීමද මෙහිදී සිදුවිය.

  1. ජන පීඩක, පාලනයේ අසමත් ගෝඨාභය රාජපක්ෂ වහා තම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වය යුතුය.
  2. ගෝඨාභය රාජපක්ෂ – රනිල් වික්‍රමසිංහ නියෝජනය වන දූෂිත ආණ්ඩුව වහා අහෝසි විය යුතුය.
  3. මෙරට පාලනය සඳහා අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු අතර, රාජපක්ෂ පාලනය තුළ දූෂණ චෝදනා එල්ල වී ඇති කිසිදු මන්ත්‍රීවරයෙකු එසේ පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවට ඇතුළත් නොවිය යුතුය.
  4. අදාළ අන්තර්කාලීන ආණ්ඩුව වසරක කාලයක් පමණක් පවතින අතර, එම කාලසීමාව තුළ පහත දැක්වෙන පුරවැසි ගැටලුවලට ඉතා කඩිනමින් පිළිතුරු සැපයීමට කටයුතු කළ යුතුය.

◼ මහජනතාවට ඍජුවම බලපාන ආහාර, කිරිපිටි, ඖෂධ, විදුලිය, ඉන්ධන, ගෑස්, ජලය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ක්ෂේත්‍රවල මිල මට්ටම් පහත හෙළිය යුතු අතර හිඟයකින් තොරව ඒවායේ සැපයීම තහවුරු කළ යුතුය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

◼ රට තුළ වර්තමානය වනවිට අර්බුදයට ලක්ව ඇති අධ්‍යාපනය, සෞඛ්‍යය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය, වාණිජ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, සුළු පරිමාණ ව්‍යාපාර  යන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය හා රැකියා සුරක්ෂිතතාව තහවුරු කළ යුතුය.

◼19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය හරහා සිදුකළ විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කළ සීමාව ඉක්මවා යන ලෙස වත්මන් විධායක ජනාධිපති ධුරය සතුව පවතින අසීමාන්තික බලතල වහා ඉවත් කළ යුතුය යන ඉල්ලීම් එම පොදු සම්මුතියට ඇතුළත් විය.

අදාළ සම්මුතිය සභාගත කළ අවස්ථාවේ එම අවස්ථාවට සහභාගි වූ සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, පුරවැසි සංවිධාන, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ අරගලකරුවන් යන සියලු පාර්ශ්ව ඊට ඒකමතිකව අනුමැතිය පළ කිරීම විශේෂත්වයක් විය.

ඒ අනුව පවතින අර්බුදය විසඳීම සඳහා එළඹෙන 09 වැනිදා සිට අරගලකරුවන් ගන්නා ක්‍රියාමාර්ගවලට සහයෝගය දැක්වීමටද දේශපාලන පක්ෂ නායකයන් සහ නියෝජිතයන් එහිදී එකඟ වූ අතර, එහි මූලික පියවරක් ලෙස 09 වැනිදා කොළඹ ඇතුළු රට වටා පැවැත්වෙන වීදියේ විරෝධතා සඳහා දේශපාලන පක්ෂ, පාට, කොඩිවලින් තොරව සිය පාක්ෂිකයන් සහභාගි කරවීමටද ඔවුහු එකඟතාව පළ කළහ.

මේ අවස්ථාවට විපක්ෂනායක, සමගි ජනබලවේගයේ නායකසජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන, 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ජාතික සමගි සන්ධානයේ නායක අසාද් සාලි, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.ඒ.එම්. අතාවුල්ලා, කඳුරට ජනතා පෙරමුණේ නායක පී. දිගම්බරම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, දයාසිරි ජයසේකර, තලතා අතුකෝරාල, බුද්ධික පතිරණ, මුජිබර් රහුමාන් ඇතුළු දේශපාලකයින්,  වෘත්තීය සමිති, සිවිල් සංවිධාන නියෝජිතයන්, ගෝල්ෆේස් අරගල භූමිය නියෝජනය කරන පාර්ශ්ව රැසක් සහ සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ විධායක කමිටුව ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාගි වූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්පෝට් පෝලිමේ දී මවක් දරුවකු ප්‍රසූත කරයි

Next Post

69 ලක්ෂයක් නිසා 62 ලක්ෂයක් ආහාර අර්බුදයක

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.