ශ්‍රී ලාංකිකයින් මිලියන 6.26ක් ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දී ඇතැයි ලෝක ආහාර වැඩසටහන සිය නවතම වාර්තාවේ සඳහන් කරන අතර දෙසැම්බර් මාසය දක්වා තෝරා ගන්නා ලද මිලියන 3ක ජනතාවට හදිසි ආහාර, පෝෂණය හා පාසැල් ආහාර ලබා දීමට කටයුතු කරන බව ද පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ලංකාවේ නිවාස දහයකින් 3කට එනම් මිනිසුන් මිලියන 6.26ක් ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දෙන බවයි. මේ හේතුවේන බොහොමයක් නිවාස වැඩි කැමැත්තක් නැති හා අඩු පෝෂ්‍යදායි ආහාර අනුභව කරන අතර ආහාර ගන්නා ප්‍රමාණය ද අඩු කර තිබේ.
2022 වන විට ආහාර උද්ධමනය සියයට 57.4ක් ඉලස භයානක අන්දමින් ඉහළ ගොස් ඇති අතර ආහාරවල මිල ගණන් හේතුවෙන් පෝෂ්‍යදායි හා කුස පිරෙන මට්ටමින් ආහාර ගැනීමට ජනතාව අසමත් වී ඇත.
විශේෂයෙනම් වතුකරයේ ජීවත් වන ජනතාවට ආහාර අනාරක්ෂිතතාවයට දැඩි ලෙස මුහුණ දී තිබෙන අතර ආහාර මිලදී ගැනීම සඳහා දැනටමත් ණය ගැනීමට ඔවුන්ට සිදුව තිබේ.
මේ අතර ලෝක ආහාර වැඩසටහන මඟින් ආහාර සුරක්ෂිතතාවය උදෙසා ලබා දෙන පළමු වවුචර 2375න් සියයට 88ක් ගර්භනී කාන්තාවන්ට බෙදා දී තිබේ.







