අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂ නායකයෝ රැස්වෙති – ඉක්මනින්ම කළ යුතු දේ ගැන කතා කරති!

by editor
අප්‍රේල් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ නියෝජිතයන් අද (18) පස්වරුවේ හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදි පවතින  අර්බුදය හමුවේ කඩිනමින් ගත යුතු පියවරක් ලෙස 21 වැනි ආණඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ගෙන ඒ මත් 19 වැනි සංශෝධනයෙන් තිබූ ඇතැම් සාධනීය ප්‍රතිපාදන බලාත්මක කිරීමත්  පිළිබදව  සාකච්ඡා වී ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ආරාධනයෙන් ඊයේ (18) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී රැස් වූ පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී     වත්මන් තත්ත්වය තුළ ජනතාව අපේක්ෂා කරන ඇතැම් සාධනීය යෝජනාවන් රැසක් පිළිබඳව ද අවධානය යොමු විය.

අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති සංශෝධනය කිරීම,  විගණකාධිපතිවරයාට දේශපාලන පක්ෂ විගණනය කිරීමට හැකිවන පරිදි සංශෝධන සිදුකිරීම, රාජ්‍ය කොන්ත්‍රාත්  සඳහා ලංසු කැඳවීමකින් තොරව භාණ්ඩ හා සේවා ලබා ගැනීම තහනම් කිරීම සහ රජයේ කොන්ත්‍රාත් තුළට විනිවිද භාවය තහවුරු කිරීම සඳහා සංශෝධන, දේශපාලඥයන් සහ  ඔවුන්ගේ ඥාතීන් හෝ රාජ්‍ය සේවකයන් විසින් අනීතිකව උපයා විදේශ බැංකු හෝ මූල්‍ය ආයතනයන්හි තැන්පත් කර ඇති බවට හෙළි වන වත්කම් රජයට පවරා ගත හැකි වන පරිදි අණ පනත් සංශෝධනය, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිධුරයට පත් කිරීම තහනම් කිරීම  ඇතුළු  යෝජනා රැසක් මීට අයත් වේ.

රටේ පුරවැසියන් අපේක්ෂා කරන්නේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන දක්ෂ, දූෂණයෙන්  තොර පාලනයක් බැවින් ඒ සඳහා  සියලු පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විවිධ ස්ථර නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ඒ අනුව ඒ සඳහා අවශ්‍ය  ඉදිරි පියවර කඩිනමින් ගැනීමට සියලු දෙනා එක්වන ලෙසත් කතානායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියල්කෝට් හි ප්‍රියන්ත කුමාර ඝාතන නඩුව අවසන්… 06කට මරණ දඬුවම… 09ක් දිවි ඇති තෙක් හිරේ…

Next Post

සිපෙට්කෝත් තරු පෙන්වයි – පෙට්‍රල් 338යි ඩීසල් 289යි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.