ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඊයේ (18 ) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ඉහළ ඉතිහාසයේ වාර්තා ගත වැඩිම අගය දක්වා ඉහළ දැම්මේය.
ඒ අනුව සිපෙට්කෝ අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 338ක් වන අතර ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 373ක් වේ.
ඩීසල් ලීටරයක් රුපියල් 289ක් දක්වාද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 329ක් දක්වාද ඉහළ දමා ඇති බව නිවේදනය කරන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භූමිතෙල් මිල සංශෝධනය නොකරන බවද සඳහන් කරයි.