බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂයේ ඔළු ගෙඩි වැඩි කරගන්න ඕන කුණු ගොඩක් බදාගන්න අයගෙන් රටට සෙතක් නෑ…. ජනතාව ඉල්ලුවොත් ජනාධිපතිවරණයට එනවා… ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා!

පක්ෂය අත් හැරලා යන්නේ නෑ... ඇතුළෙ ඉඳන් මට හරියි කියලා හිතන දේ මම කරනවා...

by editor
මාර්තු 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පක්ෂයේ ඔළු ගෙඩි ගණන වැඩිකර ගැනීමට ඕනෑම කුණු ජරාවක් බදා ගනිමින් දේශපාලනය කරන පුද්ගලයින් ගෙන් රටට සිදුවන යහපතක් නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා   පවසයි.

පක්ෂයක් ගොඩ නගා ගැනීමට විවිධ පුද්ගලයින් එකතු කර ගත යුතු වුවත් දේශපාලනඥයින් ප්‍රතිපත්තිගරුකව කටයුතු කිරීම වැදගත් බව ද ඔහු පෙන්වා දෙයි.

වැඩිදුරටත් ඔහු පවසන්නේ  ජනතා ඉල්ලීම් අනුව වැඩ කිරීම සදහා දේශපාලකයින් බැඳි සිටින බවත්,  ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ජනතාවගෙන් ආරාධනා ලැබෙනවා නම් ජනතාව එක්ක සිටගන්නා බවත්ය.

රටේ ක්‍රියාත්මක දූෂිත දේශපාලන සංස්කෘතියට එරෙහිව නිර්පාක්ෂික සංවිධානය නමින් මහනුවර දී ක්‍රියාත්මක කළ  විරෝධතාවකට එක්වෙමින් ෆීල්ඩ් මාර්ෂල්වරයා මෙසේ ද   මෙසේද පැවසුවේය.

“මේ රට විනාශ කරන්නේ දැක්මක් නැති දේශපාලනඥයින්. අනාගතයේ දී  දේශපාලනඥයින්ට නොරැවටී  බුද්ධිමත්ව තීරණ අරන් ජනතාව ඡන්දය පාවිච්චි කළ යුුතුයි. ඡන්දය ඉල්ලන්න එන අයගේ අතීත පැටිකිරිය හොඳට හොයලා බලලා රටේ අනාගතය බාර දෙන්න පුළුවන් හොඳ නායකයෝ තෝරා ගන්න. එහෙම නොවී  හැමදාමත් වගේ තමන් ගේ වාසියට පැති මාරුකරමින් කරන්න බැරි  පොරොන්නු දෙමින් කටයුතු කරන දේශපාලනඥයින්ට මේ රටේ ජනතාව රැවටුණොත් සිදුවන්නේ  අනාගත පරපුර නැවත අමාරුවේ වැටෙන එකයි. අනාගත පරම්පාරාවට හොඳ රටක් හදලා දෙන්න නම් දක්ෂ දැක්මක් ඇති අර්බුද තේරුම් ගන්න පුළුවන්  රට ගැන කැක්කුම්ක තියෙන ජනතාවගේ හදගැස්ම තේරෙන අය තෝරා ගත යුතුයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එට්කා ගිවිසුම ගැන අපි දැනුවත්ව හිටියා. ඒ ගැන කතා කළා. මේක ගැන දැනගෙන හිටියේ නැහැ කියලා  මන්ත්‍රී කෙනෙකුට කියන්න බැහැ. රට වෙනුවෙන් තීරණ ගන්නත් ජනතාව වෙනුවෙන්  යමක් කරන්නත් තමයි රජයක් තිබෙන්නේ. ඒ තීරණ විනිවිදභාවයක් ඇතිව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ගන්නවා නම් හොඳයි. නමුත් හැමදේම හැමෝම එක්ක සාකච්ඡා කරලා කරන්නත් බැහැ.

රටේ ජනතාව තිබුණු තත්ත්වය ගැන කලකිරිලා අරගලය මගින් වෙනසක් ඉල්ලුවා. බහුතරයක් ජනතාව කාටද ඡන්දය දෙන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. මැතිවරණය ප්‍රකාශ කළාට පස්සේ තමයි ජනතාව ඉන්න තැන හරියටම හිතා ගන්න පුළුවන් වෙන්නේ. කතානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට පක්ෂය ගත්ත තීරණය සමඟ මමත් ඉන්නවා. මම විතරක් නෙවෙයි මේ රටේ දේශපාලනය කරන කවුරුත් ජනතා හඬට කන් දෙන්න ඕන. ජනතා ඉල්ලීම් අනුව වැඩ කරන්න අපි  බැඳිලා ඉන්නවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ජනතාවගෙන් ආරාධනා ලැබෙනවා නම් ජනතාව එක්ක හිට ගන්නවා.

මට එරෙහිව පක්ෂය මගින් විනය ක්‍රියාමාර්ග ගන්න යනවා කියලා මාධ්‍ය වාර්තා කළා. පක්ෂ නායකයා නමක් නොකියා තරාතිරම මොනවා වුනත් විනය ක්‍රියාමාර්ග ගන්නවා කිව්වා. වලට වැටුනට පස්සේ ගොඩ එන්න දඟලනවාට වඩා වෙන් දේවල් බලාගෙන ඉඳලා බුද්ධිමත්ව තීරණ ගත යුතුයි. මමත් ගත්තේ ඒ වගේ තීරණයක්. අතීතියේ ජෙ.ආර් ජයවර්ධන මහතාත් ඩඩ්ලි සේනානායක මහතාවට විරුද්ධව මේ වගේ තීරණයක් අරන් තියෙනවා. එදා ජේ.ආර් ජයවර්ධන මහතා  පක්ෂය දාලා ගියේ නැහැ. ඔවුන් පක්ෂයේ සිටිමින් ජනතාව වෙනුවෙන් යමක් කළා. මට හරි කියලා හිතෙන දේ මම කරනවා.

කවුද ජනතාධිපති අපේක්ෂකයා කියලා පොහොට්ටුවට තීරණ කරන්න බැරි තත්ත්වයක් පේනවා. ජාතික ජන බලවේගයේ යම්  පිබිඳීමක් තියෙන බව අපි පිළිගත යුතුයි. උනුත්  එකයි මුනුත් එකයි කියලා ඔවුන්ට ආශිර්වාද කරන ජන කොටසක් ඉන්නවා. ඒක තමයි රටේ සැබෑ තත්ත්වය. නමුත් කාටවත් තනිව රජයක් පිහිටුවන්න පුළුවන් බලයක් ඉදිරියේ දී එන තත්ත්වයක්  පේන්න නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුජරාට් විශ්ව විද්‍යාලයේ ගැටුමක්….තුවාල ලැබූ සිසුන් අතර ශ්‍රී ලාංකික සිසුවෙක්!

Next Post

ලක්ෂ 20කට අලෙවි කිරීමට ගෙනා තල්මස් ඇම්බර කිලෝ එක්ක සමග පුද්ගලයින් 02ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.