සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොබෙල් සාම ත්‍යාගලාභී ඉරාන ජාතික නර්ගෙස් මොහම්මදිට තවත් සිරඳඬුවමක්… මිය යන තුරු ඇයව සිර ගෙදර තබන ඉරාණ රජයේ වෑයම!

by editor
පෙබරවාරි 9, 2026 - Updated on පෙබරවාරි 10, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ. හිනටියන –

ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියකවන  නොබෙල් සාම ත්‍යාගලාභී නර්ගෙස් මොහම්මදි (Narges Mohammadi) වෙත එරට අධිකරණය විසින් තවත් වසර 7½ක සිර දඬුවමක් නියම කර තිබේ. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉරානයේ මෂ්හද් (Mashhad) නගරයේ අධිකරණයක් විසිනි.

නර්ගෙස් මොහම්මදිගේ නීතිඥ මොස්තෆා නිලි විසින් සමාජ මාධ්‍ය හරහා තහවුරු කරන ලද පරිදි, ඇයට එරෙහිව මෙම දඬුවම නියම වී ඇත්තේ ප්‍රධාන චෝදනා දෙකක් යටතේය:

  • රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සහ ඒකරාශී වීම: වසර 6ක සිර දඬුවම්.
  • රාජ්‍ය විරෝධී ප්‍රචාරක කටයුතු: වසර 1½ක සිර දඬුවම්.
  • මීට අමතරව, ඇයට වසර දෙකක විදේශ ගමන් තහනමක් සහ වසර දෙකක කාලයක් කුස්ෆ් (Khusf) ප්‍රදේශයට නෙරපා හැරීමේ (Internal Exile) දඬුවමක් ද නියම කර ඇත.

ඉරාන නීති පද්ධතිය තුළ දේශපාලන ක්‍රියාකාරින් පාලනය කිරීම සඳහා භාවිතා කරන ප්‍රබල අවියක් ලෙස මෙම අභ්‍යන්තර පිටුවහල්කිරීම් භාවිතා වේ. ක්‍රියාකාරිනියක ඇයගේ හිතමිතුරන්, පවුලේ සාමාජිකයන් සහ ඇයගේ දේශපාලන ව්‍යාපාරය ක්‍රියාත්මක වන ප්‍රධාන නගරවලින් (උදාහරණයක් ලෙස තෙහෙරාන්) ඈත් කර තැබීම, අතිශය දුරස්ථ ප්‍රදේශයක සිටින විට ජාත්‍යන්තර මාධ්‍ය හෝ වෙනත් ක්‍රියාකාරීන් සමඟ සම්බන්ධතා පැවැත්වීම ඉතා අපහසුවීම,  සීමිත පහසුකම් හේතුවෙන් ශාරීරික සහ මානසික පීඩාවට පත්වන අතර පාලනය කිරීමට පහසු වීම වැනි තත්ත්වයන් මත මෙම දණ්ඩනය භාවිතා කිරීමට ඉරාන රජය පෙළඹී තිබේ.

කුස්ෆ් යනු ඉරානයේ නැගෙනහිර දෙසින් පිහිටි දකුණු කොරාසාන් (South Khorasan) පළාතට අයත් කුඩා නගරයකි. මෙය ඉරානයේ අගනුවර වන තෙහෙරාන් සිට කිලෝමීටර් 800කට වඩා දුරින් පිහිටි, ඉතා හුදෙකලා සහ කාන්තාරමය ලක්ෂණ සහිත ප්‍රදේශයකි. නර්ගෙස් මොහම්මදි දැනටමත් සිරදඬුවම් විඳිමින් සිටින බැවින්, සිරකාලය අවසන් වූ පසුව හෝ සිරදඬුවමට අමතරව මෙම පිටුවහල් කිරීම ක්‍රියාත්මක කිරීම හරහා ඇයගේ නිදහස සම්පූර්ණයෙන්ම අහුරා තැබීමටත්,  දැනටමත් රෝගී තත්ත්වයෙන් පසුවන ඇය වෛද්‍ය පහසුකම් අඩු අතිශය දුර්ග ප්‍රදේශයකට යොමු කිරීමේ ඇයගේ ජීවිතයට තර්ජනයක් එල්ල වියහැකි බවත්   මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබේ.

කුස්ෆ් පලාත..

අත්අඩංගුවට ගැනීම සහ පහරදීම්

53 හැවිරිදි මොහම්මදි අවසන් වරට අත්අඩංගුවට පත්වූයේ 2025 දෙසැම්බර් මාසයේදීය. ඒ, මියගිය මානව හිමිකම් නීතිඥ කොස්‍රෝ අලිකෝර්ඩිගේ ස්මරණ උත්සවයකට සහභාගී වෙමින් සිටියදීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ආරක්ෂක අංශ ඇයට දරුණු ලෙස පහර දී ඇති බවත්, ඒ හේතුවෙන් ඇයට රෝහල්ගත වීමට සිදු වූ බවත් ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මෙම නඩු විභාගය “ව්‍යාජයක්” (Sham) ලෙස හඳුන්වන නර්ගෙස් පදනම සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන තගි රහ්මානි පවසන්නේ, අධිකරණයේ වලංගුභාවය පිළිනොගන්නා බැවින් ඇය එහිදී කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවයි. ඇය අධිකරණයේදී නිහඬව සිටිමින් කිසිදු ලේඛනයකට අත්සන් තැබීමෙන් ද වැළකී සිට ඇත.

තමාට එරෙහිව එල්ල වන පීඩනයට විරෝධය පාමින් නර්ගෙස් මොහම්මදි 2026 පෙබරවාරි 2 වැනිදා සිට සිරගෙදර තුළ උපවාසයක් ආරම්භ කළාය. දින කිහිපයක් පුරා පැවති මෙම උපවාසය හේතුවෙන් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පිරිහී ගිය අතර, පෙබරවාරි 8 වැනිදා ඇය නැවතත් රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන  තිබිණි.

ජීවිත කාලයෙන් අඩකටත් වඩා සිරගෙදරට

2023 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මොහම්මදි, දශකයකට වැඩි කාලයක් විවිධ අවස්ථාවල සිරගතව සිට ඇත. මෙම නව දඬුවමත් සමඟ ඇයට නියම වී ඇති මුළු සිර දඬුවම් කාලය වසර 44ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේ දීර්ඝ සිර දඬුවමක් ඇයට පැවරෙන්නේ එක් අවස්ථාවක දී නොවේ.  ඉරාන රජය ඇයට එරෙහිව “වෙනම නඩු ගොනු කිරීමේ” උපක්‍රමය භාවිතා කරමින්, ඇය සිරගෙදර සිටියදීම අලුත් චෝදනා එල්ල කර දඬුවම් කාලය දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

ඉරානයේ ඉහළම නායකත්වයට එරෙහිව මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කළ ක්‍රියාකාරීන් පිරිසක් ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙම තත්ත්වය දැඩි ලෙස හෙළා දකිමින් සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කරයි: ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය අවසන්!

Next Post

කොළඹ දී පැවැත්වෙන්නට නියමිත ඉන්දියා – පකිස්ථාන තරගයට ඉඩ දෙන්න… ජනපති දුරකථන ඇමතුමක් දී පකිස්ථාන අගමැතිගෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.