බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙළුම් කුලුනෙන් පැන්න දියණියගේ මරණයට එහි ආරක්ෂක අංශවල දුර්වලතාවයත් බලපාලා… විමර්ශනවලදී හෙළි වෙයි…

by editor
ඔක්තෝබර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • දෙවරක් කුලුනෙන් පනින්න කළ උත්සාහය අසාර්ථක වෙලා… ඇය පැන ඇත්තේ තුන්වැනි වාරයේ කළ උත්සාහයෙන්…

  • පාසල් ඇඳුමින් පැමිණ සාමාන්‍ය ඇඳුමක් ඇඳන් තියෙන්නේ නෙලුම් කුලුන පරිශ්‍රයට ඇවිත්… ඇය විනාඩි 20ක් නෙලුම් කුලුන පරිශ්‍රයේ රැඳි සිටලා….

  • නැරඹුම් පීඨිකාවේ ආරක්ෂකයො 5 දෙනෙක් හිටියත් ඔවුන්ට ඇයගේ හැසිරීම ගැන සැක හිතුනෙ නෑ ලු… සීසීටීවී පද්ධතිය සජීවීව නිරීක්ෂණය වෙලා නෑ…

  • දැරිය නිරීක්ෂණ පීඨිකාවෙන් පැන්නා කියලා දැනගෙන තියෙන්නේ ඇය පැනල විනාඩි 10කට පස්සේ ඇයගේ සිරුර තුන් වැනි මහලෙන් හමුවුනාම….

නෙළුම් කුලුනෙන් පැන සිය දිවි නසා ගත් පාසල් සිසුවියගේ මරණයට නෙළුම් කුලුනේ ආරක්ෂක දුර්වලතා ද හේතු වූයේ දැයි විමර්ශන අංශවල අවධානයට ලක් වී තිබේ.

විමර්ශනයේදී හෙළිවන තොරතුරුවලට අනුව සිසුවිය නෙළුම් කුලුන පරිශ්‍රයට ඇතුළු වූ මොහොතේ සිට සියදිවි හානිකර ගන්නා අවස්ථාව දක්වා විනාඩි විස්සක පමණ කාලයක් නෙළුම් කුලුන පරීශ්‍රයේ රැඳී සිට ඇත. මේ සියලුම කාලය ආවරණය කරන දර්ශන සීසීටීවී පද්ධතියේ සටහන් වී තිබේ.

පාසල් නිල ඇඳුමින් නෙළුම් කුලුනට ප්‍රවේශවන ඇය අනතුරුව සිය පාසල් බෑගය තුළ සඟවාගෙන පැමිණ සිටි සාමාන්‍ය ඇඳුමකට මාරු වී ඇත්තේ නෙලුම් කුලුන පරිශ්‍රය තුළදී ය.

අදාල සීටීටීවී දර්ශන නිරීක්ෂණය කරන විමර්ශන අංශවලට පෙනී ගොස් ඇත්තේ 29 වැනි මහලේ නැරඹුම් පීඨිකාවට ඇතුළු වීමෙන් අනතුරුව මෙම සිසුවිය කෙළින්ම ඇයගේ මිතුරා සහ මිතුරිය සිය දිවි නසා ගත් ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණය පැහැදිලිවම දිස්වන ප්‍රදේශයට යන ආකාරය ය.

එතැන සිට ඇය විනාඩි දෙකක පමණ කාලයක් ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණය දෙස බලා සිටයි. අනතුරුව ඇය නෙළුම් කුලුනේ පීඨිකාව වටා ගමන් කරයි. වට දෙකක් කැරකැවුණු ඇය ගැට්ටක් මත සිය ගමන් මල්ල තබා මඳ වේලාවක් දිගු කල්පනාවක සිටියි. අනතුරුව නැගී සිට කුලුනෙන් බිමට පැනීමට උත්සාහ කරයි. පළමු උත්සාහය මග හැරෙන්නේ නෙළුම් කුලුනේ නැරඹුම් පීඨිකාව වටා ඇති උස් තාප්ප කොටසට නැඟීමට ඇය අපොහොසත් වන බැවිනි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පළමු අසාර්ථක උත්සාහයෙන් පසු මඳ වේලාවක් නැවත ඇය ගැට්ට මත ඉඳගෙන ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණය දෙස බලා සිටින ආකාරය සීසීටීවී දර්ශනවල පෙනේ. අනතුරුව යළිත් වරක් නැගිට පැමිණ බැම්මෙන් පනින්නට වෙර දරයි. නැරඹුම් පීඨිකාව වටා ඇති බැම්මට උඩින් තවත් ආරක්ෂක කම්බියක් ඇති බැවින් එවරද ඇයට බිමට පැනීම නොහැකි වෙයි. අවසානයේදී ඇය සිය සපත්තු දෙක ගලවා දමයි. එවිට මෙතෙක් බාධකයක් වූ බැම්මට නැගීමට වෙර ගැනීමේ අපහසුව නැති වෙයි. අනතුරුව ඇය බිමට පනී.

මේ සියලු දර්ශන සීසීටීවී පද්ධතියේ සටහන්ව ඇත. මිනිසුන් වැඩි වශයෙන්ම ගැවසෙන මෙම ප්‍රදේශයේ සීසීටීවි පද්ධතිය නිරන්තරව නිරීක්ෂණය වූයේ නම් මේ සිද්ධිය මග හැරෙන්නට තිබුණ බව ආරක්ෂක අංශවල මතය වී තිබේ.

එමන්ම මේ අවස්ථාවේ ආරක්ෂක අංශවල පුදගලයින් 05 දෙනෙක් මෙම පීඨිකාවේ සේවයට යොදවා තිබූ බව නෙලුම් කුලුණ සමාගම ප්‍රකාශ කරයි. එහෙත් ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කළ පොලිස් විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ සිය දහස් ගණනක් දිනකට සැරිසරන නෙළුම් කුලුනේ නැරඹුම් පීඨිකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ යම් අවධානයකින් සිටියා නම් මේ දියණියගේ ජීවිතය රැක ගැනීමට අවස්ථාවක් තිබූ බවය.

මේ තරම් ආරක්ෂාවක් ඇතැයි කියන නෙළුම් කුලුනෙන් ඇය ඉහළ සිට බිමට වැටී ඇති බව පවා දැන ගන්නේ තෙවැනි මහලේ විවෘත කොටසේ බිම තිබී ඒ දියණියගේ සිරුර හමුවීමත් සමඟය. මීටර් 250කට වැඩි උසකින් වැටුණු ඇගේ ප්‍රාණය ඒ වනවිටත් නිරුද්ධ වී තිබී ඇත. මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලීසිය මැදිහත් වන්නේ නෙළුම් කුලුනේ පරිපාලකයකු කළ පැමිණිල්ලකට අනුවය.

මේ පිළිබඳව නෙළුම් කුලුන පරිපාලනය කියන්නේ මෙවැන්නකි.

” ගොඩනැඟිල්ලෙහි නැරඹුම් මැදිරිය තුළ සිදුවිය හැකි අනතුරු වැළකීම සඳහා සවිකර ඇති ආරක්ෂක වැට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිම කර තිබුණත් පසුගියදා එම නැරඹුම් මැදිරියෙන් පැන සිසුවියක් සිය දිවි හානිකර ගැනීම පිළිබඳ කළමනාකාරීත්වය ලෙස අප ඉතා කනගාටු වෙනවා.

එම සිසුවිය නැරඹුම් මැදිරියේ රැඳී සිටින අවස්ථාවේ අප කාර්ය මණ්ඩලයේ පස් දෙනකු රාජකාරියේ නියැළී සිටියා. ඔවුන් නැරඹුම් මැදිරිය වටාම ඇවිදමින් නිරීක්ෂණයේ යෙදී සිටින අතර, ඔවුන්ගේ නිරීක්ෂණය ඇය වෙත යොමු වු අවස්ථාවල ඇය කිසිදු කලබලයකින් තොරව අවට නරඹමින් සිටි නිසා ඇය සියදිවි නසාගැනීමේ අරමුණින් පැමිණි බවට සැකයක් ඇති වී නැහැ.

ඇය දෙවරක් පැනීමට උත්සාහ කළ බව ආරක්ෂක කැමරා තුළින් නිරීක්ෂණය වුවත් ඒ තත්තර කිහිපයක් තුළ සිදුවූ එවැනි ක්ෂණික සිදුවීමක් වළක්වා ගැනීමට ප්‍රායෝගිකව නොහැකියි. ඊට හේතුව සියදිවි නසාගැනීමේ සැලසුමක් ඇතිව පැමිණි පුද්ගලයකුගේ මනෝ ස්වාභාවය හඳුනා ගැනීමට නොහැකි වීමයි.

එසේ වුවද මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව එවැනි සිදුවීම් සහ විනාශකාරි කටයුතු මැඩ පැවැත්වීමට නුතන තාක්ෂණික උපකරණ යොදාගැනීමට අප කටයුතු කරනවා. විදෙස් රටවල ශාරීරික උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් පුද්ගල මනෝ භාවයන් හඳුනාගත හැකි අධි තාක්ෂණ උපකරණ සහ ක්‍රමවේද භාවිත වනවා. එවැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ ද අපගේ අවධානය යොමුකර තිබෙනවා – (සිළුමිණ – ගයාන් කුමාර වීරසිංහ/ සුරේකා ඉලංකෝන්)

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩග්ලස් දේවානන්දාගේ EPDP යෙන් බෞද්ධ භික්ෂූන් දෙනමක් මැතිවරණයට… EPDP බෞද්ධ හිමිනමකට නාමයෝජනා දුන් ඉතිහාසයේ පළමු දෙමළ පක්ෂය වෙයි!

Next Post

සපුරා පරාදයි… කෙල්ලනේ… ඒ රිදුම නම් ටිකක් සැරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.