බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නූතන තාක්ෂණයෙන් සහ මූල්‍ය සාක්ෂරතාව නැතිව එක තැන කැරකෙමින් හිටියොත් කැරකෙමින් ඉන්නවත් රටක් නැති වේවි – ජනපති කියයි!

by editor
අගෝස්තු 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල සහිතව ඉදිරි අනාගතයට මුහුණ දිය යුතු බවත්,  අප එක තැන කැරකෙමින් සිටී නම් කැරකි කැරකී සිටින්නටවත් රටක් නැතිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ.

අප වර්තමානය ගතකරමින් සිටින්නේ එවැනි ගැඹුරු අගාධයක බව කී ජනාධිපතිවරයා නව පරම්පරාව එම ව්‍යවසනකාරී අගාධයෙන් බේරා ගැනීමට අවශ්‍ය වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක බවත් කීවේය

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (31) පෙරවරුවේ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවති තෝරාගත් පාසල් 100ක  ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය

“අප එක තැන කැරකුනොත් ලෝකය අප පසුකරගෙන යනවා” යනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සිය කතාවේදී ගීත කොටසත් උපුටා දැක්වූවා. ඒ බව මතකයේ තබා ගෙන කටයුතු කරන නිසා තමයි අද අප මෙම වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අප බොහෝ කාලයක් 20 වන ශතවර්ෂයේ මැද භාගයේ පැවති කර්මාන්ත යුගයේ ආකල්ප සමඟ වැඩකටයුතු කළා. ඒ වගේම එම ප්‍රතිපත්ති දේශපාලනයේ නිරත වුණා. එහි විපාක පිළිබඳ මම මෙහි සඳහන් කිරීමට අවශ්‍ය නැහැ කියා සිතනවා.

2021, 2022 වසරවලදී කොවිඩ් වසංගතය වගේම ආර්ථික ගැටලු හේතුවෙන් අප බංකොළොත් රටක් බවට පත් වුණා.  නමුත් රට බංකොළොත්භාවයෙන් මුදා ගැනීමේ වැඩපිළිවෙළ මම දැන් ආරම්භ කර තිබෙනවා. එය අපේ ආණ්ඩුව සාර්ථව සිදු කරන බව කිවයුතුයි.

අප නැවත රටක් ලෙස අගාධයට නොවැටී ඉදිරියට යන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. 20 වන ශතවර්ෂයේ මැද භාගයේ අනුගමනය කළ ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යනවාද එසේ නොමැති නම් අලුතින් සිතා අලුත් ගමනක් යනවාද කියා තීරණය කළ යුතුයි. අප පැරණි ක්‍රමයට අනුව ඉදිරියට ගියහොත් අපට එක තැන කැරකෙන්නවත් රටක් නැති වෙනවා. මොකද අද අප සිටින තැන විශාල ආගාධයක් තිබෙන බව අමතක නොකළ යුතුයි.

මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින පරපුරට එවැනි තත්ත්වයකට මුහුණදීමට අප ඉඩ නොතබන බවද කිව යුතුයි. එසේ නම් අප තාක්ෂණය සමඟ අලුත් ගමනක් යා යුතුයි. 21 වන සියවසේ තාක්ෂණික දියුණුව පිළිබඳ මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.

අප පාසල් අධ්‍යාපනය ලබන සමයේ එක ගමකට එක දුරකථනයක් වත් තිබුණේ නැහැ. නමුත් අද සෑම අයෙකුම අතේ ජංගම දුරකථනයක් තිබෙනවා. ඇතැම් අය ළග ජංගම දුරකථන දෙකක් තිබෙනවා. එය තමයි සිදුව තිබෙන වෙනස.

අප මෙම වෙනස සමඟ ඉදිරියට යන විට නවීන තාක්ෂණය රටට ගෙන ආ යුතුයි. ඒ සඳහා අප විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය සහ පර්යේෂන ආයතන එම කටයුතු කරගෙන යනවා. ඒ අනුව රටට හඳුන්වාදෙන නව තාක්ෂණ ක්‍රමවේද අප තීරණය කළයුතුව තිබෙනවා. බ්ලොක්චේන් තාක්ෂණය, කෘත්‍රීම බුද්ධිය, ජෙනොම් විද්‍යාව මේ සියල්ල සමඟ අප ඉදිරියට යා යුතුයි.

ඒ වගේම මෙම තාක්ෂණය ගමට ගෙන යා යුතුයි. මොකද අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන හඳුන්වාදෙන්නේ නව තාක්ෂණය නිවසටම ගෙන යාම සඳහායි. නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමේදී අප තව කරුණක් සිහියේ තබා ගත යුතුයි. තාක්ෂණය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ සියලු කටයුතු සඳහා මුදල් අවශ්‍ය වෙනවා. අප මුදල් පරිහරණය කරන සමාජයක්. ඒ වගේම අද එම මුදල් පරිහරණය කරන්නේ ඉතා විවෘත වෙළෙඳපොළක. මුදල් පරිහරණය අද ආණ්ඩුවකට පාලනය කරන්න බැහැ.  ඇමෙරිකන් ආණ්ඩුවට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටවත් එය සිදු කළ නොහැකියි.

එදා  ඩිජිටල් තාක්ෂණය තිබුණේ නැහැ. ලංකාවට අන්තර්ජාලය ලබා ගැනීම සඳහා මම අත්සන් තැබුවේ 1993 වසර්දී. ඒ වන තුරු මෙම කිසිඳු පහසුකමක් අපට තිබුණේ නැහැ. මෙම නව තාක්ෂණය සමඟ ඉතා සුළු වේලාවකදී අප ලෝකය සමඟ සම්බන්ධ වෙනවා.

ඒ වගේම  තරගකාරි ආර්ථිකය තුළ දේශ සීමා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොමැති මූල්‍ය ක්‍රමයක් තිබෙන්නේ. මෙය හොඳ හෝ නරක වුවත් අපට එය වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. අප මෙම සීමාවේ සිට කටයුතු කළයුතුයි. ලෝකයට අවශ්‍ය මුදල් අවසානයේ වෙළෙඳපොළෙන් ලබා ගන්නවා. බැංකුවලට අවශ්‍ය මුදල් බැංකුවලින් ලබා ගන්නවා. සමාගම්වලට අවශ්‍ය මුදල් කොටස් වෙළෙඳපොළෙන් ලබා ගන්නවා. ඒ අනුව මුදල් පරිහරණය සිදු වෙනවා.

මෙහි වැදගත්ම කරුණ වන්නේ මුදල්. පෞද්ගලික අංශය වගේම රජයත් තෝරාගනු ලබන්නේ මුදල් වෙළෙඳපොළයි. ඒ වගේම මහා භාණ්ඩාගාර බැඳුම්කර ලබා ගන්නවා. අද උත්සාහ කරන්නේ මෙම ක්‍රමවේදය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. අද අප මේ ආරම්භ කරන්නේ එහි එක කොටසක් පමණයි.

ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට. ඒ පිළිබඳ මම මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරනවා. ඒ සඳහා ගුරුවරු වගේම ශිෂ්‍ය නායකයන් පුහුණු කිරීම මෙන්ම බැංකු නිලධාරින්ගේ සහාය ලබා ගැනීමට ද කටයුතු කරනවා.

ඒ නිසා නවීන ක්‍රමවේද පිළිබඳව අප දැනුවත් විය යුතුයි. දැනුම ලබාදීම පමණක් නොවෙයි මුදල් පරිහරණය, සුරැකුම්පත් මේ සියල්ල ගමට ගෙන යා යුතුයි. ගමේ දක්ෂ පිරිසක් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුයි.

ඒ සමඟම අද ලෝකය එක වෙළෙඳපොළක්. ඒ සමඟ අප ද එක්විය යුතුයි. ඒ සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් ගණනාවකට අප අත්සන් තබනවා. සිංගප්පූරුව සමඟ මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය,  තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය මැලේෂියාව, වියට්නාමය සමග ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ජපානය වගේම නැගෙනහිර ආසියාව, අග්නිදික ආසියාව, ඕස්ට්‍රෙලියාව, නවසිලන්තය යන රටවල් සමඟ නව වෙළෙඳපොළට ප්‍රවේශ වීමට අපේක්ෂා කරනවා.

ඒ වගේම පහසුකම් ලබා ගැනීම පිළිබඳ අප යුරෝපා සංගමය සමග සාකච්ඡා කරනවා. තව සති දෙකකින් ඇමෙරිකාවේ කණ්ඩායමක් අප සමඟ සාකච්ඡා කිරීමට මෙරටට පැමිණෙනවා. එසේනම් ගෝලීය වෙළෙඳපොළ සහ එම ගිවිසුම් පිළිබඳව අප දැනුවත් විය යුතුයි.

අප ගොඩනඟන නව ආර්ථිකය “හරිත ආර්ථිකයක්”. ඒ වගේම “ඩිජිටල් ආර්ථිකයක්” හරිත ආර්ථිකයෙත් සුරකුම්පත් තිබෙනවා. එසේ නම් මෙහි තිබෙන්නේ නව ක්‍රමවේදයක්. මේ සමග අක්වෙරළ ආර්ථිකයක් පිළිබඳව ද අප අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳවත් දැන් ලන්ඩන් නුවර විශේෂ නීතිඥ සංගම් සමඟ සාකච්ඡා කරමින් එම නීති සකසමින් තිබෙනවා. අප මෙම නව ආර්ථික ක්‍රම සමඟ ඉදිරියට යනවා ද, නැත්නම් ආගාධයේම සිටිනවා ද කියා තීරණය කළ යුතුයි.

තව වසර 10-15ක් යන විට මෙහි සිටින බොහෝ දෙනෙක් වයස අවුරුදු 25- 35ක් අතර පිරිසක් වෙනවා. ඒ නිසා අද ඔබ තමන්ගේ අනාතය පිළිබඳ තීරණය කළ යුතුයි. අවශ්‍ය දැනුම අප ලබාදෙනවා. අත්හදා බැලීම ඔබ කළයුතුයි. එම වැඩසටහන තමයි අද  මෙලෙස ආරම්භ කර තිබෙන්නේ.

මෙම වැඩසටන සඳහා දැනට පාසල් 100ක් පමණයි තෝරගෙන තිබෙන්නේ. පසුව එම සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. කොටස් වෙළෙඳපොළට, ඒ වගේම සුරැකුම්පත් විනිමය කොමිෂමට හැකියාවක් තිබෙනවා නම් මේ සමඟ තවදුරටත් සම්බන්ධ වෙන්න මම එය අගය කරනවා.  මෙම සංගමයක්, දෙකක් භාරගෙන එම සහාය ලබා දෙන්න කියා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 10ක් ලබා දී තිබෙනවා. ඒ අනුව සෑම පාසලකටම රුපියල් ලක්ෂය බැගින් හිමි වෙනවා. ඒ හැර වෙන කිසිඳු මුදලක් මේ සඳහා යොදවන්න එපා කියා මම ඉල්ලා සිටිනවා. මෙය ලක්ෂයට සීමා කරන්න. මෙය ආරම්භ කර වසරක් ගතවීමෙන් පසු කුමන පාසලද මෙම වැඩසටන සාර්ථකවම ක්‍රියාත්මක කර තිබෙන්නේ කියා සොයා බලනවා.

වැඩසටහන සාර්ථකවම ක්‍රියාත්මක කළ පාසලේ ශිෂ්‍යයන් 10 දෙනෙක්ට සහ විෂයභාර ගුරුවරයාට සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළ පිළිබඳ දින කිහිපයක අධ්‍යයනයක් කිරීමට සිංගප්පුරු සංචාරයක් ලබා දීමට කටයුතු කරනවා.

ඒ නිසයි මෙම මුදල ලක්ෂයට සීමා කරන ලෙස දැනුම් දුන්නේ. දුප්පත් ප්‍රදේශයක වුවත්, දියුණු ප්‍රදේශයක වුවත් එම වියදම ලක්ෂයට සීමා වෙනවා. ඒ වගේම දෙවන, තුන්වන ස්ථානවලටත් අවස්ථා ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මේ සමඟ නව ආර්ථිකය ගමට ගෙන යාම සිදු වෙනවා. ඒ වගේම මෙම අභියෝගය  ඔබට භාරදෙන්නේ 2048 දියුණු රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහි කොටසක් ලෙසයි. ඊට දායකවෙමින් මෙය සංවිධානය කළ සියලුදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම අද මෙම නුගවෙල විද්‍යලයට පැමිණෙන විට මට සිහිපත් වූ තවත් කරුණක් තිබෙනවා.  එදා මධ්‍ය විද්‍යාල සංකල්පය ඉදිරිපත් කර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එය සම්මත කර ගනු ලැබුවේ එවකට අධ්‍යාපන අමාත්‍ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමායි. එහි ප්‍රතිඵලයක් ලෙස හොරණ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයෙන් එතුමාව පරාජයට පත් කළා.

එය තමයි අධ්‍යාපන අමාත්‍යවරුන්ට මුහුණදීමට සිදුවන තත්ත්වය. ඒ වෙනුවට ඊළග ආණ්ඩුවේ ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයාව තෝරා පත් කරගත්තා. ඒ.ඩී. නුගවෙල මැතිතුමාව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කර ගනු ලැබුවා. එතුමා මෙම මධ්‍ය විද්‍යාල 50 නිර්මාණය කිරීමට දායක වුණා. මෙම නුගවෙල මධ්‍ය විද්‍යාලයට අමතරව තවත් පාසල් 49ක් ඇති කිරීම පිළිබඳව එතුමාට අප ස්තූතිවන්ත වෙනවා. එතුමා ඇති කළ පාසලකින්  මෙම නව වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා.

පාසල් සිසුන් අතර කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම් හා විනිමය කොමිෂන් සභාව හා කොළඹ කොටස් හුවමාරුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබිණි.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් එම්.එම්. රණසිංහ, සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජිව බණ්ඩාරනායක යන මහත්වරුන් අත්සන්තැබූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිකුරාදා  බත්තරමුල්ල බියපත් කළ ඝාතකයෙක් සිංගප්පූරුවට පැන ගොස් සිටියදී යළි ගෙන්වා ගෙන අත් අඩංගුවට ගනී!

Next Post

නිකිණි පොහොය දා බීමත් පිරිසක් පන්සලට පැන බෝධි පූජා පවත්මින් සිටි හිමි නමකටත් දායකයෙකුටත් පහර දීලා… දෙදෙනාම රෝහලේ

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.