සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර පෙරහරට පෙර පවත්වන අලි සායනය ගැන විශේෂඥ වෛද්‍ය දංගොල්ල කියන කතාව!

by editor
අගෝස්තු 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සටහන – ශ්‍රියානි විජේසිංහ –

නුවර පෙරහැර ආරම් වීමට පෙර පෙරහැරේ යන අලි ඇතුන් සිය දෙනෙකු පමණ දළදා මාළිගා පරිශ්‍රයේ රඳවා තබයි. මෙහිදී අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය විශේෂයෙන්ම පරික්ෂා කර බැලීමට හා ඔවුන්ගේ හැසිරීම් රටාව සොයා බැලීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර තිබේ. ලංකාසර මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල සමග කළ සංවාදයක් පහත පලවේ.

ප්‍රශ්නය- නුවර පෙරහැරට පැමිණෙන අලි ඇතුන්ව විශේෂ පරික්ෂාවකට ලක්කිරිමක් කරනවා නේද? ඒ  ඇයි? 

පිළිතුර – නුවර පෙරහැරට  දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අලි ඇතුන් 100ක් පමණ ගේනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරිමට පහසුම තැනක් මෙතැන. මොකද සියලුම දෙනා එකම ස්ථානයකදී හමුවන නිසා. මෙහිදී අපි සෑම සතෙක් ළඟටම ගොස් ඔවුන්ගේ හැසිරිම් රටාව පරික්ෂා කරනවා. මොකද වන සතෙක්  පෙරහැරේ ගමන් කරන්නේ හුදකලාව නෙමෙයි.  අනෙක් නැටුම් කණ්ඩායම් එක්ක. ඒ විතරක් නෙවෙයි, පෙරහැර බලන්න විශාල ජනකායක් එනවා. ඒ හැම කෙනෙකුගේම ආරක්ෂා වෙනුවෙන් අපි ඔවුන්ව පරික්ෂා කරනවා. 

ප්‍රශ්නය- මෙම පරික්ෂා කිරීමේදී පෙරහැරේ ගමන් කරන්න සුදුසු නැති අලි ඇතුන් හමුවෙනවාද?

පිළිතුර – අනිවාර්යයෙන්ම හමුවෙනවා. මේ සතුන් නුවරට ගේන්නේම පෙරහැරේ යන්න. නමුත් ජනතාවගේ ආරක්ෂාව ගැන අපිට දෙවතාවක් බලන්න වෙනවා. මදකිපුනු සතුන් හිටියොත් අපි පෙරහැරේ ගමන් කරන්න දෙන්නෙ නැහැ. උන්ව මාළිගා පරිශ්‍ර යේ ඈතට වෙන්න බැඳ තබනවා. ඒ වගේමයි වයස් ගතව ලෙඩ  වුනු අයෙක් හිටියොත් විශේෂයෙන්ම අපිට තේරුණොත් මේ සතාට පෙරහැරේ ගමන් කරන්න අපහසුයි කියලා අපි ඉවත් කරනවා.  තවත් අවස්ථාවන් වලදී අලියාට බඩ රිදෙන්න ගන්නවා. අලියා බඩ යටකරගෙන ඉන්නවා. ඈණුම් අරිනවා, බඩ පුම්බනවා, බඩ අකුලනවා, ඒ වගේ අලිත් පෙරහැරට යවන්නේ  නැහැ. ඒ හැරුණු කොට අනෙක් සියලුම අලි පෙරහැරේ ගමන් කරනවා. 

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ප්‍රශ්නය – මදකිපුණු සතුන්ව  හදුනා ගැනීමේ  විශේෂ ලක්ෂණ තියෙනවාද ?

පිළිතුර – මද කිපුණු අලි  සාමාන්‍ය යෙන් මද ග්‍රන්ථි රතු පැහැ වෙලා මද ගලන ස්භාවයක් පෙන්නවා. මුහුණෙන් තෙල් බේරෙන ගතියක් වගේම දැඟලිලි ස්භාවය තමයි දකින්න තියෙන ලක්ෂණය. නමුත් සමහර සතුන් මද කිපිලාද කියලා පේන්න ලක්ෂණ නැහැ.  ඒ සතුන් ළඟට ගියාම මදකිපුනු බව අඟවන සුවඳින් තමයි දැනගන්නේ මද කිපි ඇති බව. මෙය දක්ෂ පශු වෛද්‍යවරයෙකුට හැර වෙනත් කෙනෙකුට හොයා  ගන්න බැහැ. 

ප්‍රශ්නය – පෙරහැරට දින දෙකකට පෙර සිදුකරන සායනය කුමක්ද,

පිළිතුර – අපි මෙහිදී අලි ඇතුන්ගේ ක්ෂය රෝග තත්ත්වය සහ බරවා රෝග තත්ත්වය පිලිබඳව විශේෂයෙන්ම පරික්ෂා කරනවා.  රුධිර පරික්ෂාවන් සිදුකරනවා. ඒ වගේම පණු බෙහෙත් දීම විටමින් දීම වැනි දේවල් සිදුකරනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ සතුන්ට දෙන විටමින් සියල්ලම හේලිස් ආයතනයේ අනුග්‍රහයෙන් තමයි ලබා දෙන්නේ.

ප්‍රශ්නය – එක් සතෙක් වෙනුවෙන් කොපමණ මුදලක් වැයවෙනවාද?

පිළිතුර – එක් සතෙකුගේ පරික්ෂා කිරීමකට රුපියල් 7000ක පමණ මුදලක් වැය වෙනවා. අපි මේ සියලුම දේවල් කරන්නේ නොමිලේ. 

ප්‍රශ්නය – මේ සායනයට වෛද්‍යවරුන් කී දෙනෙක් සහභාගි වෙනවාද?

පිළිතුර –  විශේෂඥ පශු වෛද්‍යවරුන් 12ක් පමණ සහභාගි වෙනවා. වෛද්‍ය ශිෂ්‍යයින් 15ක් පමණ සහභාගි වෙනවා. අවශ්‍ය වුණොත් අපි තවත් කණ්ඩායම් සහභාගි කරවා ගන්නවා.

ප්‍රශ්නය – ඔබ කලින් සඳහන් කළා  ඇලි ඇතුන් සෑම එකෙක් ළඟටම ගිහිල්ලා ඔවුන්ගේ හැසිරිම් රටාව පිලිබඳව පරික්ෂා කරනවා කියලා. නමුත් ඇතැම් අවස්ථාවන්වලදී ඇතුන් ඇත්ගොව්වාටත් අවනත නොවන අවස්ථාවන් වාර්තා වෙනවා නේද?

පිළිතුර – ඒ ඇත්ගොව්වා අලියා සමඟ කුළු පගු ඇසුරක් නොපවතින අවස්ථාවන්වලදී. 

මොකද අලියා කියන්නේ වන සතෙක් . ඌත් එක්ක කුළුපග වෙන්න වසර දෙකක් තුනක් විතර යන්න වෙනවා. සමහර අත්ගොව්වන් කන්න කලින් අලියාට කන්න දෙනවා. සමරහ අයට ඔවුන් කන එකෙන් අලියා පොඩ්ඩක් දෙනවා. නිතරම ආදරයෙන් අතගානවා. ආදරයෙන් කථා කරනවා. එතකොට අලියාට දැනෙනවා ඇත්ගොව්වා ඌට ආදරේ බව. ඒ නිසාම කියනදේ අහනවා. 

නමුත් කුළු පගු නැති ඇත්ගෙව්වෙක් වුණොත් තමයි ගැටලුව මතුවෙන්නේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියබෙදුම ගම්මානයට වළස් ප්‍රහාරයක්… නිවස තුළට ඇවිත් පහර දීලා… 5කට තුවාලයි… 2කට අසාධ්‍යයයි…

Next Post

කෝකිලා රවීගෙන් කොන්දේසි විරහිතව සමාව ගනී…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.