නුවර නගර සීමාවේ වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම ලබන 14 දා තෙක් කල් දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ පැවසීය.
අධ්‍යාපන, සෞඛ්‍ය බලධාරීන් හා පොලිසිය එක්ව මීට ස්වල්ප වෙලාවකට පෙර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී මෙම තීන්දුව ගෙන තිබේ.
ඇතිවෙමින් තිබෙන තත්වය මත ලබන 14 වැනිදා පාසල් විවෘත කරනවා ද නැද්ද යන්න තීන්දු කිරීමට ලබන 14 වැනිදා යළිත් රජයේ ප්‍රධාන පාර්ශව රැස් වී සකච්ඡා කිරීමට තීන්දු වී තිබේ.







