සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට සල්ලි පොම්ප කරන ලොකුම නළයකින් කෝටි සිය ගණනක් කාන්දු වුණු හැටි හෙළිවෙයි

by Lanka Sara Editor
දෙසැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • රේගුවේ නොසැලකිල්ලෙන් ෆාම් ඔයිල් සමාගම් තුනකින් කෝටි 613ක් අහිමි වෙලා

  • මිලියන 56ක් ගන්න ඕන මෝටර් රථයක බද්ද මිලියන 1.5යි

  • බෙහෙත් කියා ගෙන්වු සුවඳ විලවුන්වලින් කෝටි හතරක වංචාවක්

මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් හරහා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව ඊයේ (03) පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාල පරිච්ඡේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක (HS Code) යටතේ නිෂ්කාෂණය නොකිරීමෙන් මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුමකින් හෙළිදරවි කර තිබේ.

මෙම වසර ත්‍රිත්වය සඳහා අදාළ සමාගමිවලින් රජයට පාඩු වූ මුදල් අයකරගැනීම සඳහා විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයාමට මුදල් අමාත්‍යංශ ලේකම් එස් .ආර් .ආටිගල මහතා කටයුතු කර තිබුණද ශ්‍රී ලංකා රේගුව කඩිනමින් ඒ සම්බන්ධව පියවර ගත යුතු බවට කාරක සභාව නියෝග කළ අවස්ථාවේදී රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා ඒ සමිබන්ධව සිය එකඟත්වය පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ ගිණුම් කාරක සභාව හමුවට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් පැමිණි සිටි අතර ඊට අමතරව මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීහුද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ද සහභාගී වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී අවධානයට ගැනුණු තවත් කරුණක් වූයේ 2013 වසරේ සිට ආනයනකරුවන් විසින් විශේෂිත කාර්යයන් සඳහා ආනයනය කළ වාහන , ද්විත්ව කාර්ය වාහන (Dual purpose) ලෙස ලියාපදිංචි කිරීම නිසා බදු වශයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 220 ක් රජයට අහිමිවී තිබීමය. ඊට අමතරව, 2010-2019 දක්වා කාලයෙහි විශේෂිත වෑන් රථ 443 ක් සඳහා මිලියන 3 බැගින් බදු නියම කර අවම වශයෙන් රු.මි. 1300 ක මුදලක් රජයට අයකර ගත හැකිව තිබූ බවද මෙහිදී අනාවරණය විණී.

එමෙන්ම 2010 සිට 2014 දක්වා , වෑන් 10 ක් සහ ලොරි 414 ක් විශේෂිත කාර්යය වාහන ලෙස ආනයනයෙන් තවත් විශාල රේගු බදු අක්‍රමිකතාවක් සිදුව ඇති බව විගණනයෙන් පෙන්වා දී තිබූ කරුණුද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

තවද රු.මි. 9 කට ආසන්න වටිනාකමකින් යුතු සුඛෝප‍භෝගී මෝටර් රථයක් විශේෂ කාර්ය වාහන කාණ්ඩය යටතේ රු.මි. 1.5 ක බද්දක් පමණක් අය කරගනිමින් ශ්‍රී ලංකා රේගුව විසින් මුදවා හැරීමද කමිටුවේ අවධානයට ලක්විය. එම රථය අදාළ ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාෂණයට කටයුතු යෙදවූයේ නම්, රජයට අයවිය යුතු බද්ද රු. මි. 56 කට ආසන්න වේ. මෙම සියලු නිරීක්ෂණ පෙන්වා දීමෙන් අනතුරුව, මුදල් අමාත්‍යංශ ලේකම් එස් .ආර් ආටිගල මහතාගේ ද එකඟත්වයෙන්, රේගුව සහ මෝටර්රථ දෙපාර්තමේන්තුව අතර සාකච්ඡාවකින් පසුව කඩිනම් ස්වයංක්‍රීය පරිගණක සැසඳුමි පද්ධතියක් පවත්වාගෙන යාමට මීට පෙර අවස්ථාවකදී රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශය සමිබන්ධව කඩිනමින් පියවර ගැනීමට යෝජනා කෙරිණි.

ඒ සඳහා පනත් සංශෝධනයක් අවශ්‍ය වන්නේ නම් ඊට නීති සම්පාදනයෙන් මැදිහත්වීමට ගිණුම් කාරක සභාවේ සභික මන්ත්‍රීවරයන්ගේ සහයෝගයද පළ විය.

ආනයන සහ අපනයන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා රේගුවේ ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම සහ පරිපාලනයේ හිඩැස් නිසා එකම ආනයනකරුවකු විසින් අවස්ථා හයකදී රු.39,335,091 වටිනා සුවඳ විලවුන් අඩංගු බහාලුම් හයක් බටහිර ඖෂධ ලෙස ප්‍රකාශ කර වංචා සහගතව නිදහස් කරගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් 40,761,600ක අහිමිවීම සහ එම වංචාවට සම්බන්ධ වූ නිලධාරීන්ට ප්‍රමාණවත් දඬුවම් ලබාදීමටද කටයුතු නොකිරීමද මෙහිදී අනාවරණය විණි.

2019 වසරේ ශ්‍රී ලංකාවේ ආදායමෙන් 32.48%ක ප්‍රතිශතයක් එකතු කරන රේගුවේ කාර්ය මණ්ඩලය සිය පැමිණීම- පිටවීම සටහන් කෙරෙන ඇඟිලි සලකුණු යන්ත්‍ර සදහා විරුද්ධත්වය දැක්වීම, අභ්‍යන්තර පාලන දුර්වලතා, දෙපාර්තමේන්තු නීති අංශය සඳහා නීතිවේදියෙකු සහ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයකු බදවාගැනීම ආදී ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී කාරක සභා සභිකයන්ගේ අවධානයට ලක්වූ අතර සමස්ත විගණන විමසුම් සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරු සමග රේගු නිලධාරීන් තවත් දෙමසකට පසු කාරක සභාවට කැදවීමටද මෙහිදී තීරණය විය.

එම රැස්වීමට කෝපා කමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර , ශෙහාන් සේමසිංහ ,ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ද ,මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක ,අශෝක අබේසිංහ , මහාචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය හරිනි අමරසූරිය , වෛද්‍ය උපුල් ගලප්පත්ති ,එස්.ශ්‍රිධරන්, නිරෝෂන් පෙරේරා , ගාමිණී වලේබොඩ , ගුණපාල රත්නසේකර සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර රෝහලේ අක්ෂි ඒකකයත් වැසෙයි

Next Post

නුවර පාසල් විවෘත කිරීම කල් යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.